නෙළුම් කුළුණේ කුරුටු ගී ලියලා ඉවරයි | සිළුමිණ

නෙළුම් කුළුණේ කුරුටු ගී ලියලා ඉවරයි

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් ස්ථානය මේ වන විට නව වෙනසකට ලක් කර තිබේ. ඒ අනුව කුළුණේ නැරඹුම් ස්ථානයේ සිට අවට පෙනෙන කොළඹ ප්‍රසිද්ධ ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශන කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇත. 
 
එම පෙනෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුලත් කෙටි සටහනක් ද එහි එක් කර ඇතැයි සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම සදහන් කරයි. 
 
නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියේ පිහිටි බිත්තිවලට හානි කිරීම් පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා වූ අතර ඒවා නැවත පිළිසකර කිරීමට විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබුණි. 
 
මෙම නව වැඩපිළිවෙල යටතේ බිත්තිවලට හානි සිදු කළ නොහැකිවන ආකාරයට පුවරු සවි කර ඇත.
 
ඒ අනුව නෙළුම් කුළුනේ නිරීක්ෂණ මැදිරියේ හඳුනාගත් අභියෝග මත පදනම්ව, ක්‍රියාකාරී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කෙරේ. 
 
එසේම නව අධ්‍යාපනික නැරඹුම් ස්ථානයක් ලෙස නෙළුම් කුළුණ පිළිබඳ තොරතුරු ද මෙහි ප්‍රදර්ශනය කරනු ඇත. 

Comments