‘දර්ශගේ සිත්තම්‘ පස්වැනි වරටත් සැප්තැම්බර් 01 වැනිදා ඇල්පිටියේ දී... | Page 3 | සිළුමිණ

‘දර්ශගේ සිත්තම්‘ පස්වැනි වරටත් සැප්තැම්බර් 01 වැනිදා ඇල්පිටියේ දී...

සිතුවම් කලාවේ ප්‍රවීණයකු වන දර්ශ කපුගේ විසින් පවත්වනු ලබන ඒක පුද්ගල සිතුවම් දැක්ම ලබන සැප්තැම්බර් 1 වැනිදා ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලයීය රූපා කරුණාතිලක රඟහලේදී පැවැත්වේ.

ආදි ආනන්දීය 89-92 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන මෙම සිතුවම් දැක්ම ‘දර්ශගේ සිත්තම්‘ නමින් එදින උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පෙ.ව. 9.00 - ප.ව.2.00 දක්වා පාසල් දරුවන් සඳහා පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් බෙදාදීමේ වැඩසටහනට වෙන්කර තිබීම ද විශේෂත්වයකි. ප.ව. 2.00 සිට රාත්‍රී 8 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. 

තම හැකියාව මෙරටට පමණක් සීමා නොකළ දර්ශ පසුගිය මැයි මස ඉතාලියේ වෙරෝනා සහ මිලානෝවල චිත්‍ර ප්‍රදර්ශන දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ තම හැකියාව මෙරටට පමණක් සීමා නොවන්නටය. අනතුරුව නුවර ප්‍රදර්ශනයෙන් පසුව පවත්වනු ලබන මෙය ඔහුගේ පස්වැනි චිත්‍ර ප්‍රදර්ශනයයි. විවිධ තේමාවන් ඔස්සේ යමින් කාටූන්, චිත්‍ර නිර්මාණ මෙන්ම තෙල් සායම්, දිය සායම්, පැස්ටල්, පැන්සල් සහ ඇක්‍රිලික් වැනි විවිධ මාධ්‍යන්ගෙන් සහ ශෛලීන්ගෙන් හැඩවන මෙම සිතුවම් දැක්මට සිතුවම් 200ක් පමණ ඉදිරිපත් කෙරෙන්නේ ඔහු මෙතෙක් ලද දෙස් විදෙස් අත්දැකීම් අනුසාරයෙනි.

Comments