ඌබර් ස්වයං ධාවන රථ අත්හිටුවයි | Page 3 | සිළුමිණ

ඌබර් ස්වයං ධාවන රථ අත්හිටුවයි

 ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ, ටැම්පා පළාතේ මාර්ගයක් මතදී සිදු වුණු මාරක රිය අනතුරත් සමගින් සිය ස්වයං ධාවන රථ වහාම අත්හිටුවීමට ඌබර් සමාගම තීරණය කර තිබේ. පාර මාරුවෙමින් සිටි කාන්තාවක් මෙලෙස ඌබර් රථයක ගැටී ඇති අතර, බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ඌබර් සමාගම පවසා සිටී.

කෙසේවෙතත් මීට පෙරද අවස්ථා කීපයකදී මෙවැනි රියැදුරෙකු නොමැති ස්වයං ධාවන රථ අනතුරට ලක්වීමේ සිදුවීම් වාර්තා වී ඇත. නමුත් මෙවැනි වර්ගයේ රථයක් මෙලෙස දරුණු අනතුරකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. රථය අදාළ කාන්තාවගේ ඇඟෙහි ගැටුණු අවස්ථාවේදී එහි ස්වයංක්‍රීය ධාවන ක්‍රමය සක්‍රීය වී තිබූ බවත්, මිනිසුන් නිරීක්ෂණය කරන තිරය පවා සක්‍රීයව තිබූ බවත් පැවසේ. කෙසේනමුත් එම මිය ගිය කාන්තාව පාර මාරු වී ඇත්තේ නියමිත පාර මාරු වීමේ තීරුවකින් නොවන බවත් අනාවරණය වී ඇත. 

Comments