ඇඟලුම් බසය ඉවුරක ගැටීමෙන් 23ක් රෝහලේ | සිළුමිණ

ඇඟලුම් බසය ඉවුරක ගැටීමෙන් 23ක් රෝහලේ

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ සිට බලන්ගොඩ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ ඇති ඇගලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කල බස්රථ රථයක් අද(08) පෙරවරුවේ මාර්ගයයෙන් ඉවතට ධාවන වී ඉවුරක ගැටීමෙන් සිදු වු අනතුරකින් එහි ගමන්කල ඇගලුම් සේවකයින් විසිතුන්දෙනෙක් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කල බව ⁣පොලිසිය පවසයි.බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවන් 19 දෙදෙනෙක් සහ සේවකයින් හතර දෙනෙක් බව පොලිසිය පවසයි.එම සේවකයින්ගේ වැඩි පිරිසකගේ මුඛ ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බව බලන්ගොඩ රෝහල් පොලිසියේ ස්ථානාධිපති (42907) බි.මිල්ටන් මහතා පැවැසීය.බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලික පොලිස් පරික්ෂණයේදි අණාවරණය කරගෙන තිබේ.සිද්ධිය සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඩි.එන්.එල්.සේනානායක මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Comments