අන්තර් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්මතා හා සාධාරණත්ව සැමරුම් උළෙල | Page 7 | සිළුමිණ

අන්තර් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්මතා හා සාධාරණත්ව සැමරුම් උළෙල

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමාජයීය ගැටලු අධ්‍යයනය කිරීම වර්තමාන ලෝකයේ මහත් උනන්දුවක් හා අභියෝගයට ලක්වූ මාතෘකාවකි. බටහිර ජාතීන් මෙන්ම ආසියාකරයේ ද අනෙකුත් ලෝකවාසීන්ගේ ද ඇස යොමු වූ මෙම මාතෘකාව මේ වනවිට කොතරම් ජනප්‍රිය වී ඇත් ද යත්, බිම් මට්ටමේ කතිකාවක අවශ්‍යතාවය ඉස්මතු වෙමින්, න්‍යායාත්මක තර්ක විතර්ක අභිබවා ප්‍රායෝගික අවස්ථාවන් හා ඈඳා ගනිමින් පවතී. මේ හා ඒකාත්මික වන විශ්වවිද්‍යාලයීය සිසු ඇඳුරු හා අනෙකුත් සේවක මඩුල්ල ඒකරාශී වූ ඉහළට කළ එළි දැක්වීම අන්තර් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාමානාත්මතාව හා සාධාරණත්ව සැමරුම් උළෙලයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂසමාජභාවයේ සාමානාත්මතා හා සංවර්ධනතාවය සැමරුම් උළෙල අදියර කීපයකින් පැවැත්වූ එකකි. මෙහි පළමු අදියර පැවැත්වූයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන අතර දෙවන අධියර පැවැත්වූයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේදී ය. තෙවන හෙවත් අවසාන අධියර පැවැත්වූයේ කැලණිය විශ්ව විද්‍යාලයේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි අන්තර් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව හා සාධාරණත්ව සැමරුම් උළෙල සංවිධානය කිරීමේ කටයුතු කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සේමසිංහ මහතා විසින් භාරගන්නා ලදී. මෙකී කටයුතු මෙහෙයවීමේ දී විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව ⁄සාධාරණතාවය පිළිබඳ ආරම්භක අධ්‍යක්ෂවරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රයේ වර්තමාන අධ්‍යක්ෂිකා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සමස්ත විශ්වවිද්‍යාලයේ ආචාර්ය හා ශිෂ්‍ය ප්‍රජාවගේ අප්‍රතිහත ධෛර්යයෙන් 2018 පෙබරවාරි 20,21,22 හා 23 යන දිනයන්හි දී විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව⁄සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයේ අරමුණු අතර පහත දැක්වෙන ප්‍රධාන අරමුණු කෙරෙහි පාඨකයාගේ අවධානය යොමු කිරීම අපගේ වගකීමකි.

‍මෙම කේන්ද්‍රයේ දැක්ම වනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන වනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය යටතේ පවතින විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සියලුම සාමාජිකයන්ට යෝග්‍ය වන අධ්‍යයන හා වැඩ පරිසරයක් සහතික ශක්‍යතාවක් පවතින බව තහවුරු කිරීමයි.

මෙම කේන්ද්‍රයේ අරමුණු වනුයේ,

•නවකවදය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී හිංසන වෙනස්කම් වැළැක්වීම.

•ස්ත්‍රීපුරුෂ සමාජභාවී හිංසන පැමිණිලි වාර්තා කිරීම.

මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කේන්ද්‍රය වැඩ කටයුතු රාශියක් දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාලයීය ප්‍රජාවගේ ස්ත්‍රීපුරුෂ සමාජභවයේ සමාජ ලිංග විභේදනයේ මතභේදනාත්මක කරුණු පිළිබඳ උනන්දුවක් හා අවබෝධයක් ඇති කිරීමේ අරමුණෙන්, ගායන, වාදන, නාට්‍ය, ප්‍රදර්ශන කුටි, කෙටි චිත්‍රපට කාටුන් ඇතුලත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආශ්‍රිත පණිවිඩ ඇතුලත්,ධජ ප්‍රදර්ශන, ස්වෙච්ඡා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළු ආදී වැදගත් අංග රාශියක් මේ හා බැඳී පැවතුණි. මෙම අංග ඉදිරිපත් කරන ලද ආයතන අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය,රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මෙන්ම ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ අය අතර කාන්තා අධ්‍යයන හා පර්යේෂණ කේන්ද්‍රය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, සූරියා කාන්තා සංවිධානය, පරිගණක හදිසි පර්යේෂණ ප්‍රතිචාර අංශය හා වෙනත් සංවිධාන හා ආයතන ගණනාවක් විය.

මෙමඟින් තරුණ කාන්තාවන් තරුණ පිරිමි ළමුන්ට සිදුවන හිංසනයෙන් වැලකී සිටීම සඳහා කුමක් කළ යුතුද? යන්න දැනුවත් කෙරිණි. මෙම ප්‍රදර්ශනය පාසල් සිසුන්ට විවෘත වූ අතර, සමාජයේ විවිධ තරාතිරමේ කණ්ඩායම් මෙම අවස්ථාවන්ට සහභාගී වුණි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සැමරුම් උළෙල ඉතා උත්කර්ෂවත්ව කැලණිය විශ්වවිද්‍යාලයේ අතිවිශාල පිරිසකගේ සහභාගීකත්වයෙන් පැවැත්වුණි.

ආචාර්ය අනූෂා එදිරිසිංහ

Comments