
කාලය ගෙවී යයි වෙනදා විලසටම
අවුරුදු ළඟයි දැන් දින දසුනට අනුව
ඇයි දැයි නොදැනෙන්නේ එය පෙරදා ලෙසට
මින් රැස මේෂ රැස දැන් අමනාපයිද?
දොම්නස පමණි තුඩ තුඩ පිළිරැව් දෙන්නේ?
කොවුලා දිරපු අතු අග සිට කොඳුරන්නේ
එරබදු ගසේ මල් නොව පතකුදු නැත්තේ
මින් කැල ඉරිතළපු පොළොවේ දඟලන්නේ
මහ කළු ගල් කඩා දමනා මිනිසුන්ට
තුරු පණ නල නසා දමනා මිනිසුන්ට
මනුගුණ දහම් නොම දන්නා මිනිසුන්ට
නව හිරි උදා වෙමින් ඔවුනට ඵල කිම්ද?
එනමුදු තුරු කැලට අදරැති මිනිසුන්ට
ගුණ දම් රකින හිත්පිත් ඇති මිනිසුන්ට
සොබා දහම පෙම් බඳිනා මිනිසුන්ට
පතනෙමි සුබ වන්න මේ නව අවුරුද්ද
ආර්.පී. එරන්දි පමුදිතා පතිරණ
13 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය,
කුලියාපිටිය.