රොබෝවරුන් බවට හැරෙන මෝටර් රථ | සිළුමිණ

රොබෝවරුන් බවට හැරෙන මෝටර් රථ

 මයිකල් බේ විසින් අධ්‍යක්‍ෂණය කළ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ තිබුණු රොබෝවරුන් බවට හැරෙන මෝටර් රථ ඇත්ත ජීවිතේදි දකින්න ලැබේවි කියලා ඔබ හිතුවා ද? තුර්කියේ ආයතනයක් ඊට පිළිතුරු දී තිබෙනවා.

ලෙට්විෂන්(Letvision) නම් මේ ආයතනය විසින් බී ඒම් ඩබ්ලිව් (BMW) මෝටර් රථයක් දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ලෙස සකසා ඒ හරහාම රථය රොබෝවෙක් බවට හැරෙන සේ සකසා තිබෙනවා. “Letrons” ලෙස මෙය නම් කර තියෙනවා. ඉංජිනේරුවන් සහ සහාය කාර්මික ශිල්පීන් 12 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් විසින් මාස 8ක් තිස්සේ නිපදවන ලද මේ ආකෘතියට තවම ඇවිදීමේ හැකියාව නම් නැහැ.

ඒ සඳහා අවශ්‍ය ආයෝජන ලැබුණොත් ඒ හැකියාව ද මෙයට ලබා දිය හැකි බව ඔවුන් පවසනවා. රතු වර්ණය හැරුණා ම වෙනත් වර්ණ රැසකින් සහ මාදිලි රැසකින් ද මෙය නිෂ්පාදන කිරීමට බලාපොරොත්තු වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

යශෝදා ඉන්දීවරී 

Comments