මුලින් පවත්වන්නේ පළාත් සභා මැතිවරණය විය හැකි වුවත් ලබන නොවැම්බරයට පෙර ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්විය යුතුය. ඒ ජනාධිපතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා වෙනදා තරම් බලසම්පන්න වන්නේ නැත. ඊට හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ සමහර තටු කපා දමා ඇති බැවිනි.
එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් තෝරා පත් කර ගන්නේ දැයි පැහැදිලි නැත. අග්...