
පාර්ලිමේන්තුව රැස්වු වහාම අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇති බව පෙන්වීමට හැකි බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා පවසයි. ඒ අතර එජාපයේ විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක සහයෝගය ද නව රජයට ලැබී තිබීම බොහොම පැහැදිලි බව ද පවසයි.
නව රජය පිහිටුවා රජයේ ශක්තිය පෙන්වීම මෙන්ම ඉන් අනතුරුව මූලික කටයුත්ත ලෙස අතුරු සම්මත ගිණුම සම්මත කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් මාස තුනකට රජයේ වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය නව රජයේ ප්‍රධාන කාර්යය බව සදහන් කරයි.
අය වැය නොවැම්බර් මස 05 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් අංග සම්පුර්ණ අය වැය ලේඛනයක් එදිනට ඉදිරිපත් කිරීමට නොහැකි නිසා මේ අතුරු සම්මත ගිණුමක් මගින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනිමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා කීය.