ගැමි රස කතා | සිළුමිණ

ගැමි රස කතා

මුද­ලි­තුමා කිඹුලා ඇද­ගෙන ආ හැටි!

කුරු­ණෑ­ගල නග­ර­යට නුදුරු පැරණි වැවක් පිහිටි, ගමක් සම්බන්ධ කතා පුව­තක් මා ගුරු සේව­යට පිවිසි මුල් වක­වා­නු­වක, එම පාසලේ මුල් ගුරු­ව­රයා අප විවේ­කීව සිටි මොහො­තක කීවා අද මෙන් මතක ය. එදා එම පාසලේ සිටි මුල් ගුරු­තුමා ප්‍රදේ­ශයේ චිර­ප්‍ර­සිද්ධ විහා­ර­ස්ථා­න­යක නාහි­මි­යන්ගේ ඥාති පුත්‍ර­යෙක් විය. එම නාහි­මි­යන්ගේ පියා වූ ගම් මුදලි මහා හප­න්කම් කළ අයකු බව උන්ව­හ­න්සේගේ විවිධ කතා ඇසූ අයට වරින් වර දැන ගැනී­මට ලැබුණු බවත්, මුල් ගුරු­තු­මා­ගෙන් කියැ­විණි.

අවු­රු­ද්ද­කට වරක් ගමේ වැවේ නෑමට ගිය කෙනෙකු දැවැන්ත කිඹු­ල­කුට බිලි­වීම ඇසූ දුටු කාගේත් සංවේ­ග­යට හේතු වූයේය. මේ ගැන නිතර කතා කළ ගම් මුදලි දිනක් අසල කැල­යෙන් සවි­මත් දික් වූ වැල් ගෝට­යක් ඇද­ගෙන ආවේය.

“අද නම් කිඹුලා අර­ගෙන මිසක් මං නම් ආපසු එන්නේ නෑ” කියා මහ හඬින් කියූ මුදලි තුමා, හරි­බරි ගැසී අමු­ඩ­යක් ගසා, තද කර­ගෙන, වැල් ගෝටය ද පිටේ බැඳ­ගෙන, වැවට පැන්නේය. ටික වේලා­වක් දිය යට ගිලෙන මතු­වන මුදලි තුමාගේ සිරුර වැව වටා බලා සිටි දෙනෝ­ද­හක් සෙනඟ “අනේ! අනේ!!!” කිය­ද්දීම අතු­රු­දන් විය.

පැයක් ගත විය. දෙකක් ගත විය. මහා වින්නැ­හි­යකි. මෙතු­වක් ගම් ප්‍රදේ­ශයේ සුරු­වි­රු­කම් කළ ගම් ප්‍රධා­න­යාට විප­තක් දෝ හෝ යැයි සිත­මින් ගම්මු සුසුම් ලෑවෝය. අන්තිමේ ඔවුහු හිසැ අත් ගසා නිවෙස් බලා යන්නට සැර­සු­ණෝය. වැව්දිය දෙබෑ කර­ගෙන, මහත් ගෝර­නාඩු මැද, “මෙන්න කිඹුලා ගෙනාවා අදින් පස්සේ උඹලා බයක් නැතුව හිට­පල්ලා” නිවී හැන­හිල්ලෙ නාපල්ලා, කිඹුලා වැල්ප­ට­ව­ලින් වෙලා­ගෙන ආ මුද­ලි­තුමා එහෙම කීවෙ නැතෑ” නාහි­මි­යන් කතාව හමාර කළේ උජා­රු­වෙනි.

ඩබ්ලිව්. උපාලි දයා­රත්න
වැල්ලව.


අලියා සිග්නල්වලට යෑම

මා ඉප­දුණු කළු­තර කල­මුල්ල ප්‍රදේ­ශයේ ජීවත් වූ එක් වය­සක පුද්ග­ල­යෙකු පිළි­බඳ මා පාසල් අව­ධියේ සිට අසා තිබුණි. ඒ සියලු දෙසාම දැන් ජීව­තුන් අතර නොමැත. එම පුද්ග­ලයා ‘සිරි­සේන’ යයි නම් තබමු. මෙය රස­වත් සැබෑ අතීත කතා­වකි.

සිරි­සේන අයියා සිය පාපැ­දි­යෙන් කත­ර­ගම වන්ද­නාවේ යෑම පුරු­ද්දක් ලෙස කළේය. අදාළ පූජා­ව­ලින් පසු පාපැ­දි­යෙන් ම යළි කළු­තර එන්නේය. කත­ර­ගම ‍සිට සැත­පුම් 10 ක් පමණ දුර ගිය විට අද මෙන් නොව එකල වන­සත්තු මහා­මා­ර්ග­යට පැමි­ණෙති. දිනක් සිරි­සේන පාපැ­දි­යෙන් පාළු පැත්තක එද්දී පිටු­ප­සින් අලි­යෙක් පැමි­ණි­යේය. මෙය දුටු සිරි­සේන ඉතා වේග­යෙන් කඩ වීදි­ය­කට ඒමට උත්සහ ගත්තත් ‘අලියා පිටු­ප­සින් වේග­යෙන්’ හඹා ඒමට පට­න්ගෙන තිබේ. මොහු ද වේගය වැඩි කර­මින් ‍යද්දී අලියා ද පිටු­ප­සින් වේග­යෙන් ළංවෙන බව දැක, සයි­ක­ලය දමා කෙටි දුරක් දුව­යන අතර තුංමං හන්දි­යක් ළඟට පැමිණ වට­පිට බලද්දී දැන්වීම් පුව­රු­වක් දැක තිබේ. ඔහු එහි නැවතී පුව­රුව බැලීය. එහි වූයේ උතු­රට, දකු­ණට හා වෙනත් මාර්ග­ය­කට යාමේ දැන්වී­මකි. අලියා ද දැන් ඔහු පිටු­ප­සය. ඔහු වහාම උතු­රට ඇති දිශාව බලා අත දික් කළේය. ඔහු වෙනත් පැත්ත­කට යද්දී අලියා ඔහු අත දිගු කළ උතුර පැත්ත බලා යන්නට ගියේය.

පී.පී. සිරි­නන්ද සිල්වා (විශ්‍රා­මික)
පොතු­විල පයා­ගල

Comments