
1. ජ්‍යෝතිෂ් - සංස්කෘත තත්සමයෙකි. ජ්‍යෝතිඃ යන්නෙහි විසර්ගයට (ඃ) ‘ෂ්’ ආදේශයෙන් නිපන් වදනෙකි. ජ්‍යුති හෙවත් බැබැළීම, කාන්තිය ඇති යන අරුත මෙයින් ලැබේ. පාලියෙහි මේ හා අනුරූප වැ ‘ජෝති’ යනු යෙදේ. මේ පාලි වදන සිංහලයෙන් දූ වඩාත් ප්‍රචලිත වැ ඇති සැටි දැකිය හැකි ය. ජෝතිමත් වැනි වදන් ද ජෝතිපාල වැනි පුද්ගල නාම ද එයට සාධක වේ. සිංහලයෙහි ‘දෝ’ යන්න මේ හා අනුරූප වැ යෙදෙන වදනයි.
2. ජ්‍යෝතිෂ - ජ්‍යෝතිෂ් යන්නෙන් ම නිපන් නාමයෙකි. මෙයින් ගැනෙන්නේ ග්‍රහ තාරකාවල හැසිරීම මුල් කොටගෙන ඵලාඵල කීමේ ශාස්ත්‍රය (Astrology) යි. රවි, චන්ද්‍ර, කුජ ආදී ග්‍රහයන් ගේ දීප්තිය හෙවත් බැබැළීම මේ ශාස්ත්‍රයට පදනම් වැ ඇති හෙයින් ජ්‍යෝතිෂ නමින් ගැනෙන බව පෙනේ. මෙහි මූර්ධජ ‘ෂ’ යෙදෙන අයුරු සැලැකුව මනා ය.
3. ජ්‍යෝතිශ්ශාස්ත්‍ර - යට දැක්වුණු ජ්‍යොතිඃයන්න හා ශාස්ත්‍ර යනු සමාස වීමෙන් නිපන් යෙදුමෙකි. මෙහි ශාස්ත්‍රයන්ගේ මුල යෙදෙන ‘ශ්’ ශබ්දය නිසා ජ්‍යොතිඃ යන්නෙහි අග විසර්ගය (ඃ) ද ‘ශ්’ බවට පෙරැළීමෙන් හෙවත් තාලුජාදේශයෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍ර යනු නිපැදේ. එ හෙයින් ජ්‍යෝතිෂ යන්නෙහි (මූර්ධජ) ‘ෂ’ යෙදුණ ද ජ්‍යොතිශ්ශාස්ත්‍ර යන්ගෙන් (තාලුජ) ‘ශ’ ට දෙවරක් යෙදෙන බව සැලැකිල්ලට ගත යුතු ය. සිංහලයෙහි දෝසන යනු මේ හා අනුරූප වැ යෙදේ.
4. ජ්‍යෝතිර්විද්‍යා - මෙහිදී ජ්‍යෝතිඃ යනු විද්‍යා යන්න හා සමාස වේ. විද්‍යා යන්නෙහි මුල යෙදෙන ‘ව්’ (ඕෂ්ඨජ) ඝෝෂ ශබ්දයක් වීම නිසා ජ්‍යෝතිඃ යන්නෙහි අග විසර්ගය ර් බවට පත් වීමෙන් ජ්‍යෝතිර්විද්‍යා යනු නිපන් බව පෙනේ. එහෙයින් මෙහිදී ජ්‍යෝතිෂ්විද්‍යා, ජ්‍යෝතිශ්විද්‍යා යනු නිර්වද්‍ය නොවන බව සැලැකිල්ලට ගත මනා වේ. ජ්‍යොතිර්ඥාන යන්නෙහි ද (මේ හේතුව නිසා ම) ර් ශබ්දය යෙදෙන බව සැලැකිය යුතු ය.
5. ජ්වලන - මේ සංස්කෘත තත්සමයෙහි (දන්තජ) ‘ල’, ‘න’ යෙදෙන අයුරු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. (ගිනි) දැල්වීම, බැබැළීම හෝ දැල්වෙන, බැබැළෙන හෝ මෙහි අරුත යි. පාලියෙහි මේ අරුත දෙනුව ජාලන යනු යෙදේ. ජ්වලන යන වර්තමාන කෘදන්තයට අනුරූප අතීත කෘදන්තය වනුයේ ජ්වලිත යනු යි. දැල්වුණු, බැබැළුණු යනු එහි අරුත යි.
6. ඤාණ - ‘ඥාන’ යන සංස්කෘත රූපය පාලියෙහි දී යෙදෙනුයේ මෙසේයි. ‘ඥාන’ යටතෙහි ෙමහි විස්තර දැක්විණි. ඤාන, ඥාණ යන දෙක ම අපශබ්ද (වැරැදි වදන්) වන බව සැලැකිල්ලට ගත යුතුයි.
7. ඤාති - ‘ඥාති’ යන්නට අනුරූප පාලි වදන යි. ‘ඥාති’ යටතෙහි විස්තර දන්වනු ලැබිණ. මෙ බඳු වදන් සන්ධි - සමාසවල යොදන කල්හි පාලි - සංස්කෘත දෙක මිශ්‍ර නොකිරීම ව්‍යක්ත ව්‍යවහාරය වේ.