කවි කල්පනා | Page 2 | සිළුමිණ

කවි කල්පනා

කුණු කදු

ඇති නොවන බලය
මානය කුල මල නිලය
විකල වුණ මොළය
කෙ‍ෙලස් කුණු කඳු

ලෝබ මද මාන
කෝප වෙර බිය ගේන
සිතේ පුර­වාන
දකිති දිවි­ තෙක් නපුරු හීන

දැඩි දුගඳ ගිලි­හෙන
විටෙක ගිනි ගෙන දිලි­හෙන
උනු­න්ගෙන් පළි­ගෙන
රුදුරු නරපණු කැලත නළි­යන

බලු කවුඩු පො‍රය
නොවන තුරු අහ­ව­රය
දිවි දුකට බරය
එයින් මිහි­මත මැවෙයි නිරය

කුණු නිසා යැපෙන
උනුන් එරෙ­හිව හැපෙන
මීනි මල් පිපෙන
කෙළෙස් කුණු බිහි­සු­ණුය කිපෙන

කෙ‍ෙලස් කුණු කසළ
නික­සළ කරන කුසල
පිරුණු සිත් අසල
සොඳුරු අර­මුණු නොවෙයි සසල

සෙවණ ලැබ තුරු මුල
සිදු ­විය සොඳුරු තෙම­ඟුල
පරි­ස­රය නික­සළ
සුවය සල­සයි සිතට සුනි­මල

දහම් එළි ගේන
වෙසක් පුන්සඳ පාන
සිතට කුණු නේන
ලොවට පෙන්වයි නිවෙන සීන

මහා­චාර්ය දර්ශන රත්නා­යක


 නිවන

තෙම­ඟුල සිහි­ කර දන් දෙති
නෙක නෙක විදුලි එළි මැද
විකු­ණති විසි­තු­රුව
සංසාරේ හැම­දාම
බැඳෙති පසු දින
වර­දෙ­හිම

මංජුල සෙනෙ­වි­රත්න


වෙසක් පැතුම

නව ලොව අරුම නිමැ­වුම් මත සැදුණු විසක්
තැන්පත් කෙරුණු සිත් අද මනු ලොවට දොසක්
ඒ තැන ඉවත් වී දැහැ­මිව දැමුණ හිසක්
අත් වේවා සැමට ඒකය පැතුම වෙසක්

සනත් පිය­සේන


සර­ණා­රා­මර පියේ

අඳු­රෙහි දණ ගගා මෙස­සර කතර තුළ
මිනිසා වැටෙනු දැක මිස­දුටු අරිටු මුල
සන­රා­මර පියේ තුන් ලොව එළිය කළ
සිප­ගමි සෙනෙ­හ­සින් සිරිපද සුවඳ මල

පාමින් සියලු දන­හට එක පරිදි සෙනේ
සස­රින් මිදෙ­න්නට නිර­තුරු පිහිට වුණේ
පිංබර වෙසඟෙ තෙම­ඟුල සිදු කෙරුණ දිනේ
ගිනි දැල් නවී ගොස් නිර­යෙන් සිසිල දැනේ

කරු­ණා­රත්න හපු­ආ­රච්චි


දුක නිවන මඟ

හිරු සඳු උදා වී සත­හට කියති යමක්
තුරු­ලිය සැන­සෙ­මින් මේ බව කරයි පසක්
කරුණා දයා­වෙන් පිරි­පුන් දහම් කෙතක්
සරුවී දකිමි මේ තෙම­ඟුල් දිනේ වෙසක්

හිතට දැනෙන පවු­කම් හැම දුරු වෙනවා
කයට වෙහෙස නැත සුව­සෙත මතු වෙනවා
දුකට පිහිට වූ බුදු හිමි සිහි වෙනවා
සතුට සසර දුක නිව­නට මඟ වෙනවා

