කුණු කන්දට වැඩි ණය කන්දක් | Page 861 | සිළුමිණ

කුණු කන්දට වැඩි ණය කන්දක්

ජයසිරි මුණසිංහ

මී‍තොටමුල්ල කුණු කන්දටත් වඩා වැඩි ණය කන්දක් රාජපක්ෂ පාලනයෙන් පසු රටට ගෙවන්නට සිදු වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

මේ තරම් විශාල ණය කන්දක් ගෙවීමේ අභියෝගය වත්මන් රජය ජය ගනිමින් සිටින බව ද කී මංගල සමරවීර මහතා වසර 2019 දී රුපියල් ට්‍රිලියන 3.2 මුදලක් විදේශ ණය ලෙස පමණක් ගෙවීමට අවශ්‍ය බවද කීය.

වසර 2018 - 2019 ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවිය යුතු විශාලතම ණය ප්‍රමාණය ගෙවීමට රජයට සිදු වී ඇතැයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉකුත් (28) දා පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

Comments

පිටු