
“මා ඔබට ලැදි ද.?”
යම් කිසි ඇරඹුමක දී, හට ගැනීමක දී ඒ හා සමීපව ගිලිහීමත් යා වෙනවා. වෙනස්වීම සම්මතයක් වුවත් ඒ වෙනස් වීම්වලට එරෙහිව බොහෝ දේ එලෙසින් ම වැඩෙනවා. මෙය නම් මට බාධාවක් යැයි කිව නොහැකි සියුම් බාධාවන් හමුවේ වුවත් සුළඟ හමා යන්නේ නිදහස්ව. ඒ වෙනස්වීම්වලට හැකි ද සුළඟ නවතාලන්න.?
මේ සුළඟ එක්ක ම ඔහු නිදහසේ සැරිසරන්න ට පටන් ගන්නා නිසා දෙදෙනාගේ මේ රටා වියමන සරළ නොවේවි. සැහැල්ලුවත් සමගින් බොහෝ දෙනෙකුගේ පැතුම්වල බලාපොරොත්තුව විය හැකි වීමත් හිමි වීමක්. දිගු දුරක් ගෙවා දැමූ ගමනක විරාමයක් සොයන්නයි මේ සැරසුම. ඒ හිදැස පුරවන්නට මිහිකත බලා හිඳිනවා. අන් කිසිම දිනක ඒ උණුසුම නොවිඳි ලෙසකින්. සුපුරුදු උණූසුමේ නොවුනත් ඔහු නතර වී අවසන්. වාරුවකට වේදනාව කාන්දු කරමින් විසල් අතු පතර නතර වෙලා.
එසේ නැවතුණු ගිමන් හල වෙනත් අයෙකුට විමතියක්, වියවුලක්, තැවුලක් දනවන්නේ නම් ඒ නවාතැනෙහි ඇති සැනසුම අරුමයක් නොවෙයි ද.? තවත් හෝරාවකට මත්තෙන් යළි ඉගිල යා නොහැකි ඉසව්වක නතර වී හෙමින් මුමුණා අසනවා, “මා ඔබට ලැදි ද.?”
නැගී කවුළුවෙන් බලා - පා මද සිනහවක්සේ
ද සළු පත් දරා - නෙක සියපත් මතින්ග
ආවෙලු ඒ සුවඳ - රස මවාවි මා හද
වදනින් අහුරකට බලන්න....
මේ අරුම සුළඟ - පා කරන්නේ අපවමයි
ඇයි ද මේ සුළඟ - ඉගිල යා නොව බිමම රැඳි අප
සුළඟ නම්.....
අර බලන්න - පොපියන සතුටින්බි
ඳුණු වියමන මතින් - පැටලී අර විසල් තුරෙහි
අතු පතර අතර මේ අහන්න...
උණූහුමට ලැදිව රැකෙති උනුන්
- චමත්ක