
මේ අනුව පේනෙනවා චේතනාව කියන්නේ කර්මයටයි. කර්මය කියලා සාමාන්‍ය වශයෙන් අපි හදුන්වනු ලබන්නේ ක්‍රියාවටයි. නමුත් බුද්ධ ශාසනයේ උගන්වන මෙම කර්මය ක්‍රියාව යන තේරුමේ යෙදෙන්නේ නැහැ. මේ කර්මය කියන වචනය යෙදෙන්නේ චේතනාව සිතුවිලි කියන තේරුම අනුවයි. චේතනා ප්‍රධාන වශයෙන් හට ගන්නා ආකාරය අනුව කොටස් හයකට බෙදෙනවා.
ඇසට පෙනෙන රූප මුල්වී හට ගනු ලබන සිතුවිලි කනට ඇසෙන ශබ්දය මුල් වී හට ගන්නා සිතුවිලි නාසයට ගැනෙන ආඝ්‍රාණය මුල්වී හට ගන්නා සිතුවිලි දිවට දැනෙන රසය මුල්වී හට ගන්නා සිතුවිලි කයට දැනෙන පහස මුල්වී හට ගන්නා සිතුවිලි මනසට එන සිතුවිලි මුල්වී එන සිතුවිලි ආදි සුත්‍ර පිටකයේ මේ විදිහට ආකාර කිහිපයකට මේ සිතුවිලි විග්‍රහ කර තිබෙනවා. අභිධර්මයට අනුව නම් චේතනා පනහක් පිළිබදව සදහන් වෙනවා නමුත් මම අද මම අභිධර්මයට අනුව චේතනාව පිළිබදව විග්‍රහ කිරීමට යන්නේ නැහැ.
චේතනා පනහක් පිළිබඳ සදහන් වුවත් අද මම අභිධර්මයට අනුව කර්මය විග්‍රහ කරන්නට සුදානම් වන්නේ නැහැ. චේතනාව කර්මය කියා අපි මුලින් ඉගෙන ගත්තා. චේතනාව කර්මය නම් සෑම සිතුවිල්ලක්ම කර්මයට අයත් වෙනවාද ? සැබැවින්ම සැම සිතුවිල්ලක්ම කර්මයට අනුවයි සිදුවන්නේ. නමුත් අපේ බොහොමයක් බෞද්ධ ජනතාව සෑම සිතුවිල්ලක්ම කර්මයට අනුව සිදු වන බව අවබෝධ කරගෙන නැහැ. ඔවුන් සිතන්නේ ප්‍රධාන අවස්ථාවල පහළ වන සිතුවිලි කර්මය කියලා පමණයි.
උදාහරණයක් වශයෙන් දානයක් දෙන අවස්ථාවේ සිතුවිලි ගැන සිතා බැලුවහොත් ඒ පිළිබදව ඔබට වැටහේවී. සිල්සමාදන් වන විට, භාවනා කරන අවස්ථාවලදී ඇතිවන සිතුවිලි, වත්පිළිවෙත් කරන මොහොතේ ඇති වන සිතුවිලි, පින් අනුමෝදන් කරන මොහොතේ ඇති වන සිතුවිලි සහ පින් අනුමෝදන් වෙන අවසථාවේ ඇතිවන සිතුවිලි වලට අපි කර්ම සිතුවිලි යැයි සිතනවා. මෙබදු චේතනා කුසල කර්ම සිතුවිලි කියලා අපි හදුන්වනවා. සතුන් මැරීම, කාම මිථ්‍යාචාරය ,මුසාවාදය, බොරු කිම, කේලාම් කිම , පරුෂවචන කිම, හිස්වචන කිම,තමා සතුදේට අධික ආසාව, අන් සතු දේට ආසාව, ව්‍යාපාදය ,පින්පව් විස්වාස නොකිරිම, ආදි මිත්‍යා දෘෂ්ටිය මේ වැනි ප්‍රධාන අවස්ථාවල පහළ වන චේතනා අකුසල කර්ම චේතනාව නමින් හදුන්වනු ලබනවා. නමුත් ඒ ප්‍රධාන අවස්ථාවල පහළ වන චේතනා පමණක් නොවෙයි සියලු චේතනාවන් කර්මයට අයත් වෙනවා.
