(දෙසැ. 13 වැනිදාට යෙදෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 23 වැනි අනුස්මරණය නිමිත්තෙනි)
නුගේගොඩ, උඩහමුල්ලේ, තලපත්පිටිය පාරේ 7/16 දරන ක්ලැරන්ස් විජේවර්ධනගේ නිවසින් නික්මුණු ඔහුගේ රිය ඇඹුල්දෙණිය හන්දියට ළඟා වෙමින් තිබුණි. රිය පැදවුයේ ද ක්ලැරන්ස්ම ය. අසල ඉදිරි අසුනේ සිටියේ ඔහුගේ සිඟිති දියණිය අමිලා ය. පසුපස අසුනේ මම සිටියෙමි. වැස්සකුත් වැටුණා මෙන් මට මතකය. වේගයෙන් ඇදුණු රිය ඉද්ද...