
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
මේ බව පැවසෙන ලිපියක් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි 15 වන වගන්තියේ පක්ෂ සභාපතිවරයා වශයෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 15 වන වගන්තියේ i (ඇ) යටතේ ඔබගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (05) දින සිට තහනම් කරනු ලබන බවත්, ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා වශයෙන් තවදුරටත් වැඩ කිරීමට ද ජයසේකර මන්ත්‍රීවරයාට හැකියාවක් නොමැතිබවත් දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම ලිපිය යොමු කර ඇත.
ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්තාවේ 15 වන වගන්තියේ i (ඇ) යටතේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඉදිරි දින 14 ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය එවීමට කටයුතු කරනු ලබන බවත් එම ලිපියේ සඳහන් වේ.
තවද ශ්‍රීලනි පක්ෂ ව්‍යවස්ථාවේ 16 වන වගන්තියේ දේශපාලන මණ්ඩලයේ ix වන ඡේදය යටතේ සභාපති සහ දේශපාලන මණ්ඩලයට පැවරී ඇති බලතල ද මේ අනුව ක්‍රියාත්මක වන බව දැනුම්දී ඇත.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට දැනුම්දීමක් කර ඇති බව ද වාර්තා වේ.