බැඳුම්කර තොරතුරු පිටට දීමට නීතිපති උපදෙස් පතයි | Page 16 | සිළුමිණ

බැඳුම්කර තොරතුරු පිටට දීමට නීතිපති උපදෙස් පතයි

 මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳ විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ තොරතුරු වෙනත් පාර්ශ්වයන්ට ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම කොමිෂන් සභා වාර්තාවේ විස්තර ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමට සිදු වූ බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ මඟින් විමර්ශන සිදු කෙරෙන නිසා ඉදිරියේදී තමා ක්‍රියා කළ යුතු ආකාරය ගැනද නීතිපති උපදෙස් පැතූ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Comments