විද්යුත් මාධ්‍ය විසින් ජනතාව ගොනාට අන්දවා ඇතැයි යන්න සාහසික ප්‍රකාශයක් ලෙසින් බැලූ බැල්මට පෙනී යයි. එහෙත් ටිකක් කල්පනා කරන විට මෑත කාලයක සිට සිදුවන්නේත් අද සිදු වෙමින් පවතින්නේත් එය බව පෙනී යයි. කලකට පෙර කීවේ දේශපාලනඥයන් විසින් ජනතාව කඩේ යවන බවය. එහෙත් අද එයටත් වඩා සිදු වන්නේ මාධ්‍ය විසින් ජනතාව කඩේ යැවීම බව කිව හැකිය.
ඒ සමඟ ම කිව යුතු තවත් කරුණක් තිබේ. අතීතයේ දී සාහිත්...