උපතේදීම තුන්දාහකට හෘදය රෝග‍‍ | Page 10 | සිළුමිණ

උපතේදීම තුන්දාහකට හෘදය රෝග‍‍

නිශානි හේරත් බන්නැහැක

සෑම වසරකදීම ශ්‍රී ලංකාවේ දරුවන් 3000ක් සංජානනීය හෘදය රෝග (CHD) හෙවත් උපතේදීම හටගත් හෘදය රෝග සමඟ උපත ලබන බව රිජ්වේ ආර්යා ළමා ‍රෝහලේ හදවත් රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පවසයි. එසේම ලංකාවේ නොමේරූ දරුවන් මියයෑමට අමතරව වැඩිම දරුවන් පිරිසක් මියයන්නේ හෘදය රෝග නිසා බවත් කීය. මෙම රෝගී දරුවන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතර නිසි වෙලාවට ප්‍රතිකාර නොලැබීමෙන් දරුවන් මියයන බව ද කීය.

මෙසේ වන්නේ ළමයින් විශාල සංඛ්‍යාවකට එකවර ප්‍රතිකාර කිරීම සඳහා ළමා රෝහල සතුව ප්‍රමාණවත් පහසුකම් නොමැති හෙයින් හා පොරොත්තු ලේඛනයේ දිගු කාලයක් සිටීමට සිදුවීම නිසා ය. 

Comments