බහලුම් පරීක්ෂාවට අධිතාක්ෂණය | Page 10 | සිළුමිණ

බහලුම් පරීක්ෂාවට අධිතාක්ෂණය

 ලෝකයේ පිළිගත් හා කාර්ය බහුල ම වරායන් ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක අධිතාක්ෂණික මෙවලම් මඟින් කන්ටේනර් පරීක්ෂා කොට නිදහස් කිරීමේ සේවාව තව මාස හයකින් ශ්‍රී ලංකාවේදී ද ක්‍රියාවට නැංවීමට යයි. මෙවැනි අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් මෙරටට එන යන කන්ටේනර් ස්කෑන් කිරීම ඇරඹීමත් සමඟ ආනයන අපනයනකරුවන්ට ඉතා විශාල පහසුවක් සැලැසෙන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.

ඇමෙරිකාව, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් ගණනාවක ආරක්ෂාව හා පහසුව සැලැකිල්ලට ගෙන මේ නව ස්කෑනින් මධ්‍යස්ථාන වරාය භූමියන්හි ස්ථාපිත කොට ඇත. එවන් මධ්‍යස්ථානයක් කොළඹ වරාය භූමියේ ඉදිකිරීමට ඉකුත්දා මුල්ගල තබා වැඩ ඇරඹී බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මාස හයකින් එම මධ්‍යස්ථානය විවෘත කිරීමට ඉලක්ක කොට ඇතැයි ද කීය. 

 

Comments