
හඳ පායා වටකුරුවට
තරු පිරිලා ඒ වටේට
අහස් ගඟෙන් එතෙර වෙලා
තරු අරගෙන යන්න එන්න
කතා කරයි සුරංගනාවන්
යන්නේ කොහොමද අහසට
සිතුවේ මම එදෙස බලා
වැදුණා පහරක් පිට හරහට
අහසේ තරු බිම පෙනුණා
සුරංගනාවන් පලා ගිහින්
අම්මා උන්නා මදෙස බලා
දල්වා දෑස් රකුසු ලෙසින්
හා හා පොත, පොත
අරගෙන මේසෙට යනවා හොඳයි
ශිෂ්‍යත්වෙන් පාස් වෙලා
හොඳ ලකුණක් අරගෙන මිස
එන්නේ නෑ මේ ගෙදරට
අම්මා කියයි ඔරවලා
ඒ. ඉමල්ෂා සකුනි අතපත්තු
5 ශ්‍රේණිය ‘ඒ’,
තල්දූව බොදු විදුහල,
තල්දූව, අවිස්සාවේල්ල.