ලේක්හවුස් ආදිකර්තෘ 132 ජන්ම දින සමරුව | Page 10 | සිළුමිණ

ලේක්හවුස් ආදිකර්තෘ 132 ජන්ම දින සමරුව

 ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වැනි ජන්ම දින සමරු පින්කම් පෙබරවාරි 22 වැනිදා හා 23 වැනිදා ලේක්හවුස් ආයතනයේදී පැවැත්වේ.

ඒ අනුව 22 වැනිදා ලේක්හවුස් ආයතනයේදී කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර 23 වැනිදා දහවල් ශතාධික ත්‍රෛනිකායික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

ලේක්හවුස් සභාපති තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම පින්කම් මාලාව සංවිධානය කරනු ලබන්නේ ලේක්හවුස් බෞද්ධ සංගමයයි. ලේක්හවුස් ආයතනයේ අංශ ප්‍රධානීහු හා සේවක සේවිකාවෝ මෙම පින්කම් මාලාවට පූර්ණ සහාය ලබාදෙති.

 

Comments