වෙනදාට වඩා වැඩි ගෝරනාඩුවක් වැව් පිටිය දෙසින් ඇසෙන්නට පටන් ගෙන හෝරාවක් දෙකක් ගත වී ඇත. සවස් වෙද්දී එකා පසු පස එකා බැගින් එකසිය පනහක් දෙසීයක් පමණ වන වනඅලි රංචු වැව් පිටියට පැමිණ නිහඬවම තණ පත් බුදීම මේ දිනවල සුලභ දසුනකි. ඒ අතරේ රැළෙන් කිහිපදෙනෙක් වැව දෙසට ඇදෙන්නේ වතුර පොදක් බොනු රිසියෙනි. එසැණින් ජලයෙන් නික්ම වැව් පිටිය වෙත ඇදී එන්නේ තණ කොළ කෑමටය. ජලා...