සූපවේදී පාඨමාලාවෙන් පසු ස්ථිර රැකියා අනිවාර්යයි | Page 3 | සිළුමිණ

සූපවේදී පාඨමාලාවෙන් පසු ස්ථිර රැකියා අනිවාර්යයි

ආහාර පිළියෙල කිරිමේ තාක්ෂණය යනු කලාවකි. නිපුණතා අධ්‍යාපන ක්‍රමය යටතේ සූපවේදී පාඨමාලාව පිළිබඳව දැනුවත් විය හැකිය. දේශීය ආහාර, විදෙස් ආහාර මෙන්ම නුතන සහ පැරණි ක්‍රමවේද අනුව සැකැසු ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන දැනුම ලබා ගැනීමට කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ආයනත වෙත යන ඔබට හැකියාව තිබේ.

ආහාර පිළියෙල කිරිමේ තාක්ෂණය යටතේ සූපවේදී පාඨමාලාව තවත් එක් පියවරකි.

සූපවේදී පාඨමාලාව හදාරන්නන්ට රැකියා අවස්ථාවන් බොහෝය. සංචාරක කර්මාන්තය, තරු පංතියේ හෝටල්, අවන්හල්, ආහාර බෙදාහරින ආයතන, පීසා, බර්ගර් මෙන්ම වෙනත් ආහාර නිශ්පාදන සමාගම්වලද දේශිය සංචාරක නිවාඩු නිකේතනවලද සූපවේදි රැකියාව සඳහා පවතින්නේ අති මහත් ඉල්ලුමකි. මාසික වැටුප රුපියල් පනස්දහස ඉක්මවන්නේ දේශීයවය. තවත් සමහර විට ලක්ෂය දෙක පමණ වැටුප් ලබන්නෝ ද වෙති. විදෙස් රටකදී නම් වැටුප රුපියල් ලක්ෂ හතර ඉක්මවයි. විදෙස් නෞකාවල සූපවේදීන්ට මාසික වැටුප රුපියල් ලක්ෂ දහය ඉක්මවයි. මැදපෙරදිග විශාල රැකියා අවස්ථාවන් ඇත.

"තරුණ පෙළට රැකියා මාර්ග සැකැසීම කාර්මික අධ්‍යාපනයේ විශාල වගකීමක්. පාසල් අධ්‍යාපනය හැර යන ඕනෑම කෙනෙකුට අනාගත ඉලක්කයක් පෙන්වීම නිපුණතා පාදක අධ්‍යාපනයෙන් සිදු කෙරෙනවා. NVQ-4 සමත් වීම සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව අතර විශ්වාසය ගොඩ නැගී තිබෙනවා. වත්මන් රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතන NVQ-4 කුසළතා සහතිකය ඉල්ලා සිටීම එහි විශේෂත්වයක්. විදෙස් රටවල රැකියා සුදුසුකම් සඳහාත් NVQ-4 හෝ ඊට ඉහළ සුදුසුකම් ඉල්ලා සිටිනවා. වෘත්තීය පුහුණුව NVQ-7 දක්වා ඉහළට යා හැකි නිසා උපාධි මට්ටමක් ලෙස ලොව පිළිගන්නවා. මේ නිපුණතා පාදක අධ්‍යාපනයේ දී අප සිදු කරන්නේ ආධුනිකයාට සහය වීමයි. ඒ හරහා ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය කුසළතා ගොඩනැංවීමයි." නාරාහේන්පිට වාත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකර අධ්‍යක්ෂිකා වසන්තා හේරත් මහත්මිය පවසා සිටියාය.

මල්කා ලුණුවිල මහත්මිය සූපවේදි පාඨමාලාවේ පුහුණු උපදේශිකාවය. ඇය වෙතින් ක්‍රමාණුකූලව නිපුණතාව ලබා ගැනීමට පැමිණෙන ආධුනිකයන් වෙත සැපැයෙන සේවය පිළිබඳව

විස්තර ලබා දුන්නාය. ආහාරවල නැවුම් බව, පිරිසිදු බව මෙන්ම භාවිත කරන කුළුබඩු සම්බන්ධව දැනුම අතිශයින් වැදගත්ය.

'ආහාර පිළියෙල කිරීමේදී ඉවසිළිවන්ත බව ඉතා වැදගත්. මෙහිදී අපි ආහාර වර්ග කැපීම්, කෙටීම්

සහ මිශ්‍ර කිරිම්වලදී නියමාකාරයෙන් සිත් යොමු කිරීමට උපදෙස් දෙනවා. "Prepare Sauces, Prepare Salads, Prepare Appetizers, Prepare Snaks, Prepare Soups, Prepare Hotrange foods, Prepare Desserts and Sweets, Prepare Hot & Coold Beverages, Prepare Ethnic foods, Fish and Meet for cooking." යනාදී වශයෙන් ඉතා ක්‍රමවත්ව පිළියෙළ කරන ලද විෂය නිර්දේශයක් අනුගමනය කරමින් නිපුණතා සම්මතයට අනුව පියවර ක්‍රමයට පුහුණු කිරිම මත සාර්ථක කුසළතාවක් ලබා දීමට හැකියි.

මීට අමතරව ඉංග්‍රිසි විෂය උගැන්වීම සිදුකෙරෙනවා.

වර්තමානයේ නවීන තාක්ෂණික උපකරණ සූපවේදීන් විසින් භාවිත කරණු ලබනවා. ඒවා විදුලි මෙන්ම විද්යුත් මෙවලම්. සමහර උපකරණ ස්වංක්‍රීයයි. මෙවැනි උපකරණ භාවිතය, නඩත්තුව මෙන්ම නැවත ගබඩා කර තැබීම මෙන්ම පිරික්සුම් ලැයිස්තුගත කිරීම් සහ ආරක්ෂාව ආදියත් පුහුණුවට අවශ්‍ය වනවා. මාස හයක න්‍යායාත්මක පුහුණුවෙන් පසු තවත් මාස හයක් තරුපංතියේ හෝටලවලට හෝ වෙනත් ප්‍රධාන පෙලේ ආයතනවලට අනුයුක්ත කෙරෙනවා. ඒ අයට අනිවාර්යයෙන්ම ඒ ආයතනවලම ස්ථිර රැකියා අවස්ථා ලැබෙනවා. බොහො ආයතන රැකියා අවස්ථාවන් සඳහා පුහුණු වූ අය ඉල්ලනවා. ඒ ඉල්ලීම් සපුරන්න කොහෙත්ම බැහැ. වරකට පුහුණු කළ හැක්කේ පහළොස් දෙනකු පමණයි. වසරකට දෙවරක් බඳවා ගැනීම් සිදුකෙරෙනවා.

අනිල් ලසත් පෙරේරා

Comments