වසන්තයේ අග දශක පහක මධුර මතක රැෙගන එන ෙග්ය පද රචකයා | සිළුමිණ

වසන්තයේ අග දශක පහක මධුර මතක රැෙගන එන ෙග්ය පද රචකයා

 

වසන්තයේ අග හමුවෙමු සොඳුරේ, නෙක උයන් වතු මැදින්, මැද මිදුලට සඳ වැටිලා, සුපෙම් හැඟුම් ඔබෙන් එපා.... ආදී ප්‍රේම ගීත අදත් ඇසෙන විට සිත සැනසෙයි ... විටෙක සිත සියුම්ව රිදෙයි ... තවත් විටෙක සැඟව තිබු මතකයන් අලුත් වී ඇසට කඳුළක් ද නැගෙයි. දශක කිහිපයක් පැරණි වුවද මේ ගීත අදත් නැවුම්ය. ඒ ගී පදවල හිමිකරු වන්නේ ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයකු, පුවත්පත් කලාවේදියකු, නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම විවිධ සාහිත්‍ය අංශයන්වල දස්කම් පෙන්වන කපිල කුමාර කාලිංගය.

දශක පහක කාලයක් තුළ ඔහු සාහිත්‍ය යේ විවිධ පැති සඳහා කළ මෙහෙය ඉමහත්ය. සිය කලා දිවියට දශක පහක් පිරීම නිමිති කොටගෙන තමන් විසින් ලියන ලද ගීත නිර්මාණ අතරින් තෝරා ගත් නිර්මාණ ඇතුළත් ප්‍රසංගයක් දශක පහක “මධුර මතක“ ගීතමය ආවර්ජනය සැප්තැම්බර් 09 සෙනසුරාදා පස්වරු 7.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

“මගේ කලා දිවියට දශක පහක් පිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රසංගය පවත් වන්නේ. මම විවිධ අංශයන්ෙගන් නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙහිදී මූලිකත්වය දෙන්නේ මා ලියූ ගීත නිර්මාණ සඳහා. 1983 වසරේ තමයි මම ගී ලිවීම ඇරඹුවේ. 1983 සිට 2023 මගේ මේ දශක පහක කලා ජීවිතයේ මා ලියූ ගීත අතරින් බොහෝම අමාරුවෙන් තෝරා ගත්ත ගීත 25 ක් තමයි මේ ප්‍රසංගයට ඇතුළත් වෙන්නේ. මම ගීත මහ ගොන්නක් ලියලා නැහැ. නමුත් ඒ ලියලා තියෙන ගීත අතරින් බොහෝමයක් අදටත් රසිකයන් අතර තියෙනවා. ඒ හැරුණාම දශක පහක ලිපි සරණියකුත් එදාට කෘතියක් හැටියට නිකුත් කරනවා.“

කපිල කුමාර කාලිංගයන් එසේ පවසන්නේ සැප්තැම්බර් නව වනදා පැවැත්වෙන වැඩසටහන ගැනය.

සැප්තැම්බර් 30 වනදාට සිය දිවි මඟෙහි හැත්තැ වෙනි සැතපුම් කණුව පසු කරන කපිල කුමාර එය ද මධුර මතක ප්‍රසංගය පැවැත්විම සදහා තවත් හේතුවක් කරගෙන ඇත.

පියසීලි කරුණාරත්න හා එස්. එස් කාලිංග යුවළට දාව උපන් කපිල සහෝදර දහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. ඔහුගේ උපන් ගම වූයේ නුවරය. මධ්‍යම පළාතේ චිත්‍ර කලා පරීක්ෂක ලෙස සේවය කළ කපිලගේ පියා ග්‍රන්ථ රචකයකු ද වේ. ලංකා කලා ඉතිහාස පොත ලියන ලද්දේ ඔහුගේ පියා වූ එස්. එස් සුබසිංහයන් විසිනි. නුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඔහු පාසල් වියේ සිටම තමන් අනාගතයේ කරන්න යන දේ පිළිබඳ සිහින දුටුවෙක් විය.

“ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉදලම මගෙ හීනය තිබුෙණ් නාට්‍යකාරයෙක් සහ පත්තරකාරයෙක් වෙන්න. මම ලේක්හවුස් ආයතනයේ පුහුණු වෙන්න ආවා. ඒ ඇවිල්ලා මාස තුන හතරක් විතර හිටියා. ඉන් පස්සේ දවස පත්තරේ ටික කලක් උප කතුවරයෙක් හැටියට හිටියා. ඒත් බොහෝම කෙටි කාලයයි. මම ඒ රස්සාව අතහැරියා. වෙළෙඳ ප්‍රචාරණ ආයනවල සේවය කළා. ඒ වගේම ගුවන්විදුලියේ බාහිර නිෂ්පාදකයකු, පිටපත් රචකයකු වශයෙන් සේවය කළා. වරින් වර විවිධ රැකියාවන් කරපු මම ලක්බිම පුවත්පත ඇරඹිමෙන් පසු නිදහස් මාධ්‍යව්දියකු ලෙසත්, විශේෂාංග කර්තෘ ලෙසත් එහි සේවය කළා. පාසැල් වියේ සිටම මම පුදුමාකාර විදිහට ලේඛනයට ප්‍රිය කළා.

