ගැඹුරින් අවධානයට ගන්න: | Page 2 | සිළුමිණ

ගැඹුරින් අවධානයට ගන්න:

මෙය ආභ­ර­ණ­ය­ක්වත් සැර­සි­ල්ල­ක්වත් නොවෙයි

මයිකල් ඔන්ඩච්චි

ග්‍රේෂන් ත්‍යාගයේ නිර්මාතෘවරයා මයිකල් ඔන්ඩච්චි ය. ‘ද ඉංග්ලිස් පේෂන්ට්’ කෘතියට බුකර් ත්‍යාගය සඳහා පිරිනැමුණු මුදලෙන් (සම සම්මානය) ඔහු එය දියත් කළේ 1992 වර්ෂයේදී ය.‍ 1993 පටන් ඉංගිරිසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ශ්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් මේ සම්මානය වාර්ෂික ව පිරිනැමේ. ඔවුන් සඳහා එලෙස අඛණ්ඩ ව පිරිනැමෙන එක ම සම්මානය ද මෙය ය. ත්‍යාගය නම් කර ඇත්තේ මයිකල් ඔන්ඩච්චිගේ මව වන මොරිස් ග්‍රේෂන් ස්මරණය කරමිනි. සම්මානය සමඟ රුපියල් දෙලක්ෂයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමේ.

සිංහල සාහිත්‍ය කෘතියක හොඳ ම ඉංගිරිසි පරිවර්තනය වෙනුවෙන් එච්.අයි. ගුණතිලක ත්‍යාගය ද මීට සමගාමීව පිරිනැමේ. ඒ ත්‍යාග මුදල ද රුපියල් දෙලක්ෂයකි. 2015 වර්ෂයේ පටන් සරසවි පොත්හල ද මේ ත්‍යාග ප්‍රදානය සඳහා අනුග්‍රහය දක්වමින් ග්‍රේෂන් භාරයත් සමඟ සම්බන්ධ වේ.

************************

ග්‍රේෂන් සම්මානයේ හිමිකරුවෝ

මට කවි කතා නොලියා ඉන්න බෑ  2016 Stories -

චාරුලතා අබේසේකර තෙවරාතන්ත්‍රි

 

‘ස්ටෝරීස්’ ඇයගේ දෙවන නවකතාව ය‍. පළමු නවකතාව ‘ඕටම් ලීව්ස්’ ‘ද 2011 වසරේදී ග්‍රේෂන් ත්‍යාගයේ කෙටි ලැයිස්තුවට ඇතුළත් විය. ඒ පළමු නවකතාව ඇය අතින් ලියවුණේ සිය පියාණන් වූ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ අභාවයත් සමඟ දැනුණු හැඟීම් ප්‍රකාශයට පත් කරමිනි‍. එය පිය - දියණි මතක අවදි කිරීමත් බඳු ය. දෙවන නවකතාව ස‍්ටෝරීස් ඇරැඹෙන්නේ ඇයගේ ම ළමාවිය මතක ආවර්ජනයකිනි. එය අවසන් වන්නේ අනෙකකුගේ වෘතාන්තයක් ලෙස ය. “මට ලිවීමට ආභාසය ලැබුණේ මගේ දෙමවුපියන්ගෙන්. ඔවුන් ලෝකය දැක්කෙ වෙනස් විදිහකට. ඔවුන් සෑම තැනම දුටුවෙ කතා. සිය නිර්මාණ ඔස්සේ ඔවුන් ඒ කතා කිව්වා. මං කළෙත් එයමයි. එසේ නැතිව එය අමුතුවෙන් සිතා - මතා කළ දෙයක් නෙවෙයි. කවි, කතා නොලියා සිටි කාලයක් ගැන මගේ ජීවිතයේ මට සිතාගන්න බෑ...”

