හැම තිස්සෙම අනිත් කෙනාගේ වැර­දියි අඩු­පා­ඩුයි බලන්න එපා | Page 2 | සිළුමිණ

හැම තිස්සෙම අනිත් කෙනාගේ වැර­දියි අඩු­පා­ඩුයි බලන්න එපා

ඇය බ්‍රයන් සමඟ කලහ කර ගන්නේ නිළිය වික්ෂිප්ත කර­ව­මිනි. ඉනි­ක්බිති ඇයට සිදු­ වන්නේ තමාට වඩා සිය දහස් ගුණ­ය­කින් විශිෂ්ට රංග­න­යක් ඉදි­රි­පත් කරන ආධු­නික නළු නිළි යුවළ දෙස කට ඇර­ගෙන බලා ඉන්න­ටය. ඒ මත­කය අමා­ලිගේ මුවග සිනා­වක් නංවයි. වේවැල අබි­යස සිනා­සෙන යුව­තිය සිරි­මා­න්නගේ නොරි­ස්සු­මට කෝපය මුසු කරයි.

වේවැල් පහ­රක සැර ද රසය ද ඇය ඕන­ත­රම් විඳ තිබේ. විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ දිය­ණිය ලෙස මේ කුඩා පාස­ලේදී ලත් වර­ප්‍ර­සාද සියල්ල නග­රයේ පාස­ලේදී අහිමි වූ බැවින් අමාලි දින­ප­තාම පාහේ දඬු­වම් ලැබු­වාය. මව ‍හෝ පියා කැටිව එන්නැයි අණ කළ විට ඇය පිහිට පතන්නේ බ්‍රයන් වෙතිනි. ඇයට මවක සොයා දීමට ඔහුට වැඩි වෙහෙ­සක්ද වැඩි මුද­ලක්ද දර­න්නට සිදු නොවෙයි. ඔහු සපයා දුන් මවගේ ජේත්තු­කාර විලා­සය දුටු අමාලි පුදු­ම­යට පත්වූ­වාය. තමාගේ සැබෑ මවගේ අහිං­ස­ක­ත්වය හා චාම් සරල බව සිහි කළාය. බොහෝ­විට සිදු වූයේ පැය­කට දෙක­කට ඇගේ මවගේ භූමි­කාව රඟ­ද­ක්ව­න්නිය ඇගේ මිතුරා සමඟ බහි­න්බස් වීමය.

“තව කීයක් හරි දෙන්න පුංචි මහ­ත්තයා...” යි ඇය පින්සෙණ්ඩු වන කල බ්‍රයන් කෝප­යට පත්වෙයි.

“ඔය ඇති.. ඔය ඇති... අයියෝ ඔයා ඇණ­යක්නෙ ආන්ටි...”

“දැං ඔහොම කතා කරන්න එපා පුංචි මහ­ත්තයා... ඊයෙ කොහො­මද කතා කෙරුවෙ... මට වැන්දෙ නැති ටික විත­රයි. ඉල්ලන ඕන ගාණක් දෙන්නම් කීවා නේද?”

අමාලි මේ වාද­යට මැදි­හත් වන්නේ මිතු­රාට ඉඟි කිරී­මෙන් අන­තු­රු­වය.

“ඒක තමයි පොරො­න්දු­වක් වුණා නං බෙල්ල කඩා­ගෙන හරි ඉෂ්ට කරන්න එපායැ... ඔයා මහ බොරු­කා­ර­යෙක්නෙ.”

“මොකක්ද බොරුව...? මං කිව්ව බොරු­වක් නෑ...”

ඇය බ්‍රයන් සමඟ කලහ කර ගන්නේ නිළිය වික්ෂිප්ත කර­ව­මිනි. ඉනි­ක්බිති ඇයට සිදු­වන්නේ තමාට වඩා සිය දහස් ගුණ­ය­කින් විශිෂ්ට රංග­න­යක් ඉදි­රි­පත් කරන ආධු­නික නළු නිළි යුවළ දෙස කට ඇර­ගෙන බලා ඉන්න­ටය.

ඒ මත­කය අමා­ලිගේ මුවඟ සිනා­වක් නංවයි. වේවැල අබි­යස සිනා­සෙන යුව­තිය සිරි­මා­න්නගේ නොරි­ස්සු­මට කෝපය මුසු කරයි.

“එක වැරැ­ද්ද­කට දඬු­ව­මක් දෙන්නෙ නෑ කියන්නෙ තව වැරදි දහ­යක් කරන්න උල්ප­න්දම් දෙනවා කියන එකයි...”

