නාවික ගුවන් හමුදා අදටත් කරන නොපෙනෙන යුද්ධය | සිළුමිණ

නාවික ගුවන් හමුදා අදටත් කරන නොපෙනෙන යුද්ධය

 

තිස්ව­ස­රක් පුරා පැවැති ත්‍රස්ත­වා­දය පරා­ජය කිරීමේ දී ත්‍රිවිධ හමු­දාව සහ පොලි­සිය කරන ලද කාර්ය භාරය අති විශි­ෂ්ටය. ඈත දියඹේ, උඩු ගුවනේ මෙන්ම ගොඩ­බිමේ ආර­ක්ෂා­වට ඔවුහු ඇප කැප වූහ. යුද්ධයේ දී සතු­රාට තුව­ක්කුව දිගු කරන දෑත් ඔවුහු ජිවි­තය ඉල්ලා විලාප නඟන අහිං­සක සිවිල් වැසි­යන්ගේ ජිවි­තය ගලවා ගැනී­මට දිගු කළහ.

වසර තිහක් පුරා පැවැති යුද්ධය නිම වීමත් සමඟ ඔවුන්ගේ කාර්යය භාරය නිමා වට පත් වුයේ නැත. එතැන් පටන් රට අභ්‍ය­න්ත­රයේ මෙන්ම ඈත මුහුදේ සිදු­වන සිය­ලුම ආප­දා­වන් වලදී විප­තට පත් වූවන් බේරා ගැනි­මට ඔවුහු නිහඬ අති විශිෂ්ට මෙහෙ­ව­රක් කරති. ස්වභා­වික විප­තක් හො යම් ආප­දා­වක් සිදු වන අව­ස්ථා­ව­ලදි ක්ෂණි­කව ප්‍රති­චාර දක්ව­මින් විප­තට පත් ජන­තාව බේරා ගැනීමේ මහත් වූ සත් කාර්යෙහි නියැ­ළෙති. විශේ­ෂ­යෙන් ධීව­ර­යන් විශාල සංඛා­වක් ඈත දියඹේ දී මෑත­කා­ලී­නව විප­තට පත් වූ අතර ඔවුන් ගලවා ගැනීමේ විශාල මෙහෙ­යුක නිර­ත­වූහ. ධිවර ජන­තාව ගලවා ගැනීමේ මේ සුවි­ශේෂ මෙහෙ­යුම සිදු සඳහා නාවුක හමු­දාව සහ ගුවන් හමු­දාව විශාල පරි­ශ්‍ර­ම­යක් මෙන්ම පිරි­වැ­යක් ද දරයි.

නාවුක හමු­දාව සතු සොයා ගැනීමේ සහ මුදා­ගැ­නීමේ කලා­පය (Search and rescue area) ශ්‍රී ලංකා භූමි කාලා­පය මෙන් විසි­හත් ගුණ­යක් විශාල වේ. එම සාගර කලා­පය තුළ ගමන් ගන්නා නෞකා සහ යාත්‍රා­වල සුර­ක්‍ෂි­ත­භාව තහ­වුරු කිරීම ශ්‍රී ලංකා නාවික හමු­දාව සතු ‍ රාජ­කා­රි­යක් වෙයි. ජාත්‍යා­න්තර නෞකා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය ශ්‍රී ලංකා­වට ආස­න්න­යෙන් පැව­තීම හේතු­වෙන් දින­කට ශ්‍රී ලංකාව ආස­න්න­යෙන් වෙළඳ නෞකා­වන් 300 පමණ ගමන් කරයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දෛනික ධීවර කර්මා­න්තය සඳහා ධීවර වරාය 18 කින් එක් දින, බහු­දින යාත්‍රා සහ අනෙ­කුත් යාත්‍රා දියත් කරනු ලබන අතර, එම ධීව­ර­යන් හට මුහුදේ දී ඇති විය හැකි විවිධ වූ අන­තුරු සහ වෙනත් සිද්ධි­න්වල දී ඒ සඳහා සහය අවශ්‍ය වේ . යාත්‍රා­වල එන්ජින් ක්‍රියා­වි­ර­හිත වීම්, පුද්ග­ල­යින් මුහු­දට ඇද වැටිම්, වෙළඳ නෞකා හා ගැටීම්, යාත්‍රා ගිනි ගැනිම් වාසුලි සහ පුද්ග­ල­යන්ගේ රෝගී තත්ව­යට පත්විම මෙන්ම ධීව­ර­යින් මිය යෑම් සිදු වේ. එවැනි තත්ත්ව­යන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ජාත්‍ය­න්තර වෙළද නෞකා­වන් හීදීද සිදුව ඇති බව පසු­ගිය කාල­යේද විශාල වශ­යෙන් වාර්තා විය.