ඔබ මොහොතක් හිතන්න ඔබේ හිත පවතින්නේ ආසාව තුළ ආසාව ලස්සන රූප, මිහිරි හඩක් , මිහිරි සුවදක්, රසවත් ආහාර අනුභවයේදී රසය නිසා ඒ වගේම කයට දැනෙන සුමුදු මුදු ස්පර්ශය නිසා ඇතිවිය හැකියි. මේවා සිතට එන සිතුවිලි මුල් කරගෙන ඇති වන ආසාවක් විය හැකියි. මේ කියන ආසාවන්ගෙන් එකක් හෝ හිතේ තියනවා නම් ඒ අවස්ථාව ලෝබ සහිත අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. ලෝබය කුසලයක් ද අකුසලයක්ද ? ලෝබය අකුසලයක් නම් ලෝබය ඇති වන අවස්ථාවේදි සිතුවිලි කුසල්ද අකුසල්ද ? යන ප්‍රශ්නය මතු විය හැකියි. සැබැවින්ම එය අකුසලයක්. ලෝබය කියන්නේ අකුසල මූලයක් අකුසල හට ගන්න ප්‍රධාන හේතුවක් මේ ලෝබය. මේ ලෝබය මුල් වී හට ගන්න සැම සිතුවිල්ලක්ම අකුසල චේතනා බවට පත් වෙනවා. සමහර අවස්ථාවලදි සිත පවතින්නේ තරහවෙන්. තරහා කිව්වාම යමෙකුට බණින්න, පහර දෙන්න, නින්දා කිරිමට, අපහාස කිරිමට, කෙනෙක් ලැජ්ජාවට අපහාසුවට පත් කරන්න ,එකට එක කරන්න ඇති වන සිතුවිලි වෙයි. මේ සියල්ල තරහා එපමණක් නොවෙයි ඔබේ කයේ යම් වේදනාවක් ඇති වනවා යැයි සිතන්න ඒ දැනෙන වේදනාවට ඔබ කැමැතිද අකමැතිද ඒ දැනෙන අකමැත්ත ද්වේෂයක්. කායිකව දැනෙන වේදනාවට ඇති අකමැත්ත ද්වේෂයක් බව හොදින් සිහි තබා ගතයුතුයි.
එසේ අවබෝධ කර ගතහොත් කයට වේදනාවක් දැනෙන විට සිත කම්පාවට පත් කරගන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉවසීම පුරුදු කරන්නට පුළුවන්. ඒ වගේම සමහර දේවල් පිළිබදව අපිට පිළිකුල් බව සහ අප්‍රසන්න බව ඇතිවෙනවා . ඒ පිළිකුල සහ අප්පිරියාව කියන්නේ ද්වේෂයේ එක් අවස්ථාවක්. බය තැති ගැනීම ද්වේෂයේ එක් අවස්ථාවක්. එම ද්වේෂය කුසලයක් ද අකුසලයක් ද එයත් අකුසලයක්. ද්වේෂය අකුලයක් නම් ද්වේෂය පවතින සැම මොහෙතෙකම ඇතිවන සිතුවිලිත් අකුසල් සිතුවිලි. ආසාවක් සිත තුළ නැති නම් ද්වේෂයක් හිතේ නැති නම් අපේ හිතෙහි ඊළඟට තියෙන්නේ කුමක්ද ?
අපේ හිතේ ඊළඟට තියෙන්නේ අධර්මයයි . එසේ නම් ආසාවත් ද්වේෂයක් නැති ධර්මයත් නැති සැම අවස්ථාවකම අපේ සිත පවතින්නේ අධර්මය තුළ අසිහිය මතයි. එයයි බුදුදහමේ මෝහය කියලා හදුන්වා දි තිබෙන්නෙ. යමෙකු තුළ මෝහය තිබෙනවා නම් ඒ මෝහය මුල්වී හට ගන්නා සැම චේතනාවක් නම් අකුසල කියන කොටසට අයිති වනවා. මේ අනුව ඔබට ඉතා පැහැදිලි වෙනවා සිතෙහි බොහෝ වෙලාවට පවතින්නේ ලෝභ චේතනා ,මෝහ චේතනා, ද්වේෂ චේතනා යන කාරනාවන්. මේ හොදින් තේරුම් අරගෙන බෞද්ධ ජනතාව වගේම අන්‍ය ආගමික සියලු සත් පුරුෂයන් විසිනුත් තමන්ගේ හිතේ ඇතිවන ලෝබ ,ද්වේෂ, මෝහ චේතනා අඩු කිරිම සදහ දැඩි උත්සහයක් දැරිය යුතුයි.
බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ මාර පායාස කියන සුත්‍ර දේශනාවේ දේශනා කළා යම් කිසි කෙනෙක් ලස්සන ප්‍රිය මනාප රුවක් දැක ඒ රූපය සතුටින් තණ්හාවෙන් ආසාවෙන් පිළිගන්නවා නම් ඒ රූපය පිළිබදව සතුටින් කතා කරනවා නම් එයත් තණ්හාවෙන් ආසාවෙන් කරන දෙයක්. ඒ අනුව සතුටින් ඒ රූපය දෙස බැසගෙන සිටී නම් ඒ ඔහු එවැනි අය මාරයාගේ තොණ්ඩුවෙන් මිදී නැති බව දේශනා කරන්නට යෙදුණා. මාරයාට අයත් තොණ්ඩුවක් වගෙයි රූප, ගන්ධ, රස, ස්පර්ෂ කෙරෙහි ඇතිවන තණ්හාව ආසාව චේතනාව ඉතා වැදගත් වන්නේ ඉපදීම ගැන කතා කිරීමේදී. ඉපදීමට මුල්වෙන්නේ ප්‍රධාන වශයෙන් කර්මයයි. කර්මයේදීත් සෑම කර්මයක්ම ඉපදීමට මුල්වන්නේ නැහැ. ඉපදිමට මුල්වන්නේ කර්ම පථයක් බවට පත් වූ කර්මයක් පමණයි. සැම සිතුවිල්ලක්ම කර්මයක් සිදුවනවා . නමුත් සෑම කර්මයක් ම විපාක දෙන්නේ නැහැ .විපාක දෙන්නේ කර්ම පථ පමණයි. කර්ම පථයක් කියන්නේ විපාක දීමට තරම් බලවත් කර්මයට කියන තවත් එක් නම්ක්. මරණාසන්න අවස්ථාවේදි සමහර සත් පුරුෂයන්ට සිහිපත් වනවා මරණාසන්න කාලය ආසන්නයේ සිදු කරන ලද යම් කිසි කර්මයක්. මරණයට පත් වන්න මාස දෙක තුනකට හෝ වසරකට පෙර හෝ මරණයටට පත් වන්නෙ දින කිහිපයක පෙර හො මරණයට පත් වන දිනයේ දී කෙරෙන ලද කුසලයක් මෝ අකුසලපයක් හොදින් සිහියට නැගෙනව නම් ඒ කර්මට අපි කියනවා ආසන්න කර්ම කියලා.
ආසන්න කර්මය කියන්නේ මරණාසන්න අවස්ථාවේ හට ගන්නා කර්මයක් නිසයි . එම කර්මය මරණාසන්න මොහොතේ සිහිවි ඒ කර්මට අනුව ඊළග ආත්මයේදී ප්‍රතිසන්ධිය ලැබන්නෙට පුළුවන්. ඒවගේම තව සමහර අයට මරණාසන්න මොහොතේ සිහිපත් වන්නේ තමන්ගේ ජිවිතයේ බහුල බහුල කෙට පුරුදු කරන ලද කුසලයක්. එවැනි කුසල හඳුන්වා දිමට බුද්ධ ශාසනයේදි ආචින්න කර්ම කියලයි හඳුන්වන්නේ. කෙනෙක් අවුරුදු පනස් පහකින් මියයනවා ඔහු අවුරුදු පනස් තුනහාමාරක් පමණම මදුරුවන් මරන්න පුරුදු වෙලා පරුෂ වචන කියන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් පරුෂ වචන මරණාසන්න මොහොතේදී සිහියට නැගෙන්න ට පුළුවන්. බොරු කියන්න පුරුදු වුණ අයට ඒ මුසාවාද කර්මය මරණාසන්න මෙහොතේ දීත් සිහියට නැගෙන්නට පුළුවන්. දුරාචාරායන් වැනි අසම්මත කාරණාවට පෙලඹිලා සිටිය අසත් පුරුෂයන්ට ඒ සිතුවිලි ආසන්න මොහොතේ ඇතිවෙන්න පුළුවන්. එය මරණාසන්න මොහොතට ඇතිවෙන්න පුළුවන්.
