
සංගීත සංදර්ශනවලට මුවා වී දිනෙන් දින ඉහළ යන දුරාචාර ගැන කොතෙකුත් අසන්නට ලැබේ. මත්ද්‍රව්‍ය වෙළඳාම, තරුණ ජීවිත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගැනීම සංගීත සංදර්ශනයක තිරය පිටුපස සිදුවන්නකි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ප්‍රේක්ෂකයන් අසල ගැවෙසමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකරන විට මත්ද්‍රව්‍ය භාවිත කළ ගායකයන් ශිල්පීන් වේදිකාව මත ජනතාව ඉදිරියේ සජීවී දර්ශන ඉදිරිපත්කරයි. ලෝකයේ වෙනත් රටවල දෙස බැලීමේදී මෙරට සංගීත සංදර්ශන හරහා සිදුවන්නේ සමාජ ව්‍යසනයකි. සංගීත රාත්‍රියක් අවසන් වුණ පසුදින වාර්තා වන්නේ ගුටිබැට හුවමාරුය. පිහි ඇනුම්ය. ස්ත්‍රී දූෂණය. ළමා අපයෝජනය. ඒ අනුව බලනවිට මෙවැනි ඉසව් වටා රොක්වන බහුතරයක් සංගීත ලෝලීන් නොව, විවිධ අපරාධකාරී මනෝභාවයන් සහිත මිනිස් විකෘතීන්දැයි සිතේ.
මෙම තත්වය තවදුරටත් බිහිසුණු ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටී. ඒ සංගීත සංදර්ශන අතරතුර ගණිකා ජාවාරමක් ද සිදුවන බැවිනි. සංවිධානාත්මක කල්ලියක් විසින් සංගීතය සංදර්ශන නැරඹීමට එන තරුණයන් ඉලක්ක කරගෙන මෙම ගණිකා ජාවාරම ක්‍රියාත්මක කරයි.
පසුගිය මාස කීපය තුළ ම පැවති සෑම සංදර්ශනයක් ඉලක්ක කරගෙන මෙම ගණිකා ජාවාරම පැවැත්වූ බවට තොරතුරු ලැබේ. එම තොරතුරු තහවුරු වන්නේ පසුගිය දා මාතර පැවැති සංගීත රාත්‍රියකදී හෙළිවන තොරතුරු මඟිනි.
මේ ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබුණේ සංගීත සංදර්ශන ඉලක්ක කරගෙනය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වන සංගීත සංදර්ශන සොයාගෙන මෙම ගණිකා ජාවාරම් කරුවෝ යති. එය ජංගම ගණිකා මඩමකි. ගණිකාවන් පස් දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම ජංගම ගණිකා මඩම සුඛෝපභෝගි වෑන් රථයකි. ජාවාරම්කරුවා මේ කටයුත්ත කරන්නේ තවත් තැරැව්කරුවන් කීපදෙනෙක් සමඟිනි.
සංදර්ශනයක් අතරතුර ඊට නුදුරෙහි ජනතාව නැති ස්ථානයක වීදුරු කළු කළ වෑන් රථයක් මෙම ජංගම ගණිකා මඩමට පරිවර්තනය කරගෙන තිබේ. ඒ කතා කියන්නේ එම ගණිකා මඩමේ ගනුදෙනුකරුවන් වූ තරුණයෝය.
සංගීත රාත්‍රිය අතරතුර මධ්‍යම රාත්‍රිය වන විට සංගීතය නරඹන තරුණයන් සමඟ නර්තනයට මේ තැරැව්කරුවෝ එක්වෙති. ‘මං එක්ක නටමු’ තරුණයා මට කතා කළා සිගරට් එකක් බොන්න. අපි නටන එක නවත්තලා ග්‍රවුන්ඩ් එකේ පැත්තකට ගියා. “මල්ලි... ඕන නම් බඩු තියනවා... ෂොට් එකක් දා ගනිමු ද?” මෑන් ඇහුවා. මමත් මිනිහා එක්ක එකතුවෙලා පොඩි අඩියක් ගහන්න ගත්තා. ඊට පස්සෙ තමයි කතාව එළියට ආවෙ. මට හමු වූ තරුණයා කතාව කියාගෙන යයි.