************************

 

හැඟීම් විග්‍රහ කිරීම මගේ අරමුණයි

2015 - White Lanterns: Wesak 2011 (Poetry)

වයිට් ලැන්ටර්න්ස්: වෙසක් (කාව්‍ය) ත්‍යාගරාජා අර්සනායගම්

ඉංගිරිසි සාහිත්‍ය ගුරුවරයෙකි. මීට පෙර ද ‘ද සිඟින් ඔෆ් ද ඒන්ජල්ස්’ සංග්‍රහය ග්‍රේෂන් ත්‍යාගයේ කෙටි ලැයිස්තුවට ඇතුළත් විය‍. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි­ෙයක් ද වේ. (නාට්‍ය පිටපත් රචනය) වයිට් ලැන්ටර්න්ස්: වෙසක් 2011 අත්පිටපතට ග්‍රේෂන් සම්මානය පිරිනැමිණි.

මෑත ඉතිහාසයේ අඳුරු මොහොතවල් එය ඇතුළත් කාව්‍ය මඟින් චිත්‍රණය වන බව විනිසුරු මඬුල්ලේ මතය විය. ඒ ඔස්සේ දඬුවම් නොලැබීම, කෝපය, ලජ්ජාව, පසුතැවීම පිළිබඳ හැඟීම් විග්‍රහ කිරීමට ඔහු සමත් වේ.

පද්‍ය රචනයට අමතරව නාට්‍ය රචකයකු ලෙස ද ඔහු ප්‍රචලිත ය. ‘ද ඉන්ටෘඩර්’ ඔහු අතින් ලියැවුණු සම්මානිත නාට්‍ය පිටපතකි. ත්‍යාගරාජාගේ පවුල් පසුබිම ද ලේඛක හා කලාකරුවන්ගෙන් සැදුම්ලත් එකකි.

************************

නැවුම් භාවිතයක් සහිත ලේඛකයෙක්

2014 – Love and Protest (Poetry) ලව් ඇන්ඩ් ප්‍රොටෙස්ට් - විහඟ පෙරේරා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් වන විහඟ, කලාව සහ සමාජය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විචාරාත්මකව අදහස් දක්වන්නෙක් ද වේ. ආදරය සහ රට තුළ ගොඩනැඟි සමකාලීන දේශපාලන වාතාවරණය තේමාකොට ගනිමින් පළ කළ නිර්මාණාත්මක ප්‍රතිභාව අගැයීමට ලක් කරන බව ග්‍රේෂන් ත්‍යාග විනිසුරු මඬුල්ලේ අදහස විය. ඉංගිරිසියෙන් පද්‍ය නිර්මාණකරණයේ යෙදෙන සමකාලීන ලාංකේය ලේඛකයන් අතර විහඟට ඇත්තේ නැවුම් හඬක් බව මාලින්ද සෙනෙවිරත්න පවසා තිබේ.

2016 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද විහඟ පෙරේරා ට හිමි විය. බ්‍රිතාන්‍ය හා පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකේය සාහිත්‍ය ද ඇතුළුව නූතන හා සමකාලීන සාහිත්‍ය ඔහුගේ අධ්‍යයන හා විෂයය ක්ෂේත්‍ර අතරට අයත් ය.

************************

තාත්තාගේ කවිත්වය බලපෑවා

2013 – Edges ‘එජස්’ - මාලින්ද සෙනෙවිරත්න

මාධ්‍යවේදියකු, පරිවර්තකයෙක්, කවියකු, විචාරකයකු, දේශපාලන විශ්ලේෂකයකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයකු ද වන නලින්ද සෙනෙවිරත්න ගේ නිර්මාණවලට ඉංගිරිසි පාඨකයා අතර විශාල ඉල්ලුමක් තිබේ. ‘එජස්’ ග්‍රේෂන් ත්‍යාගය දිනාගැනීමට පෙර

අවස්ථා 6කදී ඔහුගේ අත්පිටපත් (කාව්‍ය සංග්‍රහ) ග්‍රේෂන් ත්‍යාගය සඳහා නිර්දේශ විය. ඉන් අවස්ථා 5කදීම ඒ කෘති කෙටි ලැයිස්තුවට ද ඇතුළත් විණි. පැබ්ලෝ නෙරුඩා, ගාර්ෂියා මාර්කේස්, එඩුවාඩෝ ගලියානෝ වැනි ලේඛකයන් ඔහුගේ සාහිත්‍ය ජීවිතයට විශාල ආභාසයක් වී තිබේ.

