එළවළු මිල පහතට | සිළුමිණ

එළවළු මිල පහතට

රටපුරා පැවැති කාලගුණික විපර්යාසයන් වෙළෙඳපොළෙහි එළවළු මිල ඉහළ යෑමට හේතු වූ බව ආර්ථික වෙළෙඳ සංගම් හිමියෝ පවසති. නැවත කාලගුණික තත්ත්වය ස්ථාවර වෙමින් පවතින හෙයින් එළවළු මිල පසුගිය දිනවලට සාපේක්ෂව අඩු වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එළවළු මිල ස්ථාවර වෙතැයිද වෙළෙඳ සංගම් නියෝජිතයෝ පවසති.‍

විශේෂයෙන් නුවරඑළිය ප්‍රදේශයේ මේ දිනවල එළවළු සදහා සුදුසු කාලගුණයක් පවතින නිසා එළවළු තොග මිල ගණන් ස්ථාවර මට්ටමකට පත්ව ඇති බව නුවරඑළිය ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි. ප්‍රවහානයේදී එළවළුවලට සිදු වන හානි සඳහා දැරීමට සිදු වන සෙසු පිරිවැයට සාපේක්ෂව මිල ගණන්වල වෙනස්කම් සිදු වුවද පසුගිය සතියට සාපේක්ෂව මිල ගණන් ස්ථාවර වි ඇති බව ඒ මහතා පවසයි.

කැරට් කිලෝවක මිල රුපියල් 250ක් ව පැවති අතර, මේ වන විට එය කිලෝවක් රුපියල් 100 දක්වාත්, ලීක්ස් මිල 70 සිට 50 දක්වාත්, ගෝවා මිල‍150 සිට 70 දක්වාත් තොග වශයෙන් අලෙවි වන බව ඔහු සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා එළවළු මිල ස්ථාවර වෙතැයි ලේකම්වරයා පවසයි. 

Comments