ජල ගැටලු විසඳන්න ආණ්ඩුවට නිසි සැලසුමක් නැහැ | සිළුමිණ

ජල ගැටලු විසඳන්න ආණ්ඩුවට නිසි සැලසුමක් නැහැ

ශ්‍රී ලංකාව වැනි තෙත් කලාපීය රටකට බරපතළ ජල අර්බුදයකට සහ නියඟයකට මුහුණ දීමට සිදුවීම බැලූ බැල්මට දේශපාලන තීන්දු තීරණ නොවන බව පෙනුණ ද මේවා ආණ්ඩුව කලක් තිස්සේ ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය.

මේ වන විට රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී ඇති බවත් කිසිදු ක්ෂේත්‍රයක් පිළිබඳ නිසි සැලැස්මකින් සහ පැහැදිලි අවබෝධයකින් තොරව කටයුතු කරන ආණ්ඩුව ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නිසි සැලසුමකට කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීම විහිළුවක් බවද හෙතෙම පැවසීය. දියුණු රටවල් පවා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කළ ද ආණ්ඩුව කෙටිකාලීන ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ගනු ලබන ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ නිසා ජල සම්පත විනාශ වීම හේතුවෙන් ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ද ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ප්‍රයෝජන අපේක්ෂාවෙන් ගනු ලබන ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ නිසා ජල සම්පත විනාශ වීම හේතුවෙන් ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ද ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Comments