අපේ රටේ දේශ­ගු­ණික විප­ර්යා­ස­යන් නිත­රම සිදු වන අතර, මුහුදේ ස්වභා­වය ඒ අනුව වෙනස් විමට ලක් වේ. එම අභි­යෝ­ග­යන්ට මුහුණ දෙමින් ධීව­ර­යින් සහ යාත්‍රි­ක­යින් තම කට­යුතු සිදු කරන අතර, සම­හර අව­ස්ථා­වන් වලදී අය­හ­පත් කාල­ගුණ අන­තුරු හැඟ­වී­ම්ව­ලට අව­නත නොවි ධීවර කට­යු­තු­වල නිරත වන අව­ස්ථා­ව­ලදී ද මෙවැනි අභාග්‍ය සම්පන්න සිදු­වීම් වලට මුහුණ දීමට සිදුවේ. එවැනි තත්ත්ව­යන් හේතු­කොට මිනිස් ජිවිත ද අහිමි විය.

ශ්‍රී ලංකා නාවික හමු­දාව එවැනි අව­ස්ථා­වන් වලදී සොයා ගැනීම් සහ මුදවා ගැනීමේ මෙහෙ­යුම් දියත් කරන අතර එය ඉතා සංකිර්ණ ක්‍රියා­ව­ලි­යකි. මෙහිදි ධීවර යාත්‍රා­වක අන­තු­රක් සිදු­වුයේ නම් ධීවර සහ ජලජ සම්පත් අමා­ත්‍යාං­ශය සහ සම්බ­න්ධී­ක­ර­ණය වී කට­යුතු කරනු ලබන අතර, යාත්‍රාවේ හිමි­කරු සනාථ කරන තොර­තුරු උප­යෝගී කර ගනි­මින් නාවික හමු­දාව මැදි­හත් විම සිදු කරනු ලබයි. එවැනි තොර­තු­රක් නාවික හමුදා මුල­ස්ථා­නයේ ස්ථාපිත කර ඇත. එම ක්‍රියා­කාරි මැදි­රි­යට තොර­තුරු ලැබී­මෙන් අන­තු­රුව අවශ්‍ය පුද්ග­ල­යින් සහ ස්ථාන­ව­ලින් වැඩි­දුර තොර­තුරු ලබා ගැනීම සිදු කරනු ලබයි. ඒ අතර, අන­තුර සිදුව ඇති ප්‍රදේ­ශය, අව­සා­න­යට සන්නි­වේ­දන කට­යුතු සිදු කරන ලද වේලාව සහ යාත්‍රාවේ තොර­තුරු ලබා ගැනිම සිදු කරයි. එහි දී, නාවික හමු­දාව විසින් එම යාත්‍රාව හෝ පුද්ග­ල­යින් සොයා ගැනිම් සහ මුදා ගැනීමේ මෙහෙ­යුම් සඳහා නාවික හමු­දාවේ නෞකා­වක් හෝ යාත්‍රා­වක් යෙද­විමේ හැකි­යාව මත ඉදිරි කට­යුතු සිදු කරනු ලබයි.

