ජනාධිපති අරමුදල පත්තර මහගෙදරට | Page 17 | සිළුමිණ

ජනාධිපති අරමුදල පත්තර මහගෙදරට

කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටි ජනාධිපති අරමුදල හෙට (18) සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
 
ඒ අනුව කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැඟිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ නව කාර්යාලය ස්ථාපිත කෙරෙනු ඇත.
 
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර, එම කටයුතු හේතුවෙන් 2019-01-18 වන දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ද කනගාටුව පළ කෙරේ.
 
2019-01-21 වනදා සිට ජනාධිපති අරමුදලේ සේවා කටයුතු යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධවිය හැකි දුරකථන අංක පෙර පරිදිම වේ. එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකිය.

Comments