
එයාර් ලංකා ගුවන් සමාගෙම් ගනුදෙනු, එහි වර්තමාන තත්ත්වය සහ පවතින දේශපාලන වටපිටාව පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා සමඟ කළ සාකච්ඡාවකි.
• බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර ඇමැතිවරුන්ම ඉන්නේ මත දෙකක. මේ පිළිබඳ ඔබේ අදහස..?
ඒ සම්බන්ධයෙන් කතා කරන්න කලින් මේ චෝදනා නඟන අය ගැන සොයා බලන්න ඕනෑ. ඇඟේ මඩ තවරාගත් උදවිය මේ ගැන කතා කරන එක විහිළුවක්. මේ රටේ විනය, නීතිය සම්පූර්ණයෙන්ම අවුරුදු දහයක් කඩාකප්පල් කරලා හොරකම් කරපු උදවිය අද සුදුහුණු ගාගන්න හදනවා. එදා මේ වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනකුට කොන්දක් තිබුණේ නැහැ. මේ රටේ ප්‍රථම වතාවට ආණ්ඩු බලයක් තිබියදී යම්කිසි චෝදනාවකට ලක් වුණු නිලධාරීන් සම්බන්ධයෙන් කෝප් පරීක්ෂණයක් පවත්වන්න ආණ්ඩුව විසින්ම නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විසින්ම විපක්ෂ මන්ත්‍රීවරයකු කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට නිර්දේශ කර තිබෙනවා. සියලු පක්ෂ එකතු වෙලා තීන්දු සහ තීරණ ගත්තා. මේ පරීක්ෂණය සඳහා කෝප් වාර්තාව ඉදිරිපත් කරන්න, ඒ වගේම වාර්තාව ආණ්ඩුව විසින්ම නීතිපතිවරයාට යොමු කරන්නත් තීරණය කර තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද? කෝප් කමිටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලුවාම ඒ සම්බන්ධයෙන්ද අවස්ථාවක් දීමට කටයුතු කළා. කොයි ආණ්ඩුවේද මේ වගේ විනිවිදභාවයෙන් සාධාරණ ආකාරයෙන් කටයුතු කළේ?
• ඔබ කියන විනිවිදභාවයක් තිබුණා නම්, ආණ්ඩුව සාධාරණ ආකාරයෙන් කටයුතු කළා නම් මේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිසමකුත් පත් කිරීමට තීරණය කර තිබෙන්නේ ඇයි?
අප සියලු දෙනා රජයක් හැටියට මේ ජනාධිපති කොමිසමට එකඟයි. ජනාධිපති කොමිසමක් පත් කිරීමට සහ තවත් මෙය විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ අප වඩාත් එකඟයි. රජය මේ සඳහා සම්පූර්ණ සහයෝගය දෙනවා. යහපාලනය එක් කණ්ඩායමකට පමණක් සීමා වූවක් නොවෙයි. අද මේ රටේ තියෙන්නේ සැම දෙනාටම එක් ආකාරයටම ක්‍රියාත්මක වන යහපාලනයක්. වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමටයි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙන්නේ. වැරදිකරුවන්ට අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලබා දීමටයි මේ කමිටුව පත් කරනු ලැබුවේ.
• මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවා තිබෙනවා නේද? මේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ පරීෂණයෙන් අනතුරුව වරදකරුවන් බවට අදාළ සමාගම පත් වුව හොත් අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් දිය යුතුයි කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා නේද? එසේ වරද කරුවන් වුවහොත් මේ අත්හිටුවූ ගිණුම්වලට සිදු වන්නේ කුමක්ද?
ඕනෑම ආයතනයක් රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කර තිබෙනවා නම් රටේ නීති ප්‍රතිපාදන අනුව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. එය මේ අදාළ ආයතනයටත් ඒ ආකාරයටම නීතිය ක්‍රියාත්මක වෙයි.
