සතර අගතියෙන් තොරව තීරණ ගන්න | සිළුමිණ

සතර අගතියෙන් තොරව තීරණ ගන්න

අද කාලයේ පෙර අප­ර­ දෙ­දිග ලෝකයේ එක සේ ජන­ප්‍රිය බෞද්ධ යති­ව­රුන් අතර අජාන් බ්‍රහ්ම­වංසෝ හිමියෝ ප්‍රමු­ඛ­යෙකි. කේම්බ්‍රිජ් සර­ස­වියේ උපා­ධි­ධ­ර­යකු සේම කලක් ගුරු වෘත්තියේ නියැ­ළුණු අජාන් බ්‍රහ්ම­වංසෝ හිමි­යන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂු­ව­ර­යට අදාළ කම­ට­හන් ලබන්නේ තායි­ල­න්තයේ සුප්‍ර­සිද්ධ ථෙර­වාද භික්ෂු­වක වන අජාන් චා හිමි­ය­න්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කා­ලීන ලෝක­යට සර­ලව බෙදන උන්ව­හන්සේ ලොව පුරා මුල් පෙළේ ව්‍යාපා­රික වැඩ­මුළු සම්ම­න්ත්‍රණ ආදි­යෙ­හිද නොව­ර­දින දේශ­ක­යකු බවට පත්ව ඇත්තේ බ්‍රහ්ම­වංසෝ හිමි­යන්ගේ කාලීන වූත් ආක­ර්ෂ­ණීය වූත් දේශන රටාව නිසාය. පසු­ගිය වසරේ නොවැ­ම්බර් මාස­යේදී ශ්‍රී ලංකා­වට වැඩම කළ අව­ස්ථා­වේදී බ්‍රහ්ම­වංසෝ හිමියෝ අර­ලිය ගහ මන්දි­ර­යේදී මෙරට ව්‍යාපා­රික ප්‍රජාව සහ වෘත්ති­ක­යන් අමතා දේශ­න­යක් කළහ.

එහි මුල් කොටස පසු­ගිය සතියේ පළ වූ අතර මෙහි පළ­වන්නේ දෙවැනි කොට­සයි.

ව්‍යාපා­රික හෝ වෘත්තීය ජීවි­ත­ය­කදී අපට අභි­යෝ­ග­යක් වන එක් අව­ස්ථා­වක් තමයි යම් බැරෑ­රුම් තීර­ණ­යක් ගැනීමේ අව­ස්ථාව. මෙම අව­ස්ථාව අපට අති­ශ­යින්ම වැද­ගත්. මෙතැ­න­දීත් ප්‍රධාන සාධ­ක­යක් වෙන්නේ සිතී­මයි. අපට සිතන එක අමා­රුයි. තීරණ ගනිද්දී අපට බොහෝ දේවල් ගැන සිතන්න වෙනවා. බොහෝ පැති ගැන බලන්න වෙනවා. මේ සියල්ල සලකා හරි තීර­ණ­යක් ගන්න­ටත් සිදු­වෙ­නවා. එය තර­මක් ආත­ති­කා­රීයි. අග­මැ­ති­තුමා ඉන්නවා. අග­මැ­ති­ව­රයා ලෙස රටට වැද­ගත් හරි තීරණ ගන්නා විට කවු­රු­වත් ඒ ගැන අව­ධා­න­යක් නොද­ක්වාවි. කවු­රු­වත් එය අගය නොක­රාවි. ඒත් එක වැරදි තීර­ණ­යක් ගත්තොත් පහු­වදා පුව­ත්ප­ත්වල මුල් පිටුවේ ඒක තිබෙ­නවා. සමා­ග­මක් හැටි­යට ගත්තා­මත් මේ තත්ත්ව­ය­මයි. ඒ නිසා අප හොඳින් කල්පනා කර බලා තීරණ ගත යුතුයි. අප නොබිය ව තීරණ ගත යුතු නැහැ. තීරණ ගැනී­මේදී යම් බියක් ඒම ස්වාභා­වි­කයි. තීරණ ගැනී­මේදී අපට එන විවේ­චන, යම් යම් පාර්ශ්ව­යන්ට එන අහි­ත­කර බල­පෑම් ආදිය ගැන සිතිය යුතුයි. ඒ ගැන බිය නොවී තීරණ නොගත යුතුයි කියල කියන්නේ ඒ නිසයි.

