පතොක් මල් පිපිලා | සිළුමිණ

පතොක් මල් පිපිලා

තැවුල් සළුව ලිහා දමන්න...

ඔවු­නො­වුන්ගේ ජීවිත රිද්මය එකි­නෙ­කට වෙනස් වූවක්. ඒ වෙනස් වූ රිද්ම­යන් ඔස්සේ ඔවුන්ගේ පා පිය­වර තබ­නවා. ඒ කෙසේ වුවත් අව­සන ඉතිරි වන්නේ ගැල­පීම් රැසක් මැදින් සම­හර අග්‍ර­යන්ගේ වූ සිදු­වී­ම්ව­ලින් උප­දිනා නොගැ­ල­පීම් පම­ණයි.

ඇය හුද­කලා දැහැ­නක නිම­ග්නයි. ඒ හුද­කලා සැරිය මත්තෙහි කවර වූ න්‍යායක් වෙයි ද.? සිය දිවිය හා යා වෙන්නා වූ සියලු දෙයක් ම, සියලු බැඳී­මක් ම හුදෙක් සිති­වි­ල්ලක් පම­ණක් ම බව විම­සන්නී ය. එහෙත් මේ හැම හැඟී­මක්, භාව­මය සිත්ත­මක් යට­පත් කළ හැකි වේවි ද.? තමන් පිට­ස්තර වූ බවක් ඈතින් ඈතට පා ඔස­වන බවත් දැනීම අරු­ම­යක් ද.? එවන් ආග­න්තුක වූ හැඟ­මක් අසල බොහෝ දෙනෙකු වියරු වූ සේ ඔබ මොබ දිව යනු ඇති. එහෙත් ඒ පසු­පස සංවේ­ද­නා­වන් රැඳෙ­නුයේ ඒ හා යාවී ආ ගැටු­මින් උපන් සෞන්ද­ර්යා­ත්මක නිමේ­ෂ­යක් නිසා නොවෙයි ද.? ඒ බොහෝ දේ නිර­න්ත­ර­යෙන් හිමි වූවත්, එක්වර බොහෝ දේ නොලැ­බෙනු ඇති.

“ ඔබ වස­න්තය සොයා­ගෙන මෙත­රම් දුරක් ආවා ද.? ” ඇය විශ්මය මුහුණ පුරාම තව­රා­ගෙන.

“ වස­න්තය ඔබ අසල බව මට කිව්වේ ගිම්හා­න­යයි. ”

“ ගිම්හා­න­යට තවත් වැර­දී­මක්, මා අස­ලක වත් වස­න්තය නැහැ. ”

මලා­නික ඒ දෙනෙත් ක්ෂිතිජ ඉම සොයා­ගෙන අල­සව පියා­ඹ­නවා. ඇරත් “ගිම්හා­නය” කියා මුමු­ණ­ද්දීත් විප්‍ර­යෝ­ගයේ සෙව­නැළි අවදි වෙන බව ඇය දන්නවා.

“ ඒත්... ඒත්... ඔබ නේද.? වස­න්තයේ සළුව වියන්නේ...?”

වරෙක වස­න්තයේ පූදිනු දකි­න්නට සිත අය­දින නිසා තව­මත් මල් මිණි නොපි­පි­දුණු මල් කිනිති අහු­රක් ගෙන සිට වූ අයුරු ඇයට මත­කයි.

“ ඔබ යන්න. විසු­රුණු තැවුල් එක් කර වියූ ඒ සළුව ලිහා දමන්න.”

දිරූ සළු බැඳ පට­ල­වමි
ගැයූ ගීයක පද යවමි
දැණුනු රිදු­මන් ගෙන හිත කිති කවමි
මහද නැගෙන සොමි සිසිල විඳිමි

- චමත්ක

Comments