මා සිටින්නේ පුරාවෘතයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පුර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වු බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුවයය. සලපතළ මළුවේ දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති මේ කුඩා ශෛලමය චෛත්‍යය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවෙකි. කුඩා දිය බුබුළක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපුරුව මම දකිමි. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ තැන්පත්...