නවසීලන්ත නෙට්බෝල් තරගාවලිය ඇරැඹේ | Page 12 | සිළුමිණ

නවසීලන්ත නෙට්බෝල් තරගාවලිය ඇරැඹේ

කාන්තා නෙට්බෝල් (දැල්පන්දු) ක්‍රීඩාවේ ප්‍රබලතම රටක් ලෙසට නවසීලන්තය හැඳින්විය හැකිය. එම මට්ටම තව තවත් වැඩි දියුණු කිරීම සඳහා මෙම වසරේ සිට නව තරගාවලියක් පැවැත්වීමට නවසීලන්ත නෙට්බෝල් ආයතනය තීරණය කළේය. එම තරගාවලිය හැඳින්වෙන්නේ නවසීලන්ත ප්‍රමුඛ පෙළ ලීග් නෙට්බෝල් තරගාවලිය ලෙසටයි.

මෙම තරගාවලියට කණ්ඩායම් 06 ක් සහභාගි වේ. තරගාවලිය මෙම වසරේ මාර්තු මස සිට ජුනි මස දක්වා පැවැත්වීමට නියමිතය. එහිදී පැවැත්වෙන මුළු තරග ගණන 47 කි.

නොදර්න් මිස්ටික්ස්, නොදර්න් ස්ටාර්ස්, වයිකාටෝ බේ ඔෆ් ප්ලෙන්ටි මැජික්, සෙන්ට්‍රල් පල්ස්, මෙයින්ලන්ඩ් ටැක්ටික්ස් සහ සදර්න් ස්ටීල් යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වේ.

Comments