ඇල්බට් ඇම්. ලිය­නගේ


හොඳ සරණ - බුදු සරණ

කිර­ණින් සුබ කිරණ සීතල සඳ කිරණ
දෙර­ණින් සර දෙරණ හිමි බිහි­වුණ දෙරණ
බර­ණින් බරණ සමි­ඳුගේ ගුණ බරණ
සර­ණින් හොඳ සරණ හැම විට බුදු සරණ

නමාසිත මගෙ බුදු සමි­ඳුට නිතර
පමානොවී සැන­සෙමි යන තෙක් එතෙර
මමායනය නොරැ­දුන අබැයක් විතර
අමාමහ නදිය සම්බුදු දිවි කතර

කහ­තු­ඩුවේ ප්‍රේම­සිරි අබේ­සිංහ


දියත දිනන වෙසක්

දියත සිරි විහි­දෙන
තෙම­ඟුල් උලෙළ සම­රන
නිජ­බිමේ අබි­මන
පහන් සිති­විලි ළමැද සට­හන

බුදු නුවණ හැඳි­නුව
සද­හම් සවිය දෙව­නුව
සඟ රුවන තෙව­නුව
ගෙනේ පෙර මඟ දෙලොව දියු­ණුව

චින්ත­නය නිද­හස්
සම්බුදු සිරිත් අද­හස්
වැට­හු­මෙන් සිව්­සස්
පෙනේ සව­නක් ගලන බුදුරැස්

මඟ අනුව අරි­හත්
ඔස­වන දෙපය පොහො­සත්
පුරන කල පිළි­වෙත්
හිතට සැන­සුම දෙලොව ජය ගත්

නන්ද­සේන පලි­හ­ක්කාර


 ජගත් තෙම­ඟුල

ලෝනා සමිඳු සද­හම් බැති ගීය ගයා
මානව දයා­වෙන් සිත්වල සුවඳ තියා
නෙත්වල කඳුළු පිස­දා­ලන සුමඟ කියා
දිවියේ අරුත පිබිදුවා පිරුණ දයා

දිනුම ද පරා­ජය දුක වේද­නා­වන්
ඉවසූ අයුරු සොඳු­රුයි සිත මනා­වන්
සුසැ­දුණු හද­ක­මල් මහ­ඟුයි දයා­වන්
පන්සිල් පිරුණු තැන් ලොව වාස­නා­වන්

තෙම­ඟුල සිහි­ක­රන ලොව සිරි­ල­කට හැරි
දෙද­හස් හත වෙසක් ඉති­හා­ස­යෙන් පිරි
වෙසෙ­සින් දිනා ගත යුතු හොඳ හිතට දිරි
කත­රට වැසි ලෙසින් වේවා සෙනෙ­හෙ­ පිරි

අබ්දුල් කේ. සාදි­කීන්


අසි­රිය

දිලෙන රන්තරු රැසින් සුදු බුදු කිරණ විහි­දෙති
පිපෙන වන මල් මතින් බුදු සුවඳ පැති­රෙති
ගයන බැතී ගී හඬින් බුදු ගුණම පැවැ­සෙති
දෙරණ බුදු මඟු­ල­ටය තුන් හෙළය සැර­සෙති

ගමක් නෑරම කරන පිළි­වෙත්ය අඩු නැති
ගෙයක් ගානෙම ඇහෙන දහම කන් පින­වතී
තෙරක් නැහැ හැම තැනම බුදු සමිඳු සම­රති
වෙසක් මහ අසි­රි­යෙන් හෙළ දෙරණ බබ­ළති

සරත් ධර්ම­සේන


 සංසාරේ පින් පුරමි

වෙසක් සඳේ එළි­යෙන් ලොව නැහැවෙනවා
ගහ­කොළ අතු රිකිලි මල් පල­බර වෙනවා
හිමි දෙසු දහම් මඟ යළි යළි සිහි වෙනවා
මිනිස් සිත් සතන් දැහැ­මින් පැහැ දෙනව

