
වෙලාව උදෑසන නවයට පමණය. සිවු දෙසින්ම අඳුර වැටේ. ගමේ එක් ගෙදරක පමණක් ගුවන් විදුලි යන්ත්‍රයක හඬ ඇසේ. ඉන් කියැවුණේ තව සුළු මොහොතකින් සුනාමියක් පැමිණෙන බවය. ඒ ඇසූ මිනිස්සු කලබලවී දුවන්නට වූහ. අපි ගමේ තිබූ පන්සලට දිව ගියෙමු. එවිටත් පන්සලේ බොහෝ මිනිස්සු රැස්වී සිටියෝය.
මහා හයියෙන් සැඬ සුළඟක් හැමුවේය. සතර වටින්ම මුහුදු රළ ගලා ආවේය. බේරීමට නොහැකිවූ බොහෝ දෙනා රළ පහරේ ගසාගෙන ගියෝය.
මුහුදේ තිබූ අපද්‍රව්‍ය සමඟ ආ කළු ගලක් රේල් පාර උඩ නැවතී තිබුණි. එවෙලේ මාතර සිට පැමිණි දුම්රියක් පෙරළී වතුරට යට විය. ටික වේලාවකින් වතුර බැස ගියේය. කෑමක් බීමක් නැතිව අප බලා සිටියේ කවුරුන් හෝ අප පිහිටට එනතෙක්ය.
ගම එකම සුන්බුන් ගොඩකි. හැම තැනම මුහුද වැනිය. අපි කුසගින්නේ නිවෙස කරා පැමිණියෙමු. නිවෙස කසළ ගොඩක් මෙනි. වහල කැඩිලාය. ගේ ඇතුළේ සිට අපි හූල්ලමින් බලා සිටියෙමු. යළිත් ගොරවමින් වැස්සක් එන හඬ ඇසේ. බිඳුණු වහලයෙන් වැටුණු දිය බිඳු මගේ මුහුණට වැටෙද්දී මා තිගැස්සී ගියේ අප යළි අතරමං වේදෝය යන සිතිවිල්ලත් සමඟ ය.
එහෙත්, ඒ සුනාමිය සැබෑවක් නොව මා සිහිනයෙන් දුටුවකි. ඒ වෙද්දීත් පළාතම අඳුරු කරමින් වැසි වැටෙමින් තිබිණ.
කේ.පී.ඩබ්. විපුලි විදුමිණි
7 ශ්‍රේණිය ‘බී’,
ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලය,
අම්බලන්ගොඩ.