“දැං මොකක්ද මං කරපු වැරැද්ද...?”

ඇය බියෙන් තොරව කෝප­යෙන් ප්‍රශ්න කළාය.

“ඉස්සෙල්ලා අල්ල­නවා අත”

ඔහු විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ භූමි­කාව මැන­වින් රඟ දක්වයි.

“මං දඬු­වම් විදින්නෙ මොන වර­ද­ටද කියන එක දැන ගන්න ඕන මට. ඒක මගේ අයි­ති­යක්..”

ඔහු වේවැල අමෝරා ගත්තේය. ඇය නොසැලී නොබි­යව හිටි වනම හිට­ගෙන සිටි­යාය. ඒ දැඩි හා ඍජු බැල්ම ඔහු පම­ණක් නොව ඔහු අතැති වේවැල ද දුර්මුඛ කර­වන සෙයකි.

“මම යන්නද අමා... ඔයාට තාත්තා එක්ක එන්න පුළු­වන්නෙ...”

අන­ව­ස­ර­යෙන් කඩා වැදුණු තරු­ණයා දෙස සිරි­මාන්න හෙළුවේ රුදුරු බැල්මකි. ඒ දෙඇසේ කෝපා­ග්නිය පැහැ­දි­ලිව දුටු බැවින් බ්‍රයන් සිනා­වක් නඟා ගන්නට වෙහෙ­සු­ණේය.

“ප්‍රශ්න­යක් නෑනේ... මං එහෙනං යන්නං...”

“ප්‍රශ්න­යක් තියෙ­නවා...”

විදු­හ­ල්ප­ති­ව­ර­ය­කුගේ ස්වර­යද අධි­පති ස්වභා­ව­යද තරු­ණයා තුළ බිය­මුසු හැඟීම් දන­වයි. උගු­ල­කට හසු වූ සතෙකු මෙන් ඔහු අස­රණ විය. ඔහුගේ ව්‍යාකූල බැල්මෙන් අමාලි නොකැ­ල­ඹු­ණාය.

“ඔය‍ා යන්න බ්‍රයන්... මෙතන මේ ප්‍රශ්න­ව­ලට උත්තර දිදී ඉන්න ඔයාට වෙලා­වක් නෑනේ... මමීට අස­නී­පයි කීවා නේද...?”

තමාගේ මවට ඉහෙන් බහින රෝග­යක් නැති බව දත් බැවින් බ්‍රයන් විපි­ළි­සර විය. ඇය ඉඟි කළේ “මොන මෝඩ­යෙක්ද මංදා” යි අප්‍ර­සා­ද­යෙන් කොඳු­ර­මිනි.

“ආ... ඔ... ඔව්... මමීට හොඳ­ටම අස­නී­පයි තමා... මං මේ ආවෙ අංකල් ගෙදර ආවෙ නෑ කියලා අමා අඬන්න ගත්ත හිංදා...”

සිරි­මාන්න වහා සිය දිය­ණිය දෙස බැලු­වේය. ඔහුගේ බැල්ම කොතෙක් තියුණු වී දැයි කිව­හොත් ඇය අප­හ­සු­තා­ව­යට පත් වූවාය.

“බොරු කීමත් බර­ප­තළ වර­දක් ඉලං­දා­රියා..” යි ඔහු තර­වටු කළේ වහා පිටව යාමේ බල­වත් වුව­ම­නා­වෙන් පෙළෙන තරු­ණ­යා­ටය.

“ඒ... ඒ කිව්වෙ අංකල්?”

“මං නෑ කියලා අඬන ළම­යෙක්ද මෙයා..?”

අමා­ලිට ඒවා හුදු වචන පම­ණක් නොවේ. ඇගේ දෑස හැකිළී ගියේය. ශෝක­යද කෝප­යද මැඬ­ග­න්නට ඇය වෑයම් නොක­ළාය.

“ප්‍රින්සි­පල් කෙනෙක් නැති වුණා කියලා අඬන්නෙ නෑ තමා ළම­යෙක්. ඉස්සෙ­ල්ලම තාත්තෙක් වෙන්න තාත්තේ... හැම තිස්සෙම අනිත් කෙනාගේ අඩු­පා­ඩුයි වැර­දියි විත­රක් දකින්න එපා... පුංචිම පුංචි හොඳක් හරි ඇතිනෙ ඕනැම කෙනෙක්ගේ. ඒ හොඳත් දකින්න පුරුදු වෙන්න නරක දකි­නවා වගේ ම...”

සිරි­මාන්න අත වූ වේවැල ඉහ­ළට එස­වෙනු ඇතැයි බ්‍රයන් බලා­පො­රොත්තු විය. එහෙත් වේවැල මිරි­කා­ගත් අත පහත වැටිණ.

