දෑස් නොපෙනෙන හරීන්ගේ ඇඟිලි තුඩේ බලේ | Page 2 | සිළුමිණ

දෑස් නොපෙනෙන හරීන්ගේ ඇඟිලි තුඩේ බලේ

දෑස් නොපෙ­නීම ජීවි­තය හැර­යැ­මට ‍හෝ ජීවි­තය ගැන කල­කි­රී­මට, ජීවි­තය අත්හැ­රී­මට කිසි­සේත් හේතු­වක් නොවේ. අපට ඒ බව කියා දෙ‍න්නේ හරින් නමින් කවු­රුත් හඳු­න්වන දෑස් නොපෙ­නෙන තරු­ණ­යෙකි. සුළු ආබා­ධ­යක් ඇති විට අනුන්ට අතපා ජීව­ත්වන මිනි­සුන් සිටින සමා­ජ­යක මේ තරු­ණයා කාටත් ආද­ර්ශ­යකි.

ඔහු නමින් වේලු­සාමි රවි­ච­න්ද්‍රන්ය. නමුදු කවු­රුත් ඔහු හඳු­න්වන්නේ විශේ­ෂ­යෙන්ම බොර­ලැ­ස්ග­මුවේ පිහිටි ශරීර සුවතා මංතී­රුවේ ප්‍රසි­ද්ධව සිටින්නේ ‘හරීන්’ නමිනි.

හරීන් මීට අම­ත­රව, මහ­ර­ගම, නුගේ­ගොඩ, පිළි­ය­න්දල ඇතුළු කොළඹ නග­රය අවට ප්‍රදේ­ශ­වල ප්‍රසිද්ධ වෙද මහ­තෙකි.

බදුල්ල නග­රය ආශ්‍රි­තව ජීවත් වූ හරීන් පිරිමි ළමයි සිව් දෙනෙ­කු­ගෙන් යුත් පවු­ලක දරු­වෙකි. පාසල් අධ්‍යා­ප­නය ඉතා උසස් මට්ට­ම­කින් අව­සන් කළ ඔහු 34 වියැ­තිය. උසස් පෙළ වාණිජ අංශ­යෙන් අධ්‍යා­ප­නය හැදෑරු ඔහු අකුරු කළේ බදුල්ල සර­ස්වතී විද්‍යා­ල­යේය. නමුත් හරීන්ගේ ජීවි­තය කණ­පිට හැරෙන්නේ ඔහුගේ දෑස් නොපෙ­නී­මත් සම­ඟය. ඇතැ­මුන් උප­තින් අන්ධ වුව ද රවි­ච­න්ද්‍රන් අන්ධ­භා­ව­යට පත් වන්නේ නොසිතූ රෝග­යක් හේතු­වෙනි. එතැන් පටන් ඔහුට සිදු වන්නේ දෛවයේ සර­දම සමඟ සටන් කර­න්න­ටය. දෑස සුව­පත් කර ගැනීම සඳහා හරින්ගේ පවුලේ උද­විය විශාල උත්සා­හ­යක් දැරු­වද ඉන් ඵලක් නොවූ බැවින් හරීන් අන්ධ­කා­රය තම මිතුරා බවට පත් කර ගත්තේය.

හරින් දෑස් නොපෙ­නෙ­න්නට පටන් ගෙන දැන් වසර අටකි. නමුදු ඔහු සිය­ල්ලට හුරු වීමට පටන් ගත්තේය. දෑස් නොපෙ­නීම අම­තක කළ ඔහු මේ වන විට සාමාන්‍ය පුද්ග­ල­යෙකු ලෙස එදි­නෙදා තමන්ගේ වැඩ කට­යුතු සිදු කර ගන්නට හුරු වී සිටී. ඔහු කලක් කර­ගෙන ආ ගුරු වෘත්ති­යට සමු­දෙ­මින් වෙනත්ම වෘත්ති­යක් තෝරා ගන්නට සිතු­වේය. තම චිත්ත ශක්තිය හොඳින් වර්ධ­නය කර ගත් ඔහු කෙසේ හෝ ජීවිත ගමන ජය­ග්‍ර­හ­ණය කිරී­මට අධි­ෂ්ඨාන කර ගත්තේය.