‘Edges’ කාව්‍ය එකතුවට පද්‍ය නිර්මාණ 81ක් ඇතුළත් ය.

ලේඛකයකු, නිර්මාණකරුවකු වීමට ඔහුගේ පවුල් පසුබිම ද විශාල ලෙස බලපෑ බව පැහැදිලි ය. ‘මගේ දෙමවුපියො උපාධි අධ්‍යයන කටයුතු කළේ ඉංගිරිසියෙන්. මගේ තාත්තා ඉතාමත් හොඳ කවියෙක් වගේ ම මගේ අම්මා ඉගැන්වූවේ ඉංගිරිසි සාහිත්‍යය” සයිමන් නවගත්තේගමගේ ‘සංසාරආරණ්‍යයේ දඩයක්කාරයා’ ඉංගිරිසි පරිවර්තනය වෙනුවෙන් 2011 වර්ෂයේදී එච්.අයි. ගුණතිලක ත්‍යාගය ද මාලින්දට හිමි විය‍.

************************

හැමෝටම කියන්න කතාවක් තියෙනවා

2012 – Pillow Politics at MGK (Novel) ලාල් මැදවත්තේගෙදර

ගුරුවරයකු, ලේඛකයකු ‍යන සංගීතඥයකු ද වන ලාල් මැදවත්තේගෙදරගේ ‘Pillow Politics at MGK නවකතාවට ග්‍රේෂන්’ ත්‍යාගය හිමිව‍ූයේ කාව්‍ය, නාට්‍ය ආදී විවිධ නිර්මාණ අතර තියුණු තරගයකින් පසුවය. මේ කෘතිය ඔස්සේ ඔහු කණ්ණාඩි කිහිපයකින් ලොව දෙස බලන්නට සමත්ව ඇති බව විචාරක මතයකි.

මෙහි එම්.ජී.කේ. යනු මහා ගිනි කන්ද ය. වික්ටෝරියා මල්ලි, ටො‍ෙයාමා නැන්දා වැනි චරිත කවුද, ඔවුන්ගේ ජීවන රටාව කෙබඳු වීද, ඔවුන් විනාශය කරා ඇදුණේ කෙසේද යන්න මේ කතාවෙන් දැක්වේ.

“හැමෝටම කියන්න කතාවක් තියෙනවා. මෙය ලිවීමට මා ෙපලඹවූෙය්ත් එයමයි. සමහර අයට යම් යම් දේවල් අපට අමතක කරදීමට අවශ්‍යයයි. ඒත් ඒ පුද්ගලයන් වගේ ම දේවල් අපේ ජීවිතවල කොටසක් අපි ඒවා නොතකා හැරියොත් අපට ගෙවන්න වෙන මිල, බොහොම විශාලයි...” යනුවෙන් මේ කෘතියේ පසුබිම ලාල් විස්තර කර තිබේ.

2002 වසරේදී ඔහුගේ ද ක්ලීනර්ස් සෝල් කෘතිය ද ග්‍රේෂන් ත්‍යාගය සඳහා නිර්දේශ විය.

************************

හැම ජීවිතයකට ම තේරුමක් තියෙනවා

2011 – There’s Something I Have to Tell You - මධුභාෂිණී දිසානායක රත්නායක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි භාෂා ඒකකයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මධුභාෂිනී දිසානායක රත්නායකගේ පළමු නවකතාවට ම ග්‍රේෂන් ත්‍යාගය හිමි විය‍. ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභිනියක ද වේ. මීට පෙර දෙවතාවකදී ග්‍රේෂන් ත්‍යාගයට නිර්දේශ විය.

