
අපි අවුරුදු නිවාඩුව එනතුරු බලා සිටියේ හරිම ආශාවෙනි. අපේ අම්මලා ආච්චිලා එක්වී අවුරුදු වෙනුවෙන් කැවිලි සෑදුවේ පසුගිය සතියේය. අපේ ගෙදර පමණක් නොවේ මුළු ගමම මේ කාලයට කැවිලි සුවඳින් පිරී යයි. අම්මලා කැවුම් හදද්දී අපත් ඒ ළඟට වී බලා සිටින්නේ කැවුම් වඩන්න අපටත් දෙනතුරුයි. තෙල් ගාගත් කෙසෙල් කොළ කෑල්ලකට අමු කැවුම් පිටි ගුලියක් දමා මං කැවුම් බබෙක් හැදුවා.
ඉරටුවකින් කට හා ඇස් දෙක ලකුණු කළ කැවුම් බබා තෙල් තාච්චියේ නටද්දී මාත් නංගිත් බලා සිටියේ හරිම සතුටින්.
බිනුලි ඩිහන්සා අබේකෝන්
6 ශ්‍රේණිය ‘බී‘,
සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය,
මාතලේ.