තමන් දන්නා කියන කිහිප දෙනෙ­කු­ගෙම උදව් උප­කාර ලබා­ගෙන සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ දෘශ්‍යා­බා­ධිත පුද්ග­ල­යන් යටතේ විධි­මත් පුහු­ණු­වක් ආරම්භ කළේය. මෙහිදී හරින් ජපා­න­යට ආවේ­ණික ‘ශියට්සු’ නම් චිකිත්සා ක්‍රමය මනාව ප්‍රගුණ කළ අතර අනෙක් ශිෂ්‍ය­යන්ට වඩා ඒ සඳහා සුවි­ශේෂි දක්ෂ­තා­ව­යක් දැක්වූ බව ඔහුගේ ගුරු­ව­රයා පැව­සීය.

මෙම ක්‍රමය අප රටේ ප්‍රච­ලි­තව ඇත්තේ ඇඟිලි තුඩු තෙර­පීම් චිකි­ත්සාව නමිනි. ලෝකයේ රට­වල් රැස­කම චිකිත්සා ක්‍රම මගින් රෝග සුව කරන අතර ජපා­න­යට ආවේ­ණි­කව ‘ශියට්සු’ ක්‍රමය ඉත‍ා කෙටි කල­කින් වඩා‍ත් ප්‍රති­ඵල ගෙන දෙන චිකිත්සා ක්‍රම­යක් වශ­යෙන් හැඳින්වේ. ශියට්සු ක්‍රමය සඳහා ජපා­නය යොදා ගන්නේ අන්ධ පුද්ග­ල­යන් වීම විශේ­ෂ­ත්ව­යකි. විශේ­ෂ­යෙන් ම ඇඟිලි තුඩු මගින් සිදු කරන තෙර­පුම ඉතා සාර්ථ­කව සිදු කළ හැක්කේ අන්ධ පුද්ග­ල­යන්ට බව මෙම ක්‍රමය පිළි­බ­ඳව ලියවී ඇති පොත්ප­ත්වල සඳ­හන්ය.

ඇඟිලි තුඩු­ව­ලින් නිසි ආකා­රව අදාළ මාංශ පේෂී මෙන්ම නිල ඇල්ලීම ඉතා සංවේ­දීව සිදු කළ යුතු බවත් එය සඳහා සුදු­සුම පුද්ග­ල­යන් වන්නේ අන්ධ පුද්ග­ල­යන් බවත් කියැවේ. හරීන්ගේ ප්‍රති­කාර ස්ථාන­යට විවිධ තරා­ති­රමේ පුද්ග­ලයෝ නිර­න්ත­ර­යෙන් ප්‍රති­කාර සඳහා පැමි­ණෙති. හරින් විසින් කර­ගෙන යනු ලබන තෙරපි ක්‍රමයේ සාර්ථ­ක­ත්වය තහ­වුරු කරන්නේ ඔහු­ගෙන් ප්‍රති­කාර ලබා ගත් පුද්ග­ල­යන්ය.

සංවේ­දීව ස්පර්ශ කර­මින් නිල සොයා ගැනීමේ විශේෂ හැකි­යා­වක් අන්ධ පුද්ග­යන්ට ඇති බව පර්යේ­ෂ­ණ­යන් කිහිප දෙනෙකු සිදු කළ පර්යේ­ෂ­ණ­ව­ලින් හෙළි වී තිබේ.

“මේ නිල තෙර­පුම් ක්‍රම­යෙන් බොහෝ රෝග­ව­ලට සුවය ලැබෙ­නවා. ශීර්ෂ සත්කා­රය මා කරන පළමු වැන්නයි. ඒ යටතේ හිස­රුදා, ඉරු­වා­දය, නින්ද නොයාම, අපැ­හැ­දිලි දෘෂ්ටිය යනා­දි­යට සුව­යක් ලැබෙ­නවා. ගෙල සහ උර­හිස සත්කා­රය මඟින් ගෙලෙහි වේද­නාව, උර­හි­සෙන් වේද­නවා, සහ මාංශ පේශි තද වීම වැනි අප­හ­සුතා තුරන් කෙරෙ­නවා.” හරීන් පව­සයි.

අත සහ අත්ල සත්කා­රය මඟින් අත් හිරි­වැ­ටීම, ඇඟිලි තුඩු වේද­නාව ආදි­යට ප්‍රති­කාර ලබා දෙයි. කොන්ද සහ ඉන් පහළ කොටස් සත්කා­රය මඟින් කොන්දේ වේද­නාව හා තුන­ටිය අමා­රු­වට සහ­න­යක් සැලසේ.

