
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මඟින්14 වෙනි වරට සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සැප්තැම්බර් 1 වැනි සිකුරාදා පස්වරුවේදී විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැති අතර එහිදී 2022 වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත්ගේ ‘ගිරිජා’ නවකතාව සම්මානය හිමිකර ගත්තේය. මෙම උලෙළේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසිනි.
විදර්ශන ප්‍රකාශනයක් වූ ගිරිජා නවකතාවට හිමි සම්මානය එහි කතුවරිය වූ මනෝහරී ජයලත්ට සරසවි පොත් සමාගමේ සභාපති එච්. ඩී. ප්‍රේමසිරි විසින් පිරිනැමූ අන්දමයි මේ.
මෙම ඡායාරූපයේ ප්‍රධාන අමුත්තා වශයෙන් උත්සවයට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ, මානව ශාස්ත්‍ර සහ සාමාජීය
විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද, ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ද මෙහි වෙති.
සේයාරුව - චින්තක කුමාරසිංහ