‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රද­ර්ශ­නය බදාදා ඇර­ඹෙයි | සිළුමිණ

‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රද­ර්ශ­නය බදාදා ඇර­ඹෙයි

ශ්‍රී ලංකාව ව්‍යව­සා­ය­ක­යන්ගේ පාරා­දී­ස­යක් කිරීමේ අර­මු­ණින් රජය මගින් ක්‍රියා­ත්මක ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ වැඩ­පි­ළි­වෙළ වඩා පුළුල්ව ජන­ගත කිරීමේ අර­මු­ණින්, මුදල් හා ජන­මාධ්‍ය අමා­ත්‍යං­ශය පුරෝ­ගා­මීව සංවි­ධා­නය කරන ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ­නය’ ලබන බදාදා (29) මොන­රා­ග­ලදී ආරම්භ වේ.

ඒ අනුව මොන­රා­ගල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය අසල පිහිටි අක්කර 22ක භූමි­යක මෙමස 29 සිට 31 දා දක්වා පැවැ­ත්වෙන මේ ප්‍රද­ර්ශ­නය මඟින් ‘ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය’ හා ‘සංහි­ඳි­යාව’ යන ප්‍රධාන කුලුනු මත සංව­ර්ධ­නය කට­යුතු දියත් කෙරෙන ආකා­රය පිළි­බ­ඳව ජන මනස අවදි කර­වීම අපේක්ෂා කෙරේ.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය, අග්‍රා­මාත්‍ය කාර්යා­ලය හා රාජ්‍ය අමා­ත්‍යාංශ, දෙපා­ර්ත­මේන්තු මෙම ප්‍රද­ර්ශ­නය සඳහා සිය ප්‍රද­ර්ශන කුටි ඉදි­රි­පත් කරන අතර, දැනට ආරම්භ කර ඇති දැවැන්ත සංව­ර්ධන සංග්‍රා­ම­යට අනුව වසර 2025  වන විට මෙරට ගොඩ­නැ­ගෙන අන්දම පිළි­බඳ පැහැ­දිලි චිත්‍ර­යක් ප්‍රද­ර්ශ­නය නැර­ඹී­මට පැමි­ණෙන ජන­තා­වට පිළි­බිඹු කිරී­මට එම ප්‍රද­ර්ශන කුටි­ව­ලට හැකි වෙතැයි අපේක්ෂා වී තිබේ.

සමස්ත ප්‍රද­ර්ශ­නය කලාප 12කින් සම­න්විත රාජ්‍ය හා පෞද්ග­ලික අංශයේ ප්‍රද­ර්ශ­ක­යන් දෙසී­ය­කට වැඩි පිරි­ස­කගේ දාය­ක­ත්ව­යෙන් ප්‍රද­ර්ශන කුටි 515කින් සම­න්වි­තව පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. මේ ප්‍රද­ර්ශ­න­යට සම­ගා­මීව ගම්පෙ­ර­ළිය සංව­ර්ධන වැඩ­ස­ට­හන මඟින් මොන­රා­ගල දිස්ත්‍රි­ක්කය තුළ සංව­ර්ධන වැඩ­ස­ට­හන් රාශි­යක් ක්‍රියා­වට නැංවෙන අතර මාර්ග, වැව් අමුණු සංව­ර්ධ­නය, ජල සම්පා­දන යෝජනා ක්‍රම, සෞඛ්‍ය හා සනී­පා­ර­ක්ෂක සේවා, පාසල් සංව­ර්ධ­නය, නිවාස අලු­ත්වැ­ඩි­යාව, ඉඩම් ඔප්පු ප්‍රදා­නය වැනි සංව­ර්ධන ව්‍යාපෘති රැසක් එහිදී ක්‍රියා­වට නැංවේ.

 

Comments