
බුකර් සම්මානයෙන් පිදුම් ලද රිචඩ් ෆ්ලැනගන් ගේ අදහස වන්නේ අද දවසේ අතපසු වීම් විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බවයි. මේ සියල්ලට සාහිත්‍යයෙන් විසඳුම් සපයාගත හැකියි. අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසන්නේ සාහිත්‍යයෙන් ද බොහෝ විසඳුම් ලැබිය හැකි බවයි. සාහිත්‍යය යනු ජීවිතයට බලාපොරොත්තුවක් ගෙන දෙන්නක්. ඒ බලාපොරොත්තුව මිනිසා ස්ථිරසාර කිරීමට හේතුවක් වනු ඇත. ට්‍රම්ප් ගේ ජයග්‍රහණය විශිෂ්ට වූවක්. මිනිස්සු ඔහුගේ දේශපාලන චින්තනය කෙරෙහි විශ්වාසය තැබූවේ මහත් බලාපොරොත්තුවකිනි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳ ජනතාව නව අර්ථකථනයක් ලබාදුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රිචඩ් ෆ්ලැනගන් පවසන ආකාරය බූකර් සම්මානය ලැබීමෙන් ඔහු ලද ජයග්‍රහණය ද එවැන්නක් බවය. ට්‍රම්ප්ට දේශපාලන ජයග්‍රහණයක් ලැබිය හැකි වූයේ සන්නිවේදනයේ ඇති ප්‍රබලත්වය හේතුවෙනි. ඕනෑම දෙයකට වෙනස් ආකෘතියක් තිබිය යුතුයි. ට්‍රම්ප්ගේ දේශපාලනයට එවැනි වෙනස් ආකෘතියක් තිබිණි. රිචඩ් රචනා කළ කෘතියට ද එවැනිම වෙනස් ආකෘතියක් තිබිණි. මේ ආකෘතිය ජනතා කැමැත්ත ලැබෙන ආකෘතියක් විය. බොහෝ විට වර්තමානයේ පුද්ගලයන් කැමැති වන්නේ ජනප්‍රිය ආකෘතියකටයි. ට්‍රම්ප් මෙවැනි ආකෘතියක් අනුගමනය කළේ තමන්ගේ ඡන්දායකයන් දිනාගැනීමටයි. එහෙත් සාහිත්‍යයේ දී ඒ කිසිවක් කිරීමට නොහැකිය. සාහිත්‍යයේ දී වඩාත් වැදගත් වන්නේ නිර්මාණාත්මක දෙයක් පාඨකයන්ට ඉදිරිපත් කිරීමය. මේ ඉදිරිපත් කිරීම පිළිගත යුතු ආකාරයකට ඉදිරිපත් කළ යුතුයි. අද ලේඛකයන් ද එවැන්නක් කළයුතුයි. නැතිනම් පාඨකයන් අතර රැඳීමට නොහැකිය. විශිෂ්ට ලේඛණයක් සිදු කිරීමේදී එය පාඨක පිළිගැනීම අනුව ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න විමසා බැලියයුතුය. වර්තමානයේ බොහෝ ලේඛකයෝ සාහිත්‍යය ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස හඳුනාගෙන තිබීම කනගාටුවට කරුණක්. මේ නිසා පාඨක මනස හඳුනාගැනීම වැදගත්. මා හිතන්නේ අප කුමන හෝ ආකාරයක ඉදිරිපත් වීමක් කරනවා නම් අනෙකා හඳුනාගැනීම අත්‍යවශ්‍යයි.
ට්‍රම්ප් හඳුනා ගත්තේ ජනතා මනසයි. මේ නිසා දේශපාලනය සටනක් නොකරගෙන දිනාගන්න ඔහුට හැකිවිය. හැකියාවත්, නිර්මාණාත්මක බවත්, එය පෙළ ගැස්වීමටත් , ඉතා වැදගත්, විශිෂ්ට බවට පැමිණීමට නම් බොහෝ කැපවීම් කිරීමට සිදුවේ. දේශපාලනඥයෝ එවැනි කැපවීම් කරති. රිචඩ් පවසන ආකාරයට සාහිත්‍යවේදීන් ද එවැනි කැපවීම් කළ යුතුය. මේ කැපවීම සෑම පුද්ගලයකුට කළ නොහැකි වීම කනගාටුවට කරුණකි. අද බොහෝ පුද්ගලයන් හුදෙක් මම යන පරමාර්ථයෙන් කෘතියක් දෙස බැලීම එම කෘතිය සාර්ථක නොවීමට එක් හේතුවකි. මේ නිසා පරාර්ථකාමී අදහසින් කෘතියක් දෙස බැලීම සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන්ම කළ යුතුය.