“සෑම ජීවිතයකට ම තේරුමක් තියෙනවා. මට අදාළව ගත්තොත් මගේ ජීවිතයට තේරුමක් තියෙන්නෙ මං ලේඛිකාවක් නිසා...” යනුවෙන් ඇය පවසන්නේ ලේඛනයට ඇති ඇල්ම ගැන ය. ඇයට කියැවීම ද එබඳුම ය. මේ නවකතාව එක් වාක්‍යයකින් හඳුන්වා දෙන්නේ නම් ‘විසිවැනි සියවසේ දෙවන භාගයේ හැදී වැඩෙන චරිත 7 ක් පිළිබඳ කතාවක්” වශයෙන් බව ඇය පවසා තිබේ.

ඇය පළමුව කතාව ලියන්නේ මනසේ ය. රථවාහන තදබදයට හසුව මහමඟ කාලය කා දමද්දී පවා එහි පරිච්ඡේද මනසේ ලියැවෙන බව ඇය කියයි. මධුභාෂිනී, මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ හා කුසුම් දිසානායක මහත්මියගේ දියණියයි.

************************

ජීවිතයේ විඳි දේවල් මගේ තේමාවයි

2010 – On The Streets and Other – Revelations සකුන්තලා සචිතානන්දන්

වෘත්තියෙන් නීතිඥවරියක වන සකුන්තලා සචිතානන්දන් ‘On The Streets and Other – Revelations’ කාව්‍ය සංග්‍රහයේ පෙළගස්වා ඇත්තේ දශක 4 ක් පමණ තිස්සේ ඇයට දැනුණු හා බලපෑ ඇතැම් සිද්ධීන් තේමා කොටගත් නිර්මාණ ය. සකුන්තලා ප්‍රකට ළමා කතා රචිකාවියක ද වන අතර ඇය ලේඛනයට අවතීර්ණ වූයේ ද ළමා කතා රචනා කරමිනි. ‘ටේල්ස් ෆ්‍රොම් ද ට්‍රී හවුස්’ හා ‘ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් සොකාඩි’ ද ඒ අතර වේ.

සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇය තුළ ඇති සංවේදී බව ග්‍රේෂන් ත්‍යාග විනිශ්චය මණ්ඩලයේ ද අගැයීමට පාත්‍ර විය. ඇය සඳහන් කරන පරිදි මේ පද්‍ය රචනාවී ඇත්තේ ඇය දුටු, ඇයට හැඟුණු - දැනුණු සිදුවීම් පදනම් කොට ගනිමිනි. ඇයගේ නිර්මාණ ඔස්සේ සතුන් පිළිබඳ ඇයට ඇති ඇල්ම හා කාරුණිකභාවය ද ප්‍රකට වේ.

************************

වඩාත් සතුටු වන්නේ ළමා කතා ලිවීමෙන්

2009 - Mythil’s Secret ප්‍රශානි රඹුක්වැල්ල

සමාගම් අධ්‍යක්ෂවරියක ද වන ප්‍රශානි රඹුක්වැල්ලගේ පළමු නවකතාව ‘Mythil’s Secret ’ ය. එය තරුණ මෙන් ම පරිණත පාඨකයා ද එකසේ ආකර්ෂණය කිරීමට සමත් වූ කෘතියකි. ප්‍රශානි කිවිඳියක මෙන් ම නාට්‍ය රචිකාවිය ද වේ. ඇය පවසන පරිදි ඇය වඩාත් සතුටට පත්වන්නේ ළමා කතා ලිවීමෙනි.