මල්ලියෙ... නැද්ද මේ පැත්තෙ ‘පොට්’ එකක්. පොට් එක යනු ගණිකා මඩමය. මාතර කෙරෙන ගණිකා සෙල්ලම ගැන ටවුමේ කරක් ගහන අය දනී. මේ කාන්තාවන් පිළිබඳ කතා රසවත්ය. මත් වූ විට ඒ රසය දෙගුණ තෙගුණ වන්නේය.
මේ කථිකාව ගොඩනැගෙන ආකාරයට තරුණයාට යෝජනාවෙන් ගැලවෙන්නට ඉඩක් නැත. මේ වනවිට දෙදෙනා තමන් අතේ ඇති මුදලත් කතාබහ කරගෙනය. තරුණයාට ගණිකාවන් සැපයිය යුතු මිල තීන්දු වන්නේ ඒ කථිකාවෙනි. බොහෝවිට එය තීන්දු වන්නේ තැරැව්කරුවා හා ගැනුම්කරු අතර ඇතිවන මේ සංවාදයෙන් අනතුරුවය.
තැරැව්කරුවා මෙසේ බිලී බා ගන්නා තරුණයන්ව පෙර කී වෑන් රථය තුළට කැඳවාගෙන යන්නේය. එහිදී තැරැව්කරු විසින් තීන්දු කළ මිලට සේවාව සැපයීමට රූමතියන් සැදී පැහැදී සිටී. ඒ අනුව රාත්‍රිය පුරා පුද්ගලයන් පනහක් හැටක් හසුකර ගැනීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.
එක් කාන්තාවක් ඒ පැය කීපය තුළ පුද්ගලයන් හත් අට දෙනෙක් සමඟ ලිංගිකව හැසිෙර්. නියමිත වෙලාවට පුද්ගලයන් එක එකා රථය තුළට රැගෙන යැම එක් පුද්ගලයකුගේ කටයුත්තකි. එමෙන් ම රථය එක් තැනක නවතා තබන්නේත් නැත. ප්‍රසංගය අවට තැන් තැන්වලට එය ගමන් කරයි.
මෙම කාන්තාවන් ඉතා ප්‍රසන්නව රූප සුන්දරියන් ලෙස සැරසී සිටින බවත් ඇතැම් කාන්තාවන් අර්ධ ලෙස මත් වී සිටින බවත් මේ සේවාව ලබාගත් තරුණයෙක් අප සමඟ පැවසීය.
දැනට වාර්තා වන ආකාරයට ඔවුහු ශ්‍රී ලංකාව පුරා සංගීත සංදර්ශන පවත්වන ස්ථාන පිළිබඳ ලැයිස්තුවක් සොයාගෙන සිටිති. මෙම කාන්තාවන් එක රාත්‍රියකට රුපියල් පන්දහසක් වැනි මුදලකට ජාවාරම්කරුවන් විසින් රැගෙන පැමිණ ඇත. ඔවුන්ට අවශ්‍ය මත් බීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ සපයති. මේ එක් සංදර්ශනයකින් අනතුරුව ජාවාරම්කරුවන් උපයන මුදල රුපියල් ලක්ෂ ගණනකි. ඔවුන් මේ කටයුත්ත සඳහා යොදා ගන්නා වෑන් රථ කුලී පදනම මත ලබා ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.
මේ ලිංගික ජාවාරමේ ගොදුරු බවට පත්ව ඊට ඇබ්බැහි වූවන් ප්‍රදේශයේ ඇති සංගීත සංදර්ශන සොයා යාමට පටන් ගෙන ඇත. අතිශය අවිධිමත්, අනාරක්ෂිත ලිංගික හැසිරීම් අවසානයේ බිහිසුණු සමාජ ව්‍යසනයක් නිර්මාණය කිරීමට නියමිතය. මේ ජාවාරම අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට මෙතෙක් නොහැකිවී කනගාටුවට කරුණකි.
මෙම ජාවාරම් ඉතා සූක්ෂමව සිදු කරන බැවින් පොලිසියට හසු කර ගැනීමට උපාය දූතයන් යෙදවීම හැර වෙනත් විකල්පයක් නැත. පසුගිය සතියේ මාතර කොටුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයේ ද මෙම ජාවාරම ඉතා හොදින් කරගෙන ගොස් ඇත. සංගීත සංදර්ශන මේ වන විට සියලුම අපචාර දුරාචාර වලින් සමන්විත නිසා විශේෂයෙන් ම රාත්‍රි කාලයේ පාසල් සිසුන් දරුවන් එවැනි ස්ථානවලට යාමන් මෙයට ගොදුරුවිය හැක.