ඒ නිසා නිතර නිතර ඇති වන අකුසල කර්ම තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙන්නට පුළුවන්. ආචින්න කර්මය පිළිබද මෙතරම් කතා කරන්න පුළුවන් වන්නේ වැඩිපුරම ඊළග උපත තීරණය කරන්නේ ආචින්න කර්ම මගින් නිසයි. ආසන්න කර්මය කෙනෙක්ගේ උපතට බලපාන්න පුළුවන් ආසන්න කර්මයට වඩා වඩා වැඩි ඉඩ කඩක් තිබෙන්නේ ආචින්න කර්මයටයි. එනම් බහුල වශයෙන් ඇති වන කුසලය හෝ අකුසලය සිහිපත් විමයි. අපේ පැරණි ජනතාව මෙය හොදින් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසාම ඔවුන් බහුලව බුද්ධ වන්දනාව කරන්නට පුරුදු පුහුණු වෙලා සිටියා. සැම දවසක ම විනාඩි තිහක් හතලිහක් බුදුගුණ භාවනා කරන්න හුරුපුරුදු වෙලා හිටියා. ඒ වගේ ම මෛත්‍රි භාවනා කරන්න හුරුවෙලා හිටියා . අතීත බෞද්ධයා නිතර දහම් පොත් කියවන්න පුරුදු වෙලා හිටියා. පොත පත කියවන්න බැරි නම් අන් අය කියනවා ඉතා සද්ධාවෙන් අසා සිටියා.
ඒ ආකාරයෙන් පරලොව පිළිබද සිහි කල්‍පනාවෙන් කුසලය පමණක් ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. සමහරෙකුට මරණාසන්න මොහොතේ සිහිපත් වෙන්න පුළුවන් පෙර සංසාරයේ කරන කර්මයන්. මේ පෙර සසර කරන ලද කුසල් අකුසල් හදුන්වන්නේ 'කටත්තා' කර්ම කියලා පෙර සංසාරේ කරන කර්මයන් පිළිබදවයි අපි ඊළඟට විග්‍රහ කරන්නේ. අපුත්තක සිටුතුමා සංසාරේ ජීවිත හතක් සිටුවරයෙකු වෙලා උපන්නා ඒ ජීවිත හතේ දී ම කිසිම පිනක් සිදු කරගත්තේ නැහැ. හත්වෙනි ජිවිතයේදි මරණයට පත් වෙලා මහ නිරයක උපත ලැබුවා. එතුමාට මහ නිරයේ හත වැනි වතාවේදි උපදීමට සිදු වුණේ ජිවිත හතකට පෙර ජීවිතයකදී කරන ලද ප්‍රාණඝාත අකුසලයක් බවයි. එවගේ සංසාරයේ සිදුකරන කුසල් හෝ අකුසල් මරණාසන්න මොහොතේ දී සිහියට නැගිලා එය ඊළඟ ප්‍රතිසන්ධියට හේතු වනවා. ඒවා කටත්තා කර්ම කියලා හදුන්නවා. ඒවගේ ම යම්කිසි කෙනෙක් ධ්‍යාන අටක් තිබෙනවා නම් එය ඊ ළඟ ආත්ම භවයට ඉතාමත් වැඩ දායි වනවා. ප්‍රථමාධානය, ද්විතීකධ්‍යන, ත්‍රීතික ධ්‍යාන, චතුත්‍යාත්ධ්‍යානය, ආඛාසානණ්ච සමාධිය, විඤ්ඤාණන්චායතන සමාධිය අඛිණ්චයතන සමාධිය, නේව සඤ්ඤානාසඤ්ඤා සමාධිය මේ ධාන්‍ය අටෙන් එකක් හො තිබෙනවා නම් මරණාසන්න මොහොතේ මේ සාමාධියට සම වැදිලා බඹ ලොව ඉපදෙනවා. මේ වගේ ම තමයි පංච ආනන්තර්ය පාපකර්මයක් තියෙනවා නම් මරණාසන්න මොහොතේ සිහිවෙන්නේ ඒ පංච ආනන්තර්ය පාප කර්මයයි. ඒ වගේම පින් පව් විස්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් මරණාසන්න මොහොතේ මිත්‍ය දෘෂ්ටිය සිහි වෙලා අපා ගත වෙනවා.
මෙන්න මේ කියන ධ්‍යාන අටයි ආනන්තර්ය පාපකර්ම පහයි මිථ්‍යා දෘෂ්ටියටයි. ඒවාට කියනවා ගරුක කර්ම කියලා. ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල කර්මවලටයි ඉතා ප්‍රබල කර්මයක් තියෙනවා නම් එයයි මරණාසන්න මොහොතේ සිහියට නැගෙන්නේ. එබදු ප්‍රබල කර්මයක් නැති නම් ආසන්න කර්ම හෝ ආචින්න කර්මය හෝ කටත්තා කර්මය හෝ උපත තීරණය කරන්නේ නමුත් ආසන්න ආචින්න කටත්තා කියන කර්ම තුනෙන් බලවත් වෙන්නේ ආචින්න කර්මය බව ආවධාරණය කරමින් අපි අපේ ජීවිතයේ කුසලය ම බහුල බහුල ලෙස පුරුදු කරන මෙන් සිහිපත් කළ යුතුයි.