ඡන්ද ද්වේෂ භය මෝහය පෙරටු කොට
සිය­ලුම දුෂ්ච­රිත සිදු­වන්නේ එවිට
බුදු බණ මතක් කර සැන­සුම ගෙන සිතට
පිළි­වෙත් පුරමු මේ වෙසඟේ පෝ දිනට

සල් සපු නා මලින් බුදු සිරි පා පුදමි
තෙරු­වන් සරණ ලැබ සිත සනසා ගනිමි
ලෝකය වෙතට මෙත් කරුණා ගුණ වඩමි
නිවට යන්න සංසාරේ පින් පුරමි

අමිතා කුමාරි දිවා­රත්න


කත­රින් එතෙ­රට

ලොව ඇති සැටිය පෙන්වන සිව්­සස් දහම
කව­රෙ­කු­ටත් නොමැත හිමි­ස­ඳුගේ දැක්ම
බව කත­රින් එ‍ෙත­රව සැන­සුම ලැබුම
ලොව ඇති එකම මඟ වේ සමි­ඳුගෙ දහම

ඔබ­ටත් මටත් සිරි සුබ වෙස­ඟක් වේවා
ලොව­ටම මිහිරි බුදු ගුණ නිති සිහි වේවා
මෙත් කරුණා සිති­විලි නිති ඇති වේවා
බව කත­රින් නැඟෙනට මඟ පෑදේවා

ඒ. නන්දි­සේන ඉන්ද්‍ර­සේ­කර


ලොවින් උතුම්

ලොව අන් හැමට වැඩි­යෙන් ගරු සරුය සෙට
රහ­සින් වුවත් පව් නොක­ළෙය කිසිම විට
මැන­වින් දකි­ත හැක එය නුව­ණැති ඇසට
'අරහං' යෙදුම සුදු­සුය බුදු සමි­ඳුන්ට

පේම­සිරි මුණ­සිංහ


වෙසක් සඳ වගෙයි නිල­ඹර බුදු තෙම­ඟුල සිහි­ගන්වා
ගසක් වැලක් කොළ ගානට සුව­ඳැති මල් හිනැ­හෙන්නා
ඇසක් වගෙයි හිමි දෙසු දම් නිව­නට යහ මඟ­ පෙන්නා
පසක් කරන් බුදු බණ පද පින් රැස් කර සැන­සෙන්නා

දාන ශීල භාව­නාව පෙර­මුණු කර­ගෙන එන්නේ
පේන පේන හැම අත­කම නොම­සුරු දන් සල් දෙන්නේ
හින කරන්නේ කෙ‍ෙල­සුන් මෙත් කරුණාවෙන් වන්නේ
පීන පීන ගුණ සයුරේ බුදු තෙමඟු සම­රන්නේ

කිරි සුදු පැහැ­යෙන් සැර­සුණ සිල් ඇත්තන් පන්ස­ලේය
හරි හරි­යට තොරණ බඳින ගැට­යන් තුන් මංස­ලේය
සරි කර දෙන රස­ම­ස­වුළු යෞව්ව­න­යන් දන්ස­ලේය
පිරි­සුදු ධර්ම‍ෙය බල­යෙන් හද­වත් සන්සුන් කළේය

රත්නා ලංකා අබේ­වි­ක්‍රම


පා පියුම් නම­දිමි

පහත් කුල­යෙහි ජනිත වීලා
නේක අව­මන් ලබා මෙලො­වින්
දුකින් ළතැ­වුණ දන හටද
පිළි­ස­රණ වී මෙත් කුලුණු ගුණ­යෙන්
ලොවුතුරා සෙත සුවේ ගෙන දුන්
සන­සවා දම් අමා මිහි­රෙන්
අසම සමවූ බුදු පියා­ණන්
මලින් පුදදී වඳිමි බැති­යෙන්

