![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/10/saitm.jpg?itok=7kJ4PthM)
ලන්ඩන් උසස්පෙළ විභාගයෙන් සමත් වූ ලෝකයේ ප්‍රථම සිසුවා මාලඹේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන බවත් එහි වෛද්‍ය උපාධිය හැදෑරීමට අවම සුදුසුකම උසස් පෙළ සම්මාන සාමර්ථ්‍ය දෙකක් හා සාමාන්‍ය සාමර්ථ්‍යක් ලැබීම බවත් වැඩ බලන උපකුලපති වෛද්‍ය දීපාල් සමරසේකර මහතා පවසයි.
උසස් පෙළ විභාගයෙන් සම්මාන සාමර්ථ්‍ය දෙකක් සමඟ සාමාන්‍ය සාමර්ථ්‍යක් ලබා ඇති සිසුන්ට වඩා පහළ සාමාර්ථ ඇති කිසිදු සිසුවකු සයිටම් ආයතනයට ඇතුළත් කරගෙන නොමැති බව පවසමින් ඔහු මේ බව කීය.
උසස් පෙළ අසමත් කිසිම සිසුවකු මාලඹේ වෛද්‍ය විද්‍යාලයට බඳවාගෙන නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
මාලඹේ සයිටම් ආයතනයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන් සියලු ප්‍රායෝගික හා න්‍යායාත්මක සුදුසුකම්වලින් සපිරි පිරිසක් බවත් කීය. සයිටම් යනු මෙවැනි වෛද්‍යවරුන් බිහිකරන තවත් එක් ආයතනයක් පමණක් බවත් මෙවන් ම වූ උපාධිධාරීන් බිහිකරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බිහිවූ වෛද්‍යවරු න් මේ වන විට සමාජයට සේවය කරන බවත් ඔහු පැහැදිලි කළේය.