අමාලි පිටව ගියේ කිසි­වෙකු දෙස නොබ­ලා­මය. ඇය පසු­පස යාමට වුව­මනා වුවද බ්‍රයන් පියෙ­කුගේ ශෝකය නැර­ඹුවා විනා පයක් නොඑ­සෙ­ව්වේය. ඒ මොහොතේ ඒ තද­බ­ද­යෙන් පත් කාම­රය තුළ ඔහු අබි­යස වේද­නා­වෙන් ඇඹ­රුණේ පියෙකු විනා විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු නොවේ.

යතු­රු­පැ­දිය පණ ගන්වන හඬින් සිහි එළ­වා­ගත් බ්‍රයන් වහා මිදු­ලට දිව්වේය.

“අමා...” යි ඔහු බෙරි­හන් දුන්නද ඇය යතු­රු­පැ­දියේ වේගය වැඩි කළා පමණි. ඔහු යතුරු පැදිය පසු­පස මඳක් දුර දිව ගියේ “ඉන්න... ඔහොම ඉන්න...” යි ඉල්ලා සිටි­මිනි.

“ෂික්...” යි අප­මණ නොරි­ස්සු­මින් ගේට්ටුව අබි­යස නැවතී හති­ලන තරු­ණයා මත රැඳුණු දෙන­යන දයා­නු­ක­ම්පා­වෙන් හැකිළී ගියේය.

“අමා... තමු­සෙව අල්ල­ග­ත්තොත් මං ගහන එක ගහ­නවා හොම්බ කට සම­තලා වෙලා යන්ඩ...”

කුරු­මා­නම වැර­දුණු සිවු­පා­වෙකු මෙන් ඔහු ගෙරෙ­ව්වේය. ගේට්ටු­වට පා පහ­රක් එල්ල කිරී­මෙන් පවා ඔහුගේ කෝපය තුනී නොවීය.

“ඔය ගේට්ටුව කඩන්නෙ නැතුව නඟි­නවා...”

“ඉතා සෙමින් හා සීරු­වට ළඟා වූ මෝටර් රිය දෙස නොබලා සිටි­න්නට වෑයම් කළ බ්‍රයන් අත­කින් හිසකේ අවුල් කළේය. ඒ වර්ණ ගැන්වූ හිසද සිරි­මා­න්නගේ කෝපය හා අප්‍ර­සා­දය අවු­ළු­වා­ලයි.

“නඟි­නවා... නඟි­නවා...”

ඔහු රළු හඬින් අණ ‍කළේය. බ්‍රයන් වහා අව­නත විය.

“යාළුවා ගියා නේද දාලා...?”

තරු­ණයා නිහ­ඬ­වම පසු­විය. සාමා­න්‍ය­යෙන් මුඛරි එකෙකු වන ඔහු මේ කුඩා මෝටර් රිය තුළදී ගොළුව ගිය ගානය.

“මොක­ටද ඒ ‍මෝඩිට යතුර දුන්නෙ...?”

“දු... දුන්නෙ නෑ අංකල්... උදුර ගත්තා...”

සිරි­මාන්න හඬ නඟා හිනැ­හු­ණේය. ඔහු වාහ­නයේ තිරිංග තද කළේ සිනා­සීම උදෙසා නොවේ.

“ගේට් එක වහල එනවා...”

තමා කුඩා දරු­වෙකු සේ සලකා අණ කිරීම පිළි­බ­ඳ නොම­නා­ප­යෙන් වුවද තරු­ණයා කිසි­වක් නොපැ­ව­සු­වේය.

ගේට්ටුව වසා දමන්න වැඩි වේලා­වක් මිඩංගු නොකළ බ්‍රයන් නැවත වාහ­න­යට නැංගේය. ඔහුගේ මුහුණ එල්ලා වැටෙන බව දුටු සිරි­මාන්න සිනාව මැඬ ගත්තේය.

“අතක් පයක් කඩා­ගෙන ඉස්පි­රි­තාලෙ ලගින්න වෙයි කිය­ලයි මට බය...” යි ඔහු සිය දිය­ණි­යගේ රැක­ව­ර­ණය පිළි­බ­ඳව කන­ස්ස­ල්ලට පත්විය.

“ඒකිගෙ අත­පය කඩ­නකං මටත් ඉව­සි­ල්ලක් නෑ...” යි නොකියා සිටි­න්නට බ්‍රයන් වග­බලා ගත්තේය.

ලබන සතියට‍...

Comments