ඒ වගේම මම ගුවන්විදුලි නාට්‍ය 150 කට වැඩි සංඛ්‍යාවක් ලියලා තියෙනවා. මේ වන විට මම පොත් තිස් දෙකක් ලියා තිබෙනවා. පළමුවෙනි වතාවට මම පොතක් ලිව්වේ මට අවුරුදු හැටේදී . ඒ පොත පියැසි කවුළු ව නවකතාව. පියැසි කවුළුව නවකතාවට විද්‍යෝදය සම්මානය ලැබුණා. මම වේදිකා නාට්‍ය කිහිපයක්ම කෙරුවා. 2019 දී කළ බැංකු වීරයා නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම ස්වතන්ත්‍ර නාට්‍යයට හිමි සම්මානය ලැබුණා. කිහිප වරක්ම මගේ නිර්මාණවලට රාජ්‍ය නාට්‍ය උලෙළවලදී සම්මාන හිමිව තිබෙනවා. “

සාහිත්‍ය ෙය් බොහෝ ඉසව් පසු කළ ඔහු වඩාත්ම ප්‍රිය කරන්නේ තමන් විසින් ලියන ලද ගීතවලටයි. ඔහු හා කතා බහ කිරිෙම්දී වැටහේ .

“මම යලට මහට ගී ලියූ කෙනෙක් මහ විශාල සංඛ්‍යාවක් ගීත නොලිව්වත් ලියූ හැම ගීතයක්ම වගේ බෙහෙවින් ජනප්‍රියයි. ප්‍රසංගය සඳහා ගීත තේරිමේදී මම බොහෝම අමාරුවෙන් මා ලියූ ගීත අතුරෙන් ගීත කිහිපයක් තෝරා ගත්තේ. එදාට වඩා අද මේ සමාජය වෙනස්. මම අසුව දශකයේ සිට ගීත ලියනවා. අද හරියට සිංදුවක් ලියලා මුහුදට දිය බින්දුවක් දැම්මා වගේ වැඩක්. අපේ කාලේ හොඳ ගීතයක් රචනා කළොත් එය ජනප්‍රිය වෙන එක කාටවත් වලක් වන්න බැහැ. ඒ කාලේ අද වගේ චැනල් ගණනාවක් තිබුණෙත් නැහැ. දවසට කිහිපවරක් එකම ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද තරුණ පරම්පරාවේ හොඳ ගීත තියෙනවා. නමුත් ඒවා ප්‍රචාරය කරන් න ඉඩක් නැති තරම්. ගීතයක් සාර්ථක වෙන්න නම් ලියන කෙනාගේ පද මාලාව හොඳ වෙන්න ඕන වගේම තනු රචකයාගේ, ගායකයාගේ දායකත්වයත් බොහෝ වටිනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ගීතයක් අසන්නන් තුළ ජනප්‍රිය වෙන්න නම් වාසනා ගුණයකුත් තිබිය යුතුයි කියලා. මම හිතනවා මටත් යම් ප්‍රමාණයක වාසනා ගුණයක් තිබුණා කියලා. එහෙම තිබුණ නිසා තමයි මම අසූව දශකයේ අනූව දශකයේ ලියු ගීත අදත් ජනතාව අතර තිබෙන්නේ. මධුර මතක ප්‍රසංගයේදී සංගීතය සපයන්නේ ආචාර්ය රෝහණ විරසිංහයන් විසින්. මෙහිදී සරත් ද අල්විස්, රෝහණ ධර්මකීර්ති, නවරත්න ගමගේ, චමින්ද සමරනායක ආදී සංගීතවේදීන් තනු නිර්මාණය කළ ගී නිර්මාණ ගැයෙනවා. මම වඩාත්ම කැමැති මා විසින් ලියන ලද ගී නිර්මාණවලට කිව්වොත් තමයි හරි.

කලාවෙ විවිධ ඉසව්වල සැරි සැරූ කපිල තවමත් ලේඛනයෙහි ක්‍රියාශිළිය. ඔහු තවමත් කුමක් හෝ ලියයි. තම උපන් ගම වන නුවර වී දිවිගෙවන ඔහු ජීවිතය සුවසේ ගත කරයි.

“ම ෙග් බිරිඳ ඉන්දුමතී ඒකනායක. ඇගෙන් මගේ ලේඛනයට නොමද සහායක් ලැබෙනවා. අපට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. හැම දෙයක්ම සමබර කරගෙන ජීවත් වෙන්නට මට හැකි වුණේ ඔවුන් මාව හොඳින් තේරුම් ගත්ත නිසයි.“

Comments