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යන් වලදි නෞකා­වක් හෝ යාත්‍රා­වක් අන­තු­රට පත් වුව­හොත් සොයා ගැනීමේ සහ මුදවා ගැනීමේ මෙහෙ­යුම් සඳහා දැඩි පරි­ශ්‍ර­ම­යක් දැරිය යුතු අතර, ගොඩ­බිම ‍සිට අන­තුර සිදුවි ඇති ස්ථාන­යට ඇති දුර සහ මුහුදේ ස්වභා­වය අනුව ඒ සඳහා යොද­වන නෞකාව හෝ යාත්‍රාව තිර­ණය කෙරේ. තවද, වේග ප්‍රහා­රක යාත්‍රා මඟින් කෙටි කාල­ය­කදි එම ස්ථාන­යට ළඟා විමට හැකි වුවත් මුහුදේ රළු ස්වභා­වය අනුව එය සිදු කිරී­මට අප­හසු වේ. එහිදී, වැඩි කාල සීමා­වක් මුහුදේ හැසි­ර­විය හැකි විශාල නෞකා යොදා ගැනී­මට සිදු­වන අතර, එම නෞකා­වල වේගය වේග ප්‍රහා­රක යාත්‍රා­ව­ලට වඩා ඉතා අඩුය. නාවික හමු­දාව විසින් ඉහත කාර්ය­යන් සඳහා නාවික හමු­දාව සෘජුව මැදි­හත් නොවන අව­ස්ථා­ව­ලදි ධීවර යාත්‍රා හිමි­ක­රු­වන් වෙත සහ අන­තු­රට පත් ධීවර යාත්‍රා­වට හෝ පුද්ග­ල­යන් හට උදවු කිරීම සඳහා එයට ආස­න්නව පව­තින වෙනත් ධීවර යාත්‍රා හෝ වෙළඳ නෞකා­වක සේවය ලබා ගැනීමේ අව­ශ්‍ය­තාව සම්බ­න්ධව දැනු­ම්දීම් සිදු කරනු ලබන අතර, සන්නි­වේ­දන කට­යුතු සඳහා සහය දීමද සිදු කරනු ලබයි.

දැනට නාවික හමුදා මුල­ස්ථා­නයේ සමු­ද්‍රීය මුදා ගැනීම් සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නය ස්ථාපිත කර ඇති අතර, එම­ඟින් මුහු­දේදී නෞකා සහ යාත්‍රා මුහුණ දී ඇති අන­තුර සම්බ­න්ධව ශ්‍රී ලංකා මුහුදු සීමා­වට ආස­න්න­යෙන් පව­තින චින, ඉන්දියා, බංග­ල­දේ­ශය, ඉන්දු­නී­සියා සහ මාල­දි­ව­යින යන රට­වල් වල ස්ථාපිත සමු­ද්‍රීය මුදා­ගැ­නීමේ මධ්‍ය­ස්ථාන වෙත දැනුම් දීම සිදු කරන ලබයි. එවැනි අව­ස්ථා­වක දී එම රට­ව­ල්ව­ලින් දියත් කර ඇති නෞකා සහ යාත්‍රා­ව­ලට දැනු­ම්දීම සිදු කරනු ලබන අතර, ඔවුන් විසින් මෙවැනි මෙහෙ­යුම් සඳහා අවශ්‍ය සහ­යෝ­ගය ලබා දීමට කට­යුතු කරනු ලබයි.

ඉතා කඩි­න­මින් මුදා ගැනීමේ මෙහෙ­යු­මක් දියත් කිරී­මට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ සහය ද ලබා ගැනීම සිදු කරයි. ඒ අනුව අදාළ ප්‍ර දේශ­ව­ලට දැනුම් දීමෙන් අන­තු­රුව ගුව­නින් නිරී­ක්ෂ­ණය කිරීම සිදු­ක­රනු ලබයි. ඒ අනුව ගුව­නින් යායුතු මට්ටම පිළි­බ­දව අන­තුර නිරී­ක්ෂ­ණය අනුව තෝරා ගැනෙයි. ගුව­නින් අන­තුර සිදුවූ ස්ථාන­යට ඉතා ඉක්ම­නින් යා හැකි නිසා අදාළ පිරි­සට සිදු වන අන­තුර අවම කර ගැනී­මට මේ ගුව­නින් නිරී­ක්ෂ­ණය කිරී­මෙන් සිදු­වෙයි. එමෙන්ම එම නිරී­ක්ෂ­ණය මගින් ඉතා කෙටි කාල­ය­කින් නිෂ්චිත වශ­යෙන් අන­තුර සිදු ස්ථානය සොයා ගැනී­මට හැකි­යාව ලැබෙයි.

