බදුල්ල දිස්ත්‍රි­ක්කයේ දුෂ්කර පාසල්වලට කොළ­ඹින් ආධාර | Page 7 | සිළුමිණ

බදුල්ල දිස්ත්‍රි­ක්කයේ දුෂ්කර පාසල්වලට කොළ­ඹින් ආධාර

ලේක්හ­වුස් ආය­ත­නය, රජයේ මුද්‍ර­ණා­ලය හා ෆෙන්ටන්ස් ආය­ත­නයේ සේවක මණ්ඩ­ලය වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන දුෂ්කර පාසල් වලට පොත් බෙදා­දීමේ සත්කාර්ය මෙවර පැවැත්වුයේ බදුල්ල ප්‍රදේ­ශයේ තිඹි­රි­ග­ස්පි­ටිය ප්‍රාථ­මික විද්‍යා­ලය, කොහාන ප්‍රාථ­මික විද්‍යා­ලය, බටු­යාය ප්‍රාථ­මික විද්‍යා­ල­ය හා ගන්නි­ල­ගම ප්‍රාමික විද්‍යා­ල­යන් වල­ටය. පාසල දරු­වන්ට අවශ්‍ය සිය­ළුම ද්‍රව්‍ය ලබා දුන් අතර මෙම ඒ සඳහා වැය කරණ මුදල රුපිල් ලක්ෂ දහ­ය­කට වැටිය. වසර ගණ­නා­වක් තිස්සේ කරනු ලබන මෙම සත් කාර්යය සංවි­ධා­නය කරනු ලබන්නේ රංජිත් පෙරේරා මහතා විසිනි. මෙවර ප්‍රදේශයේ තෝරා ගන්නා ලද පිරි­වෙ­නක් සඳහා ද ආධාර කළ අතර එක් පාස­ලක් සඳහා පන්ති කාම­ර­යක් සාදා දීමද තවත් පාස­ලක් සඳහා පානිය ජල ටැංකි­යක් ලබා දීමද විශේෂ විය.

Comments