මතුගම සුද්ධ කළ මුහුණු පොතේ Set එක | Page 10 | සිළුමිණ

මතුගම සුද්ධ කළ මුහුණු පොතේ Set එක

මතුගම නගරයේ ඇති කැලි කසළ සහ අපද්‍රව්‍ය ඉවත්කොට නගරය අලංකාර කිරීම සඳහා වන 'පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ' වැඩසටහනක් පෝ දින (19) මතුගම නගරයේ දී ක්‍රියාත්මක කෙරිණි.

“මතුගම හරිත මිතුරෝ” නම් ෆේස්බුක් සමාජ ජාලය හා සම්බන්ධ වූ පරිසර හිතකාමී තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩ සටහන මඟින් මතුගම නගරයේ අවිධිමත් ලෙස බැහැර කර ඇති පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සහ කැලි කසළ ඉවත් කර මතුගම නගරය අලංකාර කිරීමටත්, ඉදිරියේ දී නගරය අපවිත්‍ර නොවී පිරිසිඳුව තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් බලාපොරොත්තු විය. මෙම වැඩ සටහන මඟින්  තම නගරය අලංකාරව හා පිරිසිඳුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව වෙත පණිවිඩයක් ලබා දීමටත්  ඒ හරහා නගරයට පැමිණෙන සියලු ජනතාව නගරය පිරිසිඳුව තබා ගැනීමට හුරු කිරීමත් අපෙක්ෂා කෙරණි.

මතුගම ප්‍රාදේශීය සභාව, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මතුගම පොලිස් ස්ථානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන මතුගම නගරයේ පිහිටි රාජ්‍ය ආයතන මෙම වැඩසටහනට අවශ්‍ය පහසුකම් ලබා දීම හා මඟපෙන්වීම සිදුකරනූ ලැබූ අතර තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක්වම මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දී තිබුණි. මතුගම නගරය හා ආශ්‍රිත ප්‍රදේශයන් සිට මතුගම නගරයට එක් රැස්වූ විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

 

 


 

 

 

Comments