එන්ජින් ක්‍රියා­වි­ර­හිත තත්ත්ව­යන්ට පත්වූ යාත්‍රා නිය­මිත වරාය වෙත රැගෙන ඒමට මෙන්ම රෝගී, මිය­ගිය ධීව­ර­යින් සම්බන්ධ තොර­තුරු වාර්තා වුව­හොත් නාවික හමුදා විශේෂ අව­ධා­න­යක් යොමු කොට ඉතා ඉක්ම­නින් ප්‍රති­චාර දැක්වී­මට සුදා­නම් ව සිටි.

මෙම ක්‍රියා­ව­ලිය හේතු­වෙන් පසු­ගිය කාල සීමව තුළ විශාල ජිවිත සහ දේපළ ප්‍රමා­ණ­යක් ආරක්‍ෂා කිරී­මට නාවික හමු­දාව සමත් වීය. මෙම වසරේ ජන­වරි මස සිට මේවන තෙක් රෝගී ධීව­ර­යින් 16 දෙනෙ­කුගේ ජිවිත බේරා ගැනී­ම­ටත්, ක්‍රියා­වි­ර­හිත වූ ධීවර යාත්‍රා 40 ක් නිය­මිත ධීවර වරා­යන් වෙත ගෙන්වා ගැනී­ම­ටත්, මිය­ගිය ධීව­ර­යින් 04 දෙනෙ­කුගේ මෘත දේහ ඥාතින් වෙත ලබා දීම­ටත් නාවික හමු­දාව සමත් වීය.

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යන් වලදි අන­තු­රට පත් ධීව­ර­යින් හෝ පුද්ග­ල­යින් මුහු­ණ­පාන පරි­සර සාධ­ක­යන්ට සමාන තත්ත්ව­ය­කට මුහුණ දීමට සිදු­වු­වත් ශ්‍රී ලංකා නාවික හමු­දාවේ නිල­ධා­රින්ගේ සහ නාවි­ක­යන්ගේ වෘත්ති­මය දැනුම සහ පළ­පු­රුද්ද උප­යෝගී කර ගනි­මින් අඩු තාක්‍ෂ­ණික පහ­සු­කම් යටතේ මෙම මෙහෙ­යුම් සිදු කරනු ලබයි.

මෙම කර්තව්‍ය ජාත්‍යා­න්තර වශ­යෙන් වැද­ගත් වන නිසාම ශ්‍රී ලංකා නාවික හමු­දාවේ 2025 දැක්ම යටතේ විශාල නෞකා ශ්‍රී ලංකා නාවික හමු­දා­වට එකතු කර ගැනීම සහ නාවික හමුදා ගුවන් ඒක­ක­යක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මුලික කට­යුතු මේ වන විටත් සිදු කර­මින් පවති. තවද, මෙම මෙහෙ­යුම් අනෙ­කුත් නාවික හමු­දා­වන් සමඟ ඒකා­බ­ද්ධව සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ තාක්‍ෂ­ණය ලබා ගැනී­මට නිල­ධා­රින් සහ නාවි­ක­යන් දෙස් විදෙස් පාඨ­මාලා සඳහා යොමු කිරීම ද සිදු කරනු ලබයි.

ලාංකීය ධීව­ර­යන්ගේ මානව සහ භෞතික සම්පත් සුර­ක්‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමු­දාව නිබ­ඳව කැප­වන අතර, අය­හ­පත් කාල­ගු­ණික වාර්තා­වන්ට යහ­පත් ප්‍රති­චාර දැක්විම සහ ඒ පිළි­බ­ඳව දැනු­වත් වීමෙන් ජිවිත මෙන්ම දේපළ ද ආරක්‍ෂා කර ගැනී­මට හැකි බව ඔවුන්ගේ අද­හ­සයි.

විශේෂ ස්තුතිය ශ්‍රී ලංකා නාවික හමුදා සොයාගැනීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අංශයට

 

Comments