• පසුගිය රජය සමයේ පාඩු ලබන ආයතන දිගටම නඩත්තු කරන්න ප්‍රතිපාදන ලබා දෙන්න අපහසු බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා නේද? මේ ආයතනයත් ආදායම් ලබන ආයතන බවට පත් කරන්න ඉදිරි සැලසුම් කෙබඳුද?
මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළා වගේම පාඩුව අවම කර ආදායම් ලබන ආයතන බවට පත් කිරීමයි අපේ උත්සාහය. මම ඒ මතයට එකඟයි. පසුගිය කාලයේ හොරකම් කරලා විනාශ කළ සමාගමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම. මේ ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුතුයි කියා මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා. විශාල කාලයක් පුරා පාඩු ලැබූ ආයතනයක් සිමීත කාලයක් තුළ ලාබ ලබන ආයතන බවට එක් වර පත් කරන්න අමාරුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපට ලැබෙන කොට තිබුණේ, වළ දාන්න ඕන තත්ත්වයකයි. බංකොලොත් කරලා විනාශ කරලා තිබුණ ආයතනයක් තමයි අපි මේ ගොඩ දාන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රතිව්‍යූහගත කිරීමටත් යම් කිසි කාලයක් ගත වෙනවා. සුදුසු ආයතනයක් සමාගමක් මේ සඳහා තවම නිශ්චිතව තෝරාගෙන නැහැ. මේ වසරේදීත් ප්‍රතිපාදන අවශ්‍ය වන බව අපි මුදල් ඇමැතිවරයාට දන්වා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ වසරටත් අපට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙයි කියා. 2015 වසරේ අපි මේ ගුවන් සමාගම භාර ගන්නා විට ගුවන් සමාගමේ ශුද්ධ ණය හා වෙනත් ගෙවිය යුතු බිල් පත් සහ බැංකු ණය ප්‍රමාණය රුපියල් කෝටි 15000ක් වුණා. ගුවන් සමාගමට එදා අත් වී තිබුණු ඉරණම එයයි. මේ ණයවලින් තවත් දකුණු අධිවේගී මාර්ග එකහාමාරක් හදන්න තිබුණා; පාසල් හැත්තෑවක් හදන්න තිබුණා; රෝහල් හදන්න තිබුණා. මේ මුදල් නාස්තියෙන් මේ රටේ බොහෝ දේවල් කරන්න තිබුණා.
• මේ ප්‍රතිව්‍යූහගත කිරීම සිදු කිරීමට කොතරම් කාලයක් ගත වේවිද?
දැනට සිදු වෙමින් පවතිනවා දිනවකවානු නිශ්චිතව කියන්නට අපහසුයි. මේ සඳහා යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව ආයෝජකයන් සොයාගන්න අවශ්‍යයි. ඒ කොන්දේසිවලට ඒ අය එකඟ විය යුතුයි.
• ඒකාබද්ධ විපක්ෂ කියනවා 'ටොප් ටෙන්' ලිස්ට්-එකේ ඔබත් ඉන්නවා කියා. ඒ චෝදනාව පිළිබඳ ඔබගේ අදහස..?
ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. ඒ උදවිය කියන ඔය ටොප්ටෙන්-එකේ මම හිටිය නම්, මම ඉන්න ඕන ඇතුළේ. එහෙම වැරදි කරලා තියෙනවා නම් ඒ දේවල් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න ඕනෑ. බොරුවට කිව්වට වැඩක් නැහැ.
• ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය කෙබඳුද?
