ගොම්මන් අඳුර මතට හිරුගේ අවසන් කිරණ වැටී අමුතු ම ප්‍රභාවක් පරිසරය පුරා පතුරුවා තිබේ. ඒ කිරණ වලාකුළුවල අන්තිම කොන පමණක් දීප්තිමත් කර සැදෑ අහසේ රන් නූලෙන් වැඩ දැමූ සුදු සේලයක අසිරිය නිර්මාණය කර තිබේ. දෙව්ලොවට යන පාර සදිසි ඒ වලාකුළු කැල අතරින් එක්වර මතු වූයේ අහස්යානයකි. අහස්යානයේ ශබ්දයෙන් මුළු පරිසරය ම එක්වරම ගල්ගැසුණි. කැදලි කරා පියඹමින් සිටි සුදෝසුදු කොක් රෑනක් එකී ශබ්දයෙන්...