‘මිතිල්ස් සීක්‍රට්’ ලියනවාත් සමඟ ම දෙවන නවකතාව ‘ආසිරිස් ක්වෙස්ට්’ මනසේ ගොඩනැඟුණු බව ඇය පවසා තිබේ. එය ලියනවිට තුන්වැනි නවකතාව ද ගොඩනැ‍ඟෙමින් තිබුණ ද හදිසියෙන් ලිවීමට වුවමනාවක් නැති බව ඇයගේ අදහස ය. ‘මිතිල්ස් සීක්‍රට්’ ලියැවී ඇත්තේ මිහිල් නම් තරුණ පිරිමි ළමයකු වූවා ය. පවුලේ මෙන් ම මිත්‍රත්වයේ බැඳීම් කොපමණ සවිමත් දැයි ඔහු ග්‍රහණය කරගන්නා අයුරු ඉන් දිග හැරේ.

************************

මේ කෘතිය දෙස් විදෙස් පාඨක ප්‍රතිචාර ලැබුවා

2008 – චයිනාමන් ෂෙහාන් කරුණාතිලක

දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ නිර්මාණ අධ්‍යක්ෂවරයකු පිටපත් රචකයකු මෙන් ම විශේෂාංග ලේඛකයකු ද වන ෂෙහාන් කරුණාතික ගේ දෙවන නවකතාව ඩයිනාමස් ද ලිජන්ඩ් ඔෆ් ‘ ප්‍රදීප් මැතිව්‘ ය‍ එහි තේමාව ක්‍රිකට් ය. 1980 ගණන්වලදී අතුරුදහන් වූ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ඔහු පිළිබඳ සොයන මධුවිතෙන් මත්වූ මාධ්‍යවේදියකු වටා මේ කතාව ගොඩනැඟී තිබේ. ග්‍රේෂන් සම්මානය හිමිවූයේ කෘතියේ අත්පිටපතට ය. පසුව එය ප්‍රකාශයට පත්වූ අතර සිංහලට ද පරිවර්තනය වී තිබේ. ‘චයිනාමන්’ ඉන්දියාවේ හා එක්සත් රාජධානියේ දී ද ප්‍රකාශයට පත්විය. විදේශයන්හි ද මේ කෘතිය විශාල පාඨක අවධානයකට ලක් විණි. සම්මාන ගණනාවක් ම ඊට හිමි වී තිබේ. ෂෙහාන් ගේ ‘ද ජේන්ටර්’ නවකතාව ද මීට පෙර ග්‍රේෂන් ත්‍යාගයේ කෙටි ලැයිස්තු‍වට ඇතුළත් ‍විය.

************************

පරාවර්තනිය ආත්මය ස්පර්ශ කරන්නක්

2007 - Nothing Prepares You විවිමාරි වැන්ඩර්පුටන්

ඉංගිරිසි භාෂාව සාහිත්‍ය හා වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මෙන් ම කිවිඳියක වන විවිමාරි වැන්ඩර්පුටන් ගේ පළමු කාව්‍ය සංග්‍රහය ‘Nothing Prepares You ’ ය. 2009 වසරේදී සාර්ක් ත්‍යාගය ද (පද්‍ය) ඇයට පිරිනැමිණි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද ඇයට හිමි වී තිබේ.

විවිමාරිගේ කවි මෘදු ලෙස හා පරාවර්තනීයව ආත්මය ස්පර්ශ කරන බව ග්‍රේෂන් ත්‍යාග විනිශ්චය මණ්ඩලයේ මතය විය.

ඇයගේ තෙවන කාව්‍ය සංග්‍රහය ‘බරෝව්ඩ් ඔස්ට්’ 2017 වස‍ෙර්දී ප්‍රකාශයට පත්විණි. සිංහල, ස්පාඤ්ඤ, ස්වීචිෂ් භාෂාවලට ඇයගේ කෘති පරිවර්තනය වී ඇති අතර ඉන්දියාව, බංග්ලාදේශය, මෙක්සිකෝව, ස්වීඩනය සහ එක්සත් රාජධානියේදී ප්‍රකාශයට පත් වී තිබේ.

Comments