
දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බව පැවැසුවත් එය කරන්නේ කෙසේද කියා එම සන්ධානය ප්‍රකාශ කර නැති බව මුදල් රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වන ඔක්තෝබර් විසි හය වැනිදාට කලින් තත්ත්වයට නැවත කිසිසේත් යොමු වීමට නොහැකි බවද ඇමැතිවරයා කියයි. අද වන විට රට තුළ නිර්මාණය වී ඇත්තේ අලුත් තත්ත්වයක් බව ඇමැතිවරයා පෙන්වා දෙයි. .
එක් අතකින් යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රිලනිප ඉවත් වෙලා තියෙනවා. අනෙත් අතින් හිටපු අගමැතිවරයා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම නව අගමැතිවරයෙකු පත් කරලා තියෙනවා. එම හේතු කාරණා මත ඔක්තොබර් 26 වැනිදාට පෙර තත්ත්වයට කිසිසේත් ම යා නොහැකි බව ඇමැතිවරයා අවධාරණය කර සිටී.