සම්පූර්ණ සිරුරු සත්කා­රය - විශාල වූ උද­රය අඩු වීමට, මාංශ­පේශි ලිහිල් කිරීම, රුධිර‍ය, ස්නායු පද්ධ­ති­යෙහි ක්‍රියා­කා­රි­ත්වය විධි­ම­ත්වී­මට අධික බර අඩු කිරී­මට මේ යටතේ සත්කාර කරනු ලබයි.

“දැනට මා මෙම තෙර­පුම් සත්කාර ක්‍රම කිහි­ප­ය­කින් කර­නවා. බොහෝ පුද්ග­ල­යින් පෞද්ග­ලි­කව මා නිවෙස් වෙත ගෙන්වා ගෙන ප්‍රති­කාර සිදු කර­ග­න්නවා. මුද­ලට එහා ගිය දෙයක් මා ඔවුන් වෙනු­වෙන් සිදු කර­නවා යැයි” හරින් පව­ස­න්නේය.

හරින් තම කාර්යා­ලය පව­ත්වා­ගෙන යනු ලබන්නේ බෙල්ල­න්විල ශරීර සුවතා මං තීරු­වේය.

“මම මේ ප්‍රති­කාර ක්‍රමය බොහෝම ආසා­වෙන් දැඩි කැප­වී­ම­කින් තමයි සිදු කරන්නේ. මේ මගින් මට මගේ මන­සට විශාල සහ­න­යක් ලැබෙ­නවා. බොහෝ දෙනා මට පිං ලබා­දෙ­නවා. ඔවුන්ට ප්‍රති­කාර ලබා දීමෙන් පසුව. මේ සඳහා මං අය කරන්නේ පොඩි මුද­ලක්. එ්ත් සම­හර අය මට ගොඩක් මුදල් දී යනවා.

ගොඩක් අය හිතා­ගෙන ඉන්නේ අන්ධ උනාම එහෙ­මත් නැත්නම් තමන්ට යම් ආබා­ධිත තත්ව­යක් ඇත්නම් එය ගැට­ලු­වක් අස­ර­ණ­ක­මක් කියලා සිත­නවා. කවු­රුත් එහෙම හිතන්න හොඳ නැහැ. අපි අස­ර­ණයි කියලා කිසිම වෙලා­වක කවු­රුත් සිතිය යුතු නැහැ. හැම කෙනා­ටම තමන්ට ආවේ­ණික වූ දක්ෂ­තා­වක් තිබෙ­නවා. ඒ දක්ෂ­තාව සොය‍ා ගත යුතුයි. ඒ ගැන මම අත්දැ­කී­මෙන් දන්නවා.” හරීන් පව­ස­න්නේය.

හරින් හමු­වී­මට ගිය ගම­නේදී අපට ඔහු­ගෙන් ප්‍රති­කාර ගැනී­මට පැමිණ සිටි ටෙනි­සන් ගුණ­ති­ලක මහතා මුණ­ගැ­සිණි.

“මගේ ශරී­රයේ දිගින් දිග­ටම වේද­නා­කාරි තත්ත්ව­යක් තිබුණා. නමුත් මේ ප්‍රති­කාර ක්‍රමය ආරම්භ කළ පසු මගේ ඒ වේද­නා­කාරි තත්ත්වය අඩු වුණා. මගේ සිරු­රට දැන් හොඳ සහ­න­යක් ලැබෙ­නවා.” ටෙනි­සන් මහතා පැව­සීය.

කටු­වා­වල දීපාල් මාක­ලන්ද මෙතැ­නට පැමි­ණියේ දණ­හි­ස්වල සහ කොන්දේ දැඩි වේද­නා­කාරී තත්ත්වය හේතු­වෙනි.

“මේ වේද­නා­වට මං විවිධ ප්‍රති­කාර කෙරුවා. මේ සම්භා­හන ක්‍රමය පටන් ගත් පසු එම වේද­නාව සම්පූ­ර්ණ­යෙන්ම සුවයි.”

ජීවි­තයේ හැල­හැ­ප්පී­ම්ව­ලදී පසු­බට නොවී තමන්ට කළ හැකි කාර්යක් තෝරා ගත් මේ තරු­ණයා අනු­න්ටත් සහ­න­යක් දෙමින් තවත් කෙන­කුට බරක් නොවී දිවි ගෙවීම කාටත් ආද­ර්ශ­යකි.

භක්ති මෙන්ඩිස්

Comments