මේ ගුවන් සමාගම පිළිබඳ තවමත් මම සතුටු වෙන්නේ නැහැ. ඒත් තිබුණු තත්ත්වයට වඩා අද වන විට යහපත් තත්ත්වයකට පත් වෙමින් පවතිනවා. දැනට පාඩුව පසුගිය වසරවලට වඩා අවම වෙලා තිබෙනවා. තාම ලාබ ලැබෙන තත්ත්වයට පත් වෙලා නැහැ. ප්‍රාග්ධනය පිළිබඳව මේ වන විට ලොකු අර්බුදයක් තිබෙනවා. අපි විශාල ණය කන්දරාවක පැටලිලා ඉන්න නිසා අපිට තනිවම මේ සමාගම ගොඩ ගන්න නොහැකි තත්ත්වයක් තිබෙන්නේ. පාඩුව පියවගෙන අලුතින් ආයෝජනය කරන්න නම් අපිට ආයෝජකයන් අවශ්‍යයි. දීර්ඝ ගුවන් සේවාවන් නතර කිරීමට අපි තීරණය කළා. මේ දීර්ඝ ගමන් සේවා මගින් පසුගිය කාලයේ විශාල පාඩුවක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි මුලින්ම පාඩුව අවම කරන්න මේ තීරණයක ගත්තා. ඒ වගේම පසුගිය රජය සමයේ ඇණවුම් කළ 350 / 900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන මිල දී ගත්තා නම් රජයට නඩත්තු කටයුතු මෙන්ම කල්බදු සඳහා ගෙවීමට අධික මුදලක් වැය වෙනවා. මෙය අපේ රටට දැරිය නොහැකි පාඩුවක්. අපි ඒ ගමන්මාර්ග අවම කරලා අපිට ගුවන් ගමන්වලදී සුදුසු මාර්ගවල පමණක් ගමන් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරනවා. • ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇණවුම් කළ 350 / 900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිල දී ගැනීම අවලංගු කරන්න රජයට ඇමරිකානු ඩොලර් මිලියන අනූඅටක මුදලක් අහිමි කළ බවට හා ඒ ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු ඇමරිකානු ඩොලර් මිලියන දහයක කොමිස් මුදලක් ගත් බවට චෝදනාවක් තිබෙනවා...?
මේවා ව්‍යාජ චෝදනා. ඒ උදවියගේ කාලයේ සිදු වූ ගනුදෙනුවල අනිසි ප්‍රතිඵලයි අද අපි භුක්ති විදින්නේ. ඒ ගුවන් යානා තුන සදහා දඩ මුදල් සමථයකට පත් කර නොගත්තා නම් එක ගුවන් යානයකට ඩොලර් බිලියන එකයි දශම හතර බැගින් ගුවන් යානා හතරට මාසිකව කල්බදු ගෙවීමට සිදු වනවා. ඒ අනුව වසර දොළහට මාසිකව කල් බදු පමණක් ඩොලර් බිලියන අටසිය හයක් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම 2008 වසරේ ශුද්ධ වටිනාකම් වත්කම රුපියල් කෝටි එක්දහස් පන්සියයක් වූ අතර, එය 2015 වන විට ශුද්ධ වටිනාකම් වත්කම් ඍණ රුපියල් කෝටි හත්දහස් හාරසීයක් වෙනවා.ඒ අනුව ඕනෑම කෙනකුට පැහැදිලියි වත්කම්වලට වඩා බැරකම් ඉහළ බව.
• ඒකාබද්ධ විපක්ෂය පසුගිය 27 වැනිදා නුගේගොඩදී පැවැත්වූ රැලිය සම්බන්ධයෙන් ඔබේ අදහස...?
මීට පෙරත් පාගමන් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා පාගමනට සහභාගි වුණා කියලා ඇතැමුන් කිව්වා. මේවා විහිළු කතා. ජනතාව ඉල්ලපු වෙනසයි අද මේ ඇති වෙලා තිබෙන්නේ.
• හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියනවා මේ රජය පෙරළා දමා ශ්‍රීලනිප රජයක් පිහිටුවන බව...?
මහින්ද රාජපක්ෂට කිසිදු දිනක යළි බලයට එන්න බැහැ කියලා මා ඉතා පැහැදිලිව කියනවා. කාට වත් ඕනෑ විදිහට ආණ්ඩු ඇති කරන්න පෙරළන්න බැහැ. මේ රටේ ජනතාව නියමිත වෙලාවට ඒ දේ කරයි.