මම කියන්නේ අප බෞද්ධ­යන් ලෙස තීරණ ගැනීමේ දී යම් පාවෙන ක්‍රම­යක් අනු­ග­ම­නය කළ යුතුයි කියල. අප ලෝබ නැතිව දෝෂ නැතිව මෝහ එනම් මුලා­වක් නැතිව වගේම බිය නැතිව තීරණ ගත යුතුයි. අප යම් තීර­ණ­යක් ගත්තද එය පසු­වට එක් එක් ආකා­ර‍යෙන් බල­පා­නවා. කොහොම වුණත් අප යම් තීර­ණ­යක් ගනිද්දි එය හරි යන්නත් පුළු­වන්. වර­දි­න්නත් පුළු­වන්. වැරදි තීරණ අපට යළි සකස් කර ගත හැකියි.

අප කේම්බ්‍රිජ් විශ්ව විද්‍යා­ල­යයේ ඉන්න­කොට ඕන තරම් පර්යේ­ෂණ කිරීමේ නිද­හ­සක් තිබුණා. සම­හර විට අප අතින් කරන අත්හදා බැලීම් දහස් වාර­යක් වර­දින්න පුළු­වන් බවත් එක් වාර­යක් හරි­ය­ටම හරි­යන්න පුළු­වන් බවත් අපේ ආචා­ර්ය­වරු කිව්වා. ඔවුන් ඒ වැර­දීම් සඳහා නිද­හ­සත් දුන්නා. මේ නිසා තමයි අපට දැනුම පිළි­බඳ බාධක අබි­භ­ව­මින් ඉදි­රි­යට යන්න පුළු­වන් වුණේ. නව නිර්මාණ බිහි­වුණේ මෙලෙස බිය නැතිව තීරණ අරන් වැරදි නිවැ­රදි කර­ගත්ත මිනි­සුන් නිසයි.

අප හොඳින් හිතල තීර­ණ­යක් ගත්තා නම් ඒ තීර­ණය අනුව අප කට­යුතු හරි හෝ වැරදි ලෙස දකින්න පුලු­වන්. නමුත් අප ගත්තු තීර­ණය මත වැඩ කළ යුතුයි. ඒක කාටත් අසීරු ව්‍යායා­ම­යක්. සම­හරු මේ තීරණ පිළි­ගන්න තැමැති නෑ. විවේ­ච­නය කර­නවා ඔවුන් කියන්නේ අපා­යෙන් ආපු බොස්ලා කියල. මේ වගේ ගත්ත තීරණ වැරදි හෝ නිවැ­රදි වේවා ඒ අනුව කට­යුතු කර­නවා කියන්නේ තර­මක් අමාරු වැඩක්.

තීරණ ගැනී­මේදී වගේම ඒවා ක්‍රියා­ත්මක කිරිමේ දී තමන්ගේ කණ්ඩා­ය­මත් සමඟ සාකච්ඡා කළ යුතුයි. මේ තීරණ ක්‍රියා­ත්මක කිරී­මේදී එන ගැටලු බැලිය යුතුයි. එමෙන්ම නාය­ක­යෙක් වුණාම අනෙක් අයගේ හැඟීම් ගැන වැට­හී­මක් අව­බෝ­ධ­යක් තිබිය යුතුයි. අප තුළ යම් සීමා මායිම් තිබිය යුතුයි.

