2018 වසරේ හොඳම ස්මාර්ට් අත්ඔරලෝසු | සිළුමිණ

2018 වසරේ හොඳම ස්මාර්ට් අත්ඔරලෝසු

1. ඇපල් Watch 3

ඇපල් දුරකතන භාවිත කරන්නන්ට පමණක් උචිත මෙය watchOS 4 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන අඟල් 1.53ක OLED තිරයක් ඇති ගිගාබයිට් 8 හෝ 16 අභ්‍යන්තර මතක ධාරිතාවලින් ලබාගත හැකි ඔරලෝසුවක්. සිම් පත් යෙදිය හැකි මෙහි වයිෆයි, බ්ලූටූත් සහ NFC ද තිබෙන අතර මිල රුපියල් අසූ දහසක් පමණ වෙනවා.

2. සැම්සන්ග් Gear S3

ඇන්ඩ්‍රොයිඩ් සමඟ සබැඳී ක්‍රියා කරන මෙය Android Wear නම්වූ ගූග්ල් සමාගමේ ඔරලෝසු මෙහෙයුම් පද්ධතිය මත පදනම්වූ TizenOS නමැති සැම්සන්ග් සමාගම විසින් නිර්මිත මෙහෙයුම් පද්ධතිය ධාවනය කරනවා. අඟල් 1.3ක AMOLED තිරයක් ඇති මෙහි ඩුවල් කෝ(ර්) සකසුවක්, ගිගාබයිට් 4ක අභ්‍යන්තර ධාරිතාවක් සහ වයිෆයි මෙන්ම බ්ලූටූත් ද අඩංගු වනවා. ක්ලැසික් සහ ස්පෝර්ට්ස් යනුවෙන් මාදිලි දෙකකින් පැමිණෙන මෙහි, මිලෙන් වැඩි ස්පෝර්ට්ස් මාදිලියට සිම්පතක් ඇතුලත් කිරීමටද හැකියි.

3. LG Watch Style

 ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම ඇපල් දුරකථනවල ද ක්‍රියා කරන මේ Android Wear ස්ථාපිත ඔරලෝසු අඩු මිලට වැඩි ප්‍රතිලාභ ලබා දෙනවා. මේ LG ඔරලෝසුව අඟල් 1.2ක P-OLED තිරයක්, ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 4ක අභ්‍යන්තර ධාරිතාවක්, පැය 24ක බැටරි ආයු කාලයක් සහිතව රැහැන් රහිත ආරෝපණ පහසුකම සහිතව පැමිණෙනවා. වයිෆයි හරහා අන්තර්ජාලයටත්, බ්ලූටූත් හරහා දුරකතනය සමඟත් සබැඳෙන්නට ඊට හැකියි. මිල රුපියල් හතලිස් පන්දහසක් පමණ වෙනවා.

5. ෆිට්බිට් Ionic

ශරීර සුවතා බෑන්ඩ් සඳහා නම් දරන ෆිට් සමාගම විසින් ස්මාර්ට් ඔරලෝසුවක් ද වෙළෙඳපොලට ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් ඔරලෝසුවලට වඩා මෙහි පෙනුම ටිකක් සෙල්ලම් බඩුවක් වගේ වුණත් ඩුවල් කෝ(ර්) සකසුවක්, ගිගාබයිට් 2.5ක අභ්‍යන්තර මතක ධාරිතාවක්, දින තුනක පමණ බැටරි ආයු කාලයක් සතු වෙනවා. ෆිට්බිට් වෙතින්ම නිර්මිත FitbitOS නමැති මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙය සීමීත කාල සීමාවකදී මීටර් 50ක් දක්වා ජලය යට තිබුණත් හානි වන්නේ නැහැ. වයිෆයි සහ බ්ලූටූත් පහසුකම් ඇති මෙය ආරෝපණයට ඔවුන්ගේම විශේෂිත චාර්ජරයක් තිබීම අවාසියක්. මෙය රුපියල් හතලිස් එක් දහස සිට හත්දහස පමණ අගයයන් අතර වෙළෙඳපොලේ දකින්නට ලැබෙනවා.

4. හුවාවේ Watch 2

ඇන්ඩ්‍රොයිඩ් වෙයා මෙහෙයුම් පද්ධතියේ 2.0 වෙළුමෙන් යුත් මෙය ස්නැප්ඩ්‍රැගන් Quad core සකසුවක් ඇති, මෙගාබයිට් 768ක අතථ්‍ය මතක (රැම්) ධාරිතාවකින් යුක්ත ඔරලෝසුවක්. අඟල් 1.2ක OLED සුපැහැදිලි තිරයක්, ගිගාබයිට් 4ක අභ්‍යන්තර මතක ධාරිතාවක් ඇති මෙය ඉහතකී ඔරලෝසු මෙන්ම ජලයට සහ දුහුවිල්ලට ද ඔරොත්තු දෙනවා. ස්පීකරයක්, වේගවත් ආරෝපණ හැකියාවක් සහ වයිෆයි, බ්ලූටූත්, GPS ආදිය ඇතුලත් මෙයට පැය 48ක බැටරි ආයු කාලයක් ද තිබෙනවා.

තඹරු විජේසේකර

Comments