ඇම් .ඒ.ජය­සිරි


වඳිමු -පුදමු

දොළො­ස්මහේ එක මස­කදි මහ දන මන සැන­සෙන
වෙසක් මසේ පුන් පෝදා ගුණ දහමේ යෙදෙ­මින
පස් පව් ගැන මොහො­තක්­වක් නොසිතා අට සිල් අති උත්තම වෙසක් පෝය සම­රමු බුදු ගුණ දැන

තුන් ලෝ ගුරු සම්බුදු හිමි තෙම­ඟුල සිහි­කර සොඳ
පුන් පෝදා වෙසක් සිරිය දස අත පැති­රෙන සඳ
සන්තා­නය බුදු බැති­යෙන් පිපි මල් පොකු­රක් ලෙද
සාදු සාදු බුදු සිරිපා වදිමු පුඳමු අපි අද

අග­නු­වර කේ. නන්ද­දාස
 


සිල් සුවඳයි දම් සුවඳයි

තුන් බුදු මඟුල යළි සිහි­යට නැගෙන විට
රන් කොත තුළින් බුදු හිමි පෙනෙ­නවා මට
දන්සල තොරණ සැදෙ­මින් සිත සතුටු කොට
පින් බිම සරු කරයි නව එළි දෙමින් හෙට

සිල් ගුණ සුවඳ විහිදී අද සැම පැත්තේ
නිල් මානෙල් පිපෙයි නිල් ජල නල මත්තේ
පැල් පත තුළද රන් වන් පහ­නකි ඇත්තේ
දැල්වෙන අයුරු දැක සිත සනසා ගත්තේ

මොහ­ඳුර පර­ද­මින් ආලෝ­කය දකිමු
සහ­යෝ­ගය තුළින් අස­ම­ගිය ද නිවමු
ගහ කොළ මල් ලෙසින් අපි එක් වී සිටිමු
දහ­මට අනුව දිවි­මඟ සරසා ගනිමු


කරු­ණා­දාස සපු­තන්ත්‍රී


පින්බර වෙසඟ

රජ සිටු මැඳුර දුගී පැල්පත අත් නොහැර
සැම හට සමව මනු­හිමි කම් දුන් වීර
සැකි කුල තිලක වන් හිමි­යන් සමර කර
ලොව දස දෙසම පැති­රෙයි වෙසඟ සිරි සර

බුදු මැඳු­රෙන් ඇසෙන සිරි බුදු ගුණ නාදේ
බෝපත් සලා මඳ­නල සම­ඟින් විහිදේ
දිය නෙත් හිමිගෙ තෙම­ඟුල් දින සිත් සුවඳේ
වෙසඟේ සිසිල පතු­රයි පුර වෙසක් සඳේ

එම්. එම්. සුග­ත­දාස


තෙම­ඟුල් දිනේ

ඉපදී බුදුව පිරි­නි­වට වැඩිය දින
තුන් බුදු මඟුලෙ නෙක අසි­රිය විදින දන
හිමි පුද­නු­වට වැද තෙල් මල් අතට ගෙන
වෙහෙ­රට ඇදෙති සුදු­වත හැඳ මතුව පින

සැම නි‍ෙව­ස­කම එසැවී ඇත බොදුනු දද
ගස් වැල් පරි­ස­රය ඵල බර සුවෙනි අද
පෙර­ටුව කරු­ණාව මුදිතා මෙතිනි හද
සම­රමු වෙසක් මෙව­රත් පිළි­වෙ­තට වැද

දෙන්නට පැහැ­දිලා සැම දෙනෙ­කුම සැමට
එන්නට ඇරි­යුම්ය තම දන්සල වෙතට
සැන­සිලි සුව ගෙනේ කරු­ණා­බර සිතට
සුබ මංග­ල්ල­යකි අද මුළු බොදු ලොවට

සුග­තිඳු ගුණ ගැයේ හැම අත­කම වාගේ
මැසි­විලි දුක් අඳෝනා කිසි­වක් නෑහේ
දන් සිල් බවුන් වඩ­මින් රුදු බව ඕගේ
තර­ණය කරති වැද අද මහ වට දාගේ

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන

Comments