මම මේ ගැන පුංචි උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. මමත් තරුණ වය‍සෙදී ක්‍රිකට් ක්‍රීඩා­වට ඇලුම් කළ කෙනෙක්. මට වරක් ඔස්ට්‍රේ­ලි­යාවේ අඩි­ලේ­ඩ්වල බෞද්ධ විහා­රයේ ධර්ම දේශ­න­ය­කට ආරා­ධ­න­යක් ලැබුණා. නමුත් අවා­ස­නා­වට එදින ඔස්ට්‍රේ­ලි­යාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින තර­ග­යක්. දැන් තර­ගය තියෙන්නේ මගේ දේශ­න­යත් ක්‍රිකට් තර­ග­යත් අතරේ. මොකද මගේ දේශ­න­යට මිනිස්සු එයිද නැති­නම් ක්‍රිකට් තර­ඟය බලන්න යයිද? මම එහිදී අනෙක් අයගේ හැඟීම් පිළි­බඳ ව තීර­ණය කරලා මෙම දේශ­නය කල් දැම්මා.

අපට තීරණ ගනින්දී හැමෝම සතුටු වන ආකා­ර­යට තිරණ ගන්නට පුළු­වන් නම් හොඳයි. ඒ සඳහා හැමෝ­ගේම සිත් සතන් අව­බෝධ කර ගැනීමේ හැකි­යාව නාය­ක­යන්ට තිබිය යුතුයි. ඒ වගේම අපට මේ කට­යුත්ත සිදු කිරී­මත් ලේසි නෑ.

අපට හැමෝම සතුටු කිරී­මත් අමාරු වැඩක්. මෙවැනි වෙලා­වක කළ යුත්තේ නාය­ක­යන් ඔවුන්ගේ කණ්ඩා­යමේ අනෙක් සේව­ක­යන්ගේ සප­ත්තු­වට බැහැල ඔවුන් දකින ආකා­ර­යට පරි­ස­රය දැකල තීන්දු ගැනී­මයි. එය මට සිංග­ප්පූ­රුවේ චැන්ගි ගුවන් තොටු­පළේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­තුමා කිව්ව කතා­වක්. ඔහු කියන්නේ සේව­ක­යන්ගේ සප­ත්තු­වට බැහැල බල­නවා කියන්නේ යම් ප්‍රශ්න­යක් ගැන තීන්දු ගනිද්දී ඔවුන්ගේ කෝණ­යෙන්, ඔවුන් ගේ පැත්තේ ඉඳල බැලී­ම­ටයි.

අප නාය­ක­යන් හැටි­ය­ටත් සාමාන්‍ය පුද්ග­ල­යන් හැටිත් නිත­රම සිතිය යුතු දේ තමයි උදා වෙන දව­සක් තුළ කී දෙනෙක් සතු­ටින් තිය­න­වද කියන එක. අපි හැම වෙලා­වෙම අනුන් ගැන සිතිය යුතුයි. ඔවුන් ගේ සතුට ගැන සිතිය යුතුයි. තමන් කරන කවර හෝ කාර්ය­ය­කින්, ව්‍යාපා­ර­ය­කින් එම සේවාව ලබන්නා තෘප්ති­මත් වෙනවා නම් ඔවුන් සතු­ටට පත් වෙනවා නම් එය අපේ සාර්ථ­ක­ත්ව­ය­ටත් හේතු වෙනවා. මට ඔස්ට්‍රේ­ලි­යා­වේදී බස් රියැ­දු­රෙක් හමු වුණා. ඔහු මට කිව්වා මේ රස්සාව කිසිම සුග­ති­යක් නැති කාටත් වැඩක් නැති හිස් රස්සා­වක් කියල. අවු­රුදු දහ­යක් විතර තිස්සේම ඔහු වැඩ කරල තියෙන්නේ මේ හැඟී­මෙන්. ඔහුට තමන් කරන රස්සාව ගැන කිසිම සතු­ටක් නෑ කියල.

මම ඔහුට කිව්ව ඔයා දැන­ට­මත් මිනිස්සු ඒහා මෙහා ‍ගෙනිහින් ලොකු ‍සේවයක් කර­නවා තව ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මේ බස් එකට ගොඩ­වන බහින අයට පොඩ්ඩක් හිනා වෙන්න. ඒකෙන් ඒ මිනිස්සු ලොකු සතු­ටක් ලබාවි. ‍මේ සතුට නිසා ඔවුන්ගේ දව‍සේ වැඩ සාර්ථක වේවි කියල . ඇත්ත­ටම ඔහු ඒ සරල උත්ත­රෙන් ලොකු සහ­න­යක් ලැබුවා. මේ වගේ සම­හර විට අපේ ආය­ත­න­වල සේව­ක­යන් ර‍ටේ ජන­තාව සතුටු කරන්න කරන්න තියෙන්නේ පොඩි දෙයක් වෙන්න පුළු­වන්. අපි ඒ දේ කළ යුතුයි.

ඔවුන් සතු­ටින් තැබු­වොත් තමයි කාර්ය­ක්ෂ­ම­තාව වැඩි වෙන්නේ. ඵල­දායී සේව­යක් ලැබෙන්නේ. ඒ ව‍ගේම නව නිර්මාණ බිහි­වෙ­න්නෙත් අව­සාන‍යේ ආය­ත­නයේ ලාබය වැඩි වෙන්නත් මේ සතුට හේතු වන බව අප දැන ගත යුතුයි.

ඒ වගේම මම ව්‍යා­පා­රික නාය­ක­යන්ට කියන්නේ ඔබ ඔබේ කණ්ඩා­යම බලා ගන්න. ඔවුන් ඔබත් ඔබ සමා­ග­මත් හොඳින් බලා­ග­නිවි. ඕනෑම ආය­ත­න­යක ඉහළ සිට පහ­ළ­ටත් පහළ සිට ඉහ­ළ­ටත් කරු­ණාව පෙර­දැරි වූ බැඳී­මක් තිබිය යුතුයි. කාර්යාල තුළ විවිධ දේශ­පා­ල­න­යන් තිබිය හැකියි. නමුත් ඒ අතරේ ආය­ත­නය තුළ සාමා­ජි­ක­යන්ගේ අන්තර් බැඳී­මක් එකි­නෙකා කෙරෙහි ගරු කිරී­මක් කරු­ණා­වක් තිබිය යුතුයි. මම ආය­ත­න­යක නාය­කයා දකින්නේ උඩ යට හර­වපු පිර­මී­ඩ­යක පාදම වගේ උඩ තිබෙන සියලු බර දරා සිටින කේන්ද්‍රය එයයි. එය ශක්ති­මත් ව තිබු­ණො­තින් තමයි අර සියලු බර දරා ගත හැක්කේ.

අප තේරුම් ගත යුතු තවත් කරු­ණක් වන්නේ අපි යමක් රාජ­කා­රි­යක් බාර ගත්තාම බොහෝ විට අපි අප වෙනු­වෙන් විය­දම් කර­නවා අඩුයි. අප ගන්න වැටු­පෙන් ලබන ලාබ­යෙන් බොහෝ විට කෙරෙන්නේ අනුන් වෙනු­වෙන් විය­දම් කිරීම. තමන්ගේ පවුල වෙනු­වෙන්. සමා­ජයේ කට­යුතු වෙනු­වෙන්. දාන මාන වෙනු­වෙන් නෑදෑ හිත මිතු­රන්ගේ කට­යුතු වෙනු­වෙන් අප විය­දම් කර­නවා.

එහෙම බැලු­වාම අපි අමා­රු­වෙන් මහන්සි වෙලා උප­යන මුදල විය­දම් වෙන්නේ බොහෝ විට අනුන් වෙනු­වෙන්. සමා­ජය වෙනු­වෙන්. අපි ගෙවන බදු පවා එක් අත­කට අපෙන් ලැබෙන දාය­ක­ත්ව­යක්. එයින් රටේ යටි­තල පහ­සු­ක­ම්වල අද්‍යා­ප­න­යට ප්‍රජා සේවා­වන්ට විය­දම් වෙනවා. ඒ නිසා අපි නිසි ලෙස ඒ කට­යුතු කර­නවා කිය­න්නෙත් එක්තරා සේව­යක්.

සම­හරු කිය­නවා ව්‍යාපාර කියන්නේ මුද­ලට කෑදර අංග­යක් කියල. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි.

තවත් කොට­සක් ලබන සතියේ

ඡායාරූපය-අජාන් බ්